මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට විදෙස් ගමන් තහනමක්: දුටු තැන අල්ලන බව අධිකරණයට දන්වයි

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,703
    9,051
    113
     මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව



    කොළඹ ප්‍රදේශයේ ඉඩම් සඳහා කූඨ ලෙස ලේඛන සකස් කර ඒවා මුදලට විකිණීමේ ජාවාරමකට සම්බන්ධ බවට චෝදනා මත මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව ඇතුළු සිව්දෙනකුට විදේශගත වීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝදරගම විදෙස් ගමන් තහනම් නියෝගයක් නිකුත් කළේ ය.

    කූඨ ලේඛන සකස් කර කොළඹ ඇතුළු ප්‍රදේශවල ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගෙන විකිණීමේ මහා පරිමාණ ජාවාරමකට ඔවුන් සම්බන්ධ බවට තොරතුරු ඇති බැවින්, ඔවුන් රටින් පිටව ගියහොත් විමර්ශන කටයුතුවලට බාධා විය හැකි බව පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් පිළිගනිමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම විදෙස් ගමන් තහනම් නියෝග නිකුත් කළේ ය.

    අදාළ පුද්ගලයින් දිගින් දිගට ම අධිකරණය මග හරිමින් සිටින බැවින්, දුටු තැන අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත්, ඔවුන් රටින් පිටව ගියහොත් විමර්ශන කටයුතුවලට බාධා විය හැකි බැවින් රටින් පිටවීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසත්, රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

    එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණි.
    මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට අමතරව, මෙලෙස විදෙස් ගමන් තහනම් කරන ලද්දේ ශාන්ත විතාන ගමගේ, ඩෙස්මන්ඩ් අමරසිංහ සහ සමන් ජයවීර යන අයට ය.

    කොළඹ, බාන්ස් පෙදෙසේ අංක 18 දරන, පර්චස් 43කින් යුත්, රුපියල් කෝටි 250කට වඩා වටිනා ඉඩමක් රුපියල් බිලියනයක මුදලකට ප්‍රසිද්ධ වාහන අලෙවි සමාගමකට විකිණූ බව කියන සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී, සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

    හොර ඔප්පු සෑදීමේ සංවිධානාත්මක කල්ලියකට මෙම පුද්ගලයින් සම්බන්ධව කටයුතු කර ඇද්ද යන්න පිළිබඳ කරුණු තහවුරු කර ගැනීම සඳහා වැඩිදුර විමර්ශන සිදුකරන බවත්, එම විමර්ශන කටයුතු අතරතුර ඔවුන් හොර රහසේ රටින් පිටව ගියහොත් විමර්ශන කටයුතුවලට පිරිමැසිය නොහැකි බාධා ඇතිවිය හැකි බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පෙන්වා දුන්නේ ය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වැඩිදුරටත් කරුණු දක්වමින්, ප්‍රශ්නගත කොළඹ බාන්ස් පෙදෙසේ අංක 18 දරන ඉඩමට කූඨ ලේඛන සකස් කිරීම සඳහා රක්ෂිත බන්ධනාගාරගතව සිටින ආරියපාල දිසානායක නමැත්තා සමග මෙම පුද්ගලයින් කුමන්ත්‍රණය කළ බවට කරුණු අනාවරණය වන බව සඳහන් කළේ ය.


    Read more:

    https://www.bbc.com/sinhala/article...tMuPKy7pxcpf46G6Ta_aem_f99ZgyScMG7DyFoojP7f_w
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,549
    17,888
    113
    කොටාලා විශ්වාස කරන්න ඵපා කියන්නේ ඒකයි..අමු කපටි..

    Peace Out GIF
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,902
    21,601
    113
    Panadura
    වේගයෙන් දුවන සිංහයෝ අපි
    මව් පොලොවේ සුවඳ දැනෙනා ඒ සුවඳේ ජවය පෙන්නා
    වේගයෙන් දුවන සිංහයෝ අපි
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,901
    32,626
    113
    NHDA eke reservation lands pita yawapu unuth alluwanam hari neda anura... NHDA eke athulema owata udau dunna unwa hoya ganna bari nahane...

    Lankawe NHDA housing schemes godaka reservation lands master plans wala public areas karapuwa athule un dunne kohomada kiyala hoyanna bari nahane?
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,363
    1
    10,293
    113
    mu japan sponsor kenketa puke ariya mul dawas wala. kanna deepu atha hapa kana dial ekak.