ඇයි දන්ත ධාතූන් වහන්සේව දළයක් වගේ පේන්නේ?
සතර දළඳා වහන්සේ යනු බුදු හිමිගේ රදනක (canine) දත් සතරයි. කෘන්තක සහ රදනක දතක විදුරුමසෙන් එලියට පැමිණ පෙනෙන්නේ ඉතා කුඩා කොටසක් පමණි. ඒ දතක වැඩි කොටසක් උලක් ස්වරුපයෙන් විදුරුමසෙන් වැසී හනුවට සම්බන්ධ වී තිබේ. රළු ආහාර කැපීම සහ ඉරීම පිණිස භාවිතා වෙන එම දත් ශක්තිමත් පාදමකින් යුතුව හනුවට සවි වී තිබීම අත්‍යාවශ්‍යය.
විශේෂයෙන්ම රදනක දතක් ගලවා වෙනම බැලූ විට එය සිහින් දිගටි වක් වුණ ස්වරුපයෙන් පෙනේ. එවිට එය කුඩා ඇත් දළයක් වැනිය. ඇතැම් අඳ බාලයන්ට අනුව ඌරු දළයක් වැනිය.
මේ තියෙන්නේ සාමාන්‍ය මිනිසකුගේ දත් 32 X-ray සටහන පෙනෙන ආකාරයි. බුදු හිමි අසමසම පුරුෂයෙකු නිසා උන්වහන්සේට අමතර චාර්වක (molar) දත් තිබී ඇති අතර මුළු ගණන 40 කි. අප වැනි බොහෝ අයට පිහිටන්නේ දත් 28 ත් 32 ත් අතර අඩු ගණනකි. මෙම සටහනෙහි පැහැදිළිවම රදනක (canine) දත් සතර දිගින් වැඩි සහ වක් වුණ ස්වරූපයෙන් පෙන්වා ඇත.
බුදු හිමිත් මිනිසෙක් නිසා උන්වහන්සේගේ දළඳා වහන්සේත් එසේමය. ඔබට දළදා මාළිගාවට ගියහොත් එය දැන් සැක හැර දැකගත හැකිය.
ඔය දෙවැනි කොලපාට රූපයේ තියෙන්නේ මෑත ඉතිහාසයේ මිනිසෙකුගෙන් ගලවනු ලැබූ දිගම රදනක දත ලෙස සැලකෙන දතෙහි රූපයයි. සුරාබ් ශ්රිනිවාස්තාවා නමැති ඉන්දීය දන්ත වෛද්‍යවරයා වයස 20 ක ඉංජිනේරු සිසුවෙකුගේ මුවින් මෙම දත ගලවා ඇත.
ඉතින් ඔබ දකින දන්ත ධාතුන් වහන්සේත් ඒ හැඩේමයි නේද? ඔය සැක සංකා, විකුර්ති අදහස් ඇති වෙන්නෙම විෂය නොදන්නා බාලයන්ටමය!
උපුටා ගැනීම Nirosa N Wijerathna