සමහර උන්ට මතක ඇති මගෙ ex ගැන කිව්වා. Anyway මට අද මෙහෙම එකක් උනා.
සිකුරාදා මගෙ ඇවිදින දවස නිසා අක්කලාගෙ ගෙදර ගියා අනුරාධපුර (මමත් අනුරාධපුර උනාට එයාලා 70 Km ක විතර දුරින් ඉන්නෙ). ඒ වෙනකොටත් දවස් දෙකක් විතර ex ව හීනෙන් පේනවා. යන්න හිටියෙ තනියම, අම්මත් ගමනට එකතු උනා අක්කලාගෙ ගෙදර යන නිසා (කොහොමත් ගෙදර අයට ටිකක් සැකයි මම අනුරාධපුර යනකොට ex ඉන්නෙ එහෙ නිසා). උදේ ගිහින්, හවස එන්න ගියේ. හවස්වෙලා ගෙදර එන්න හදනකොට ඉන්න කියල කියවනවා. ඒ හින්දා හිටියා. අද උදේම පිටත් උනා ගෙදර එන්න. අනිත් කොල්ලෝ වගේම මමත් බයික් එක පාරට දැම්මම මෝඩයෝ වගේ යන, සිග්නල් ලයිට් දාන්නෙ නැති උන්ට කුණුහරුපෙන් බැන බැන තමයි එන්නෙ (මට විතරක් ඇහෙන්න, නැත්තන් ගුටි කන්න වෙනවනෙ
). Traffic area එකේ අන්තිම හරියට වගේ එනකොට මට ඉස්සරහින් ගිය මී හරකා (බයික් එකක්) සිග්නල් නොදා හැරෙව්වා. මමත් ලඟ break ගහලා තනියම ඌට බැනලා ඌ පාරෙන් පහලට දානකන් මම ඌට ඉස්සර කරන්න side mirror බැලුවා. පිටිපස්සෙ ඉන්න බයික් එකයි බයික් එකේ ඉන්න කෙනයි හොඳටම හුරුයි නිසා slow කරගෙන helmet එකේ visor එකත් අයින් කරලම බැලුවා, මගෙ ex හිටියෙ. එයාලගෙ නෑදෑයෙක්ගෙ ගෙදර එතන එයා හැරෙව්වා ඒ ගෙදරට. මට කතා කරන්නත් හිතුනා, ඒත් බෑ, අපෙ අම්මා පිටිපස්සෙ ඉන්නවා. කෝල් කරල ඔයාව දැක්කා කියල කියන්න හරිත් හිතුනා (එවෙලෙට හිතෙනවනෙ එක එක ගොන් වැඩ), එහෙම නැත්තන් එයාගෙ birthday එකට wish කරනකොට කියන්නද කියලත් හිතුනා මේ දවසෙ මම දැක්කා කියලා. අවුරුදු 2ක් හෝ 2 හමාරකින් දැක්කෙ. Break up වෙලා අවුරුදු එකහමාරක් විතර. එයා දැන් happily married.
එහෙම එකේ මම කතා කරලා දැක්කා කියන්න ගිහින් හරි කතා කරන්න ගිහින් හරි හොඳට තියන පවුල් හාන්නත් බෑ කීයටවත්.
උබලට කියන්න හිතුනා. උබලගෙත් ඔය වගේ උන දේවල් තියනවද? උබල react කරපු විදිය share කරගන්නවාලකො. චීත්ත කේස් එකක් නෙවෙයි, ඒ වගේ වෙලාවකදි හැසිරෙන්න හිතාගන්න බැරිඋනා.