දෙහිවල නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් - දරුවන් දෙදෙනෙකු මරුට!

monson

Well-known member
  • May 7, 2007
    26,076
    29,796
    113
    දෙහිවල පොලිස් වසමේ සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ නිවසකට නාඳුනන පුද්ගලයෙකු විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාරයකින් දරුවන් දෙදෙනෙකු මියගොස් තිබේ.

    පොලීසිය සඳහන් කළේ අද (11) අලුයම මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

    ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ 55 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ දරුවන් දෙදෙනා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.

    රෝහල්ගත කිරීමෙන් අනතුරුව දරුවන් දෙදෙනා මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

    මියගොස් ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 11 සහ 17 වයස්වල පසුවන පිරිමි දරුවන් දෙදෙනෙකි.

    තුවාල ලබා ඇත්තේ මියගිය දරුවන් දෙදෙනාගේ 55 හැවිරිදි පියා බව සඳහන් වේ.

    මියගිය දරුවන්ගේ මෘත ශරීර කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

    ප්‍රහාරයට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා දෙහිවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


    - https://sinhala.adaderana.lk/news/251296
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,278
    14,800
    113
    🌎
    images.jpg


    සාමන්‍ය ජන ජිවිතයට තර්ජනයක් නෑනේ
    hutto lamayi dennec marila thiyenne
    ------ Post added on Sep 11, 2026 at 9:38 AM
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,864
    21,541
    113
    Panadura
    ජෙප්පන් ගේ ජාතික ආරක්සාව
    ඩෝබි පොන්නයෝ මේවට වැඩකට නැති උත්තවල් කියලා මාරු වෙනවා
    ඩෝබි පොන්නයොන්ගේ පවුල් පිටින්ම පල මේ පව්
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,076
    29,796
    113
    අත්වැරදීමකින් අදාළ නිවසට නාඳුනන පුද්ගලයෙකු විසින් බෝම්බ ප්‍රහාරය එල්ලකර ඇති බවට සැකකරන බව පොලිසිය සඳහන් කළේය.

    දෙහිවල, සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ නිවසකට නාඳුනන පුද්ගලයෙකු විසින් අත් බෝම්බ ප්‍රහාරයක් එල්ලකිරීමේ සිදුවීම වාර්තා වුණේ අද අළුයම තුනට පමණය.

    සැකකරු බෝම්බ ප්‍රහාරය එල්ල කළ නිවසෙහි දොරට තට්ටුකර ඇති අතර, නිවැසියන් විසින් එය විවෘත කිරීමෙන් අනතුරුව නිවස තුළට බෝම්බය එල්ලකර ඇති බවයි පොලිසිය කීය.

    එහිදී නිවසේ නිදාසිටි දරුවන් දෙදෙනා බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.


    වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්
    - https://sinhala.adaderana.lk/news/251344



    ------ Post added on Sep 12, 2026 at 1:53 PM