නොරොච්චෝල බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු සංචිත සීමිත වීම හේතුවෙන් එමගින් සිදුකරන විදුලි නිෂ්පාදනය තාවකාලිකව අඩු කර ඇති නමුත්, පද්ධතියට අවශ්‍ය විදුලිය ජල විදුලි බලාගාර මගින් ප්‍රමාණවත් පරිදි උත්පාදනය කරන බැවින් විදුලි කප්පාදුවක් සිදු කිරීමේ අවශ්‍යතාවක් පැන නොනගින බව බලශක්ති අමාත්‍යාංශය අවධාරණය කරයි.
බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේ, පවතින ගල් අඟුරු සංචිත කළමනාකරණය කර ගැනීම සඳහා නොරොච්චෝල බලාගාරයේ ජනන කටයුතු සීමා කිරීමට පියවර ගත් බවයි.
කෙසේ වෙතත්, ඉදිරි දින කිහිපය තුළ ගල් අඟුරු නෞකා දෙකක් දිවයිනට පැමිණීමට නියමිතව ඇත. ඒ අනුව පළමු නෞකාව හෙට (04) දිනයේත්, දෙවන නෞකාව ලබන 12 වන දිනත් දිවයිනට ළඟා වීමට නියමිතය.
එම නෞකාවලින් ගල් අඟුරු ගොඩබෑමෙන් අනතුරුව විදුලි උත්පාදන කටයුතු යළි යථා තත්ත්වයට පත් කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
විදුලි සැපයුම සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කරගත යුතු නැති බවත්, පවතින තත්ත්වය මත විදුලි කප්පාදුවක් සිදු කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය