බිරියගේ ගෙළ කපා මරා සැමියා පැනගිහින් 😲

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,299
    8,434
    113
    පවුල් ආරවුලක් දුරදිග යාමෙන් තම බිරිඳගේ ගෙල පිහියකින් කපා ඝාතනය කළ බව කියන සැමියෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මාරවිල මූලස්ථාන පොලීසිය මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙම ඛේදවාචකය වාර්තා වන්නේ මාරවිල, කටුනේරිය බෑන්කඩ පාර ප්‍රදේශයෙනි.

    මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අදාළ ලිපිනයේම පදිංචිව සිටි අධිකාරි මුදියන්සේලාගේ තුෂාරි අධිකාරි නැමැති 44 හැවිරිදි කාන්තාවකි. දෙදරු මවක වන ඇයගේ දියණියන් දෙදෙනා මේ වන විට විවාහ වී වෙනම ජීවත් වන බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

    ඊයේ (01) රාත්‍රී 11.40ට පමණ පොලිස් හදිසි ඇමතුම් අංකය වෙත ලැබුණු තොරතුරකට අනුව වහාම ක්‍රියාත්මක වූ නිලධාරීන් අපරාධය සිදුවූ නිවසට ගොස් පරීක්ෂා කර තිබේ. එහිදී ඝාතනයට ලක්වූ කාන්තාවගේ මළ සිරුර ඔවුන්ගේ නිවසේ නිදන කාමරය තුළ තිබී සොයාගැනීමට පොලීසිය සමත් වී ඇත.

    මියගිය කාන්තාව සහ ඇයගේ සැමියා අතර නිරන්තරයෙන් පවුල් ආරවුල් හටගෙන ඇති බවට ප්‍රදේශවාසීන්ගෙන් තොරතුරු වාර්තා වී තිබේ. ඊයේ රාත්‍රියේදී ද දෙදෙනා අතර නිදන කාමරය තුළදී යම් බහින්බස් වීමක් සිදුව ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස කෝපයට පත් සැමියා විසින් තියුණු ආයුධයකින් බිරිඳගේ ගෙල කපා මෙම අපරාධය සිදුකර ඇති බවට පොලීසිය දැඩි ලෙස සැක පළ කරයි.
     
    • Sad
    Reactions: Inigo Montoya