රට තුළ ස්ථාන ගණනාවක් අනවසරයෙන් අල්ලාගෙන සිටින පාතාල කණ්ඩායම් ඉවත් කිරීමට රජය තීරණාත්මක පියවර ගෙන ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. “අපේ ආණ්ඩුව, වසර දෙකයි – රටට සුබයි” මැයෙන් බුලත්සිංහලේ දී පැවති ජන රැළියේ දී අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
“වැල්ලවත්ත බීච් එක අල්ලන් ඉන්නේ පාතාලේ අය. මම බැලුවා ස්ථාන 26ක් අල්ලන් ඉන්නේ පාතාලේ අය. දැන් අයින් වෙන්න කියලා තියෙනවා. අයින් වුණේ නැත්තම් අයින් කරනවා,” යැයි ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේය.
මෙවැනි අනවසර අත්පත් කරගැනීම් ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය දැඩි ස්ථාවරයකින් කටයුතු කරන බව පෙන්නුම් කරමින්, එවැනි ස්ථානවලින් පාතාල කණ්ඩායම් ස්වේච්ඡාවෙන් ඉවත් නොවුනහොත් බලෙන් හෝ ඉවත් කිරීමට රජය කටයුතු කරන බව ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

..පාතාලයෙන් අනුරව පරිස්සම් කරගන්න වෙයි මිනිස්සුන්ටත්..