හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දුගේ සිරුර ඔහුට අයත් කොළඹ නිවසකින් සොයාගැනේ. -පොලීසිය

topkollek

Well-known member
  • May 22, 2014
    44,091
    1
    58,416
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන එරාජ් ප්‍රනාන්දු මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් 2014 වසරේදී හම්බන්තොට මහ නගරාධිපතිවරයා ලෙස ප්‍රථම වරට තේරී පත් විය. පසුව 2018 වසරේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝගය සහිතව නැවතත් එම ධුරයට තේරී පත් වූ ඔහු, 2022 පෙබරවාරි 10 වන දින පෞද්ගලික හේතු දක්වමින් නගරාධිපති ධුරයෙන් සහ නගර සභා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය.

    රාජපක්ෂ පවුලේ ප්‍රධාන දේශපාලන බලකොටුවක් වූ හම්බන්තොට කලාපයේ ඉදිකෙරුණු මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ හම්බන්තොට වරාය ආශ්‍රිත දේශපාලන ක්‍රියාකාරකම් තුළ ඔහු ප්‍රමුඛ පෙළේ සක්‍රීය චරිතයක් ලෙස කටයුතු කළේය.

    ඔහුගේ දේශපාලන ජීවිතය තුළ වඩාත්ම කතාබහට ලක්වූ සහ ජාතික මට්ටමේ අවධානයට ලක්වූ සිදුවීම වාර්තා වූයේ 2014 අප්‍රේල් 17 වන දිනදීය. මත්තල ගුවන්තොටුපළ සහ හම්බන්තොට වරාය පරිශ්‍රයේ නිරීක්ෂණ කටයුත්තක නිරත වූ එරාන් වික්‍රමරත්න, අජිත් පී. පෙරේරා, අජිත් මාන්නප්පෙරුම, නලින් බණ්ඩාර සහ ආර්. යෝගරාජන් ඇතුළු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමකට සහ මාධ්‍යවේදීන්ට ප්‍රදේශවාසීන් සහ වරාය සේවකයන් පිරිසක් ගල් හා බිත්තර ප්‍රහාර එල්ල කරමින් විරෝධය පළකළහ. එහිදී එරාජ් ප්‍රනාන්දු මහතා අතැතිව තිබූ ගිනිඅවියක් මන්ත්‍රීවරුන් දෙසට යොමු කරමින් ලුහුබඳින ආකාරය මාධ්‍ය මගින් වීඩියෝ ගත විය. එය සෙල්ලම් පිස්තෝලයක් බවත්,

    තමන් එම ස්ථානයට පැමිණියේ මන්ත්‍රීවරුන් ප්‍රහාරයෙන් බේරාගැනීමට බවත් ඔහු පසුව ප්‍රකාශ කළද එම සිදුවීම දැඩි ආන්දෝලනයකට තුඩු දුන්නේය. එකී සිදුවීමට අදාළව පවරා තිබූ නඩුවේ තීන්දුව 2019 අගෝස්තු මාසයේදී ප්‍රකාශයට පත් කරමින් හම්බන්තොට මහාධිකරණය විසින් ඔහුට වසර පහක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් සහ දඩ මුදල් නියම කළ අතර, පසුව අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු ඇප මත මුදාහැරිණි.





    මීට අමතරව 2014 මාර්තු මාසයේදී අම්බලන්තොට පොලිස් ස්ථානයේ අත්අඩංගුවේ සිටි සැකකරුවෙකුට පහරදීමට සහ පැහැරගැනීමට උත්සාහ කිරීමේ සිදුවීමකට අදාළව 2015 වසරේදී ඔහු අත්අඩංගුවට පත්වූ අතර, පසුව ඇප මත නිදහස් විය. එමෙන්ම 2014 දෙසැම්බර් මාසයේදී ජනාධිපතිවරණ ප්‍රචාරක සමයේ හම්බන්තොට බස් නැවැතුම්පොළ අසල පැවැති "වීදියේ විරෝධය" වීථි නාට්‍ය කණ්ඩායමකට සහ විපක්ෂයේ විරෝධතාවයකට පහරදීමේ සිදුවීමකට අදාළවද ඔහු ඇතුළු පිරිසක් පොලිසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට පත්වූහ. එම පහරදීමෙන් ගායක ජයතිලක බණ්ඩාර, ප්‍රසංග ප්‍රනාන්දු සහ මාධ්‍යවේදී සම්පත් සමරකෝන් ඇතුළු පිරිසක් තුවාල ලැබූහ.

    ඔහු සම්බන්ධ නීතිමය පසුබිමේ තවත් ප්‍රධාන පරිච්ඡේදයක් වන්නේ සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (සතොස) සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ සිදුවූ බව කියන දූෂණ චෝදනාවයි.

    2010 සහ 2014 කාලසීමාව තුළ හිටපු වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ කාජා මොහිදින් මොහොමඩ් ෂාකිර් සමග එක්ව සතොස සේවකයන් රාජකාරි නොවන දේශපාලන කටයුතු සඳහා යොදවා එම සංස්ථාවේ මුදලින් වැටුප් හා අතිකාල දීමනා ගෙවීමෙන් රජයට රුපියල් මිලියන හැටකට ආසන්න පාඩුවක් සිදුකිරීමේ චෝදනා යටතේ අල්ලස් කොමිසම මගින් නඩු පහක් පවරා තිබිණි.

    මෙම නඩුවලින් විත්තිකරුවන් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය මීට පෙර ලබාදී තිබූ නියෝගය බලරහිත කළ අභියාචනාධිකරණ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්, එම නඩු පහම නැවත විභාගයට ගන්නා ලෙස මහාධිකරණයට නියෝග කරන ලදී.

    gossiplanka
     
    • Like
    Reactions: vito