මියගියා යැයි සිතා භූමදානය කළ අයෙකු යළි පණපිටින් නිවසට 😂

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,860
    9,258
    113




    මියගියා යැයි සිතා භූමදාන කර, ආගමික වතාවත් පවා සිදුකළ පුද්ගලයෙකු මාස 2කට ආසන්න කාලයකට පසු පණපිටින් නිවසට පැමිණීමේ පුවතක් කොකාවැව පොලිස් වසමෙන් වාර්තා වේ.

    මෙම පුද්ගලයා මීට ඉහතදීත් නිවසින් පිටව ගොස් නැවත පැමිණීමේ පුරුද්දක් තිබී ඇති අතර, ඒ හේතුවෙන් පවුලේ අය ඔහු පිළිබඳ උනන්දු නොමැත.

    නමුත් සතියකට වැඩි කාලයක් ගතවීමෙන් පසු බිරිඳ විසින් කොකාවැව පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර, දින කිහිපයකට පසු හබරණ ප්‍රදේශයේ රක්ෂිතයක තිබී වස පානය කර මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවූ වී ඇත.

    ඒ සම්බන්ධයෙන් කොකාවැව පොලිසියෙන් ලද තොරතුරකට අනුව පවුලේ ඥාතීන් සිරුර පරීක්ෂා කර ඇති අතර, මළ සිරුරේ තිබූ ඇඳුම්, තම පුතු විසින් අලුත් අවුරුද්දට පියාට අරන් දුන් ඇඳුම්වලට සමාන වීම නිසා එය තම සැමියාගේම සිරුර බවට බිරිඳ ඇතුළු ඥාතීන් විසින් තහවුරු කරගෙන තිබේ.

    ඒ අනුව ඉකුත් අගෝස්තු 31 වැනිදා පොළොන්නරුව ප්‍රදේශයේදී සිරුර භූමදානය කර, ආගමික වතාවත් සිදු කිරීමට පවුලේ අය කටයුතු කර ඇත.

    නමුත් මියගිය බවට විශ්වාස කළ පුද්ගලයා හදිසියේම බස් රථයකින් තම නැගණියගේ නිවසට පැමිණ තිබේ. ඒ පිළිබඳ කොකාවැව පොලිස් ස්ථානය මේ වනවිට දැනුම්වත් කර තිබේ.

     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,850
    200,206
    113
    Colombo, Sri Lanka
    ඒ වෙලාවේ ගෙදර උන්....... 😛 😛
    👇👇

    Penguins Run Away GIF by Extreme Improv