ලෝකෙම පාවිච්චි කරන ශ්‍රී ලාංකික නිපැයුමක්

Pundit

Well-known member
  • Oct 18, 2022
    586
    659
    93
    දශක ගණනාවක් තිස්සේ Tea බෑග් නිෂ්පාදනයේදී, Tea බෑග් එකට නූල සම්බන්ධ කිරීමට ලෝකයේ බොහෝ නිෂ්පාදකයන් ලෝහ ස්ටේපල් භාවිතා කරලා තියෙනවා. ලොව පුරා ආහාර සුරක්ෂිතතා නීති දැඩි වීමත් සමඟ tea බෑග් වල ලෝහ ස්ටේපල් භාවිතය ඉවත් කිරීමේ අවශ්‍යයතාවයක් ලෝකෙට ඇති වෙලා තියෙනවා. මේකට විසඳුමක් විදිහට තේ නිෂ්පාදකයන්ට තිබූනු එකම විකල්පය වූයේ, යන්ත්‍ර සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමයි. එක් යන්ත්‍රයක් සඳහා ඇමරිකානු ඩොලර් 500,000 සිට 1,000,000 දක්වා වියදමක් දරමින්.

    මේකට විසඳුමක් හොයාගත්තේ ශ්‍රී ලාංකික නිර්මාණකරුවෙක් වන රෝහන් ද ලනරෝල් කියන මහත්තයා. එයාට දැන් වයස අවුරුදු 81ක් විතර ඇති . එයා දශක ගානක් වැඩ කරලා, ලෝහ ස්ටේපල් නැතුව තේ බෑග් හදන්න පුළුවන් විදිහක් හොයාගත්තා. එයාගේ ක්‍රමේ තියෙන්නේ, අලුත් යන්ත්‍රයක් ගන්නේ නැතුව, දැනට තියෙන යන්ත්‍රේ පොඩ්ඩක් වෙනස් කරන එක. ඒකෙන් සල්ලි ගොඩක් ඉතුරු වෙනවා, මේ ක්‍රමේ දැන් ලෝකේ තියෙන ලොකු තේ සමාගම් ගොඩක් පාවිච්චි කරනවා. මේ වෙනකොට ඉන්දියාවෙයි ශ්‍රී ලංකාවෙයි යන්ත්‍ර 50කට වඩා මේ විදිහට වෙනස් කරලා තියෙනවා

    2026 ජනවාරි මාසේ ඉන්දියාවේ තිබ්බ Asia Awards උත්සවෙදි, රෝහන් ද ලනරෝල් මහත්තයාට සම්මාන පහක් ලැබුනා.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,065
    23,804
    113
    මේවා තමයි Innovation කියන්නෙ. ලංකාවෙ ඉස්කෝල වල කැම්පස් වල හැම එකේම ළමයින්ට කරවන්න හදන්නෙ ජෛව ඉන්ධන යොදාගෙන අඟහරු වලට ගිහින් මිනිරන් පතල් හාරලා ඒවට අගය එකතු කරන්නෙ කොහොමද වගේ පරීක්ෂණ නිපැයුම්. හැබැයි Funding 0 යි.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,429
    7,165
    113
    නූල heat කරලා අලවනවා.....
    ultrasonic වලින්ද
    අපි අඳින ජොක්කුන්ගෙ ඉලාස්ටික් එකත් මහලා නෙමෙයි තියෙන්නෙ ඇඟේ ඇනෙන්නෙන නැතිව seamless වෙන්න කරන්නෙ ultrosonic වලින් weld කරනවා වගේ එකක්. (කොටුවෙන් 100ට 3 ගන්න ඒවා නෙමෙයි ටිකක් හොඳ ඒවා)