The one-man environmental disaster

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    8,988
    19,446
    113
    Miami
    පරමාණු බෝම්බ හදපු අය, යුද්ධ ඇති කරපු අය, න්යෂ්ඨික බලාගාර පුපුරන තැනට වැඩ කරපු අය අතරේ පරිසරයට වැඩිම හානියක් කරපු පුද්ගලයා විදියට Thomas Midgley, Jr. අවිවාදයෙන්ම හඳුන්වන්න පුළුවන්. මේ යකා තමයි ඊයම් සහිත පෙට්‍රල් සහ ඕසෝන් වියන විනාශ කරපු CFC වායු හොයාගත්තේ. 1920 ගණන් වල කරපු මේ සොයාගැනීම් දෙකම භාවිතයෙන් ඉවත් වෙන්නේ 1980 ගණන් වල. 1986දි ඊයම් සහිත පෙට්‍රල් භාවිතය තහනම් කරපු පළමු රට වුනේ ජපානය. 2021දි ඇල්ජීරියාව තමා අන්තිම. ආසියා ශාන්තිකර කලාපයෙන් 4 වෙනියට ඊයම් සහිත පෙට්‍රල් තහනම් කලේ ශ්‍රී ලංකාව 1999දි.

    1920 ගණන් වලදි වාහන නිෂ්පාදකයන්ට තිබ්බ ලොකුම ගැටලුවක් තමා එන්ජින් නොක් කිරීම. මේකට හේතු වෙන්නෙ පිස්ටන් එක TDC එකට ඇවිත් ස්පාක් එක පත්තු වෙන්න කලින් සම්පීඩණයෙදි ඇති වෙන තාපය නිසා ඉන්ධන වායු මිශ්‍රණයෙ තියෙන පෙට්‍රල් පත්තු වෙන එක. මේ නොක් කිරීම එන්ජිමට ගොඩක් හානිකරයි වගේම එන්ජිමේ බලය සෑහෙන අඩු වෙන්න හේතුවක් වෙනව.

    ඉතින් මේ නොකිං ප්‍රශ්නෙ විසඳන්න පෙට්‍රල් වල ඔක්ටේන් අගය වැඩි කරන්න ඕනනේ. මේ වැඩේ කරන්න පෙට්‍රල් වලට එකතු කරන්න සුදුසු additive එකක් හොයාගන්න ජෙනරල් මෝටර්ස් ආයතනයෙන් හයර් කලා Thomas Midgley, Jr. කියන කෙමිකල් ඉංජිනේරුවව. මේ බුවා තමා මේ one-man environmental disaster එක. මිනිහා එක එක කෙමිකල් ජාති ට්‍රයි කරල බැලුවා. එතිල් ඇල්කොහොල් පවා මේ ප්‍රශ්නෙට සාර්ථක විසඳුමක් වුනත් ඒවා අධික ප්‍රමාණයක් පෙට්‍රල් වලට එකතු කරන්න ඕන නිසාත්, මිල වැඩි නිසාත් වෙන ඔප්ෂන් එකකට යන්න ජෙනරල් මෝටර්ස් කටයුතු කලා. ඒ ඔප්ෂන් එක තමා ටෙට්‍රාඑතිල්ලෙඩ් (Tetraethyllead).

    මේකෙන් ප්‍රශ්නෙ සාර්ථකව විසඳුනා. ජෙනරල් මෝටර්ස් සමාගමට තමා Tetraethyllead (TEL)කෙමිකල් එක ඇන්ටිනොක් ඒජන්ට් එකක් විදියට පාවිච්චි කරන්න පේටන්ට් එක තිබුනේ. කෙමිකල් එක හොයාගැනීම සඳහා පේටන්ට් එක තිබ්බේ Esso කියන සමාගමට. මේ සමාගම් දෙක එකතු වෙලා හැදුවා එතිල් (Ethyl) කියන සමාගම. මේ සමාගම තමා TEL කෙමිකල් එක පෙට්‍රල් වලට එකතුකිරීම සඳහා කමර්ෂලි නිෂ්පාදනය කලේ. ඉල්ලමක් පෑදුනා වගේ තමා මේ වැඩේ. ලාභ පිට ලාභ උපයන්න ගත්තා මේ සමාගම.

    බොහොම ටික කලක් ඇතුලත මේ TEL කෙමිකල් එකෙන් මිනිස්සුන්ට පරිසරයට වෙන හානි ගැන කසුකුසු ඇතිවෙන්න ගත්තා. පලවෙනි වෙඩි මුරේ පත්තු වුනේ Ethyl සමාගම ඇතුලෙන්මයි. මේ සමාගමේ රිෆයිනරි එකක වැඩ කරපු සේවකයන්ට එක එක මානසික කායික ලෙඩ මතු වෙන්න ගත්තා. 5 දෙනෙක් මළා. මේකට හේතු වුනේ ඊයම් විස වීම. සමාජෙන් මතුව එන විරෝධතා හමුවේ Thomas Midgley බුවා ප්‍රෙස් කන්ෆරන්ස් එකක් තිබ්බා. මාධ්‍ය, ජනතාව ඉස්සරහා කෙමිකල් එක අතට අරන් නහයට ඉඹලා පෙන්නුවා මේකෙ කිසිම හානියක් නෑ කියල පෙන්නන්න. ඒ විරෝධතා රැල්ල යටපත් කරලා දිගටම මේ බිස්නස් එක කරගෙන ගියා.

    Clair C. Patterson කියන විද්‍යාඥයා 1960 දශකෙදි තමා මේ ඊයම් වල බරපත්ලකම ලෝකෙට පෙන්නල දුන්නේ. TEL නිෂ්පාදකයො දිගින් දිගටම කිව්වෙ ඊයම් කියන්නෙ ස්වභාවික මූලද්‍රව්‍යක්, ඒකෙන් හානියක් නෑ කියලා. Patterson ලෝකෙ විවිධ තැන් වලින් පස්, වතුර, අයිස් සාම්පල් අරන් ටෙස්ට් කරල පෙන්නුවා 1920 දශකෙට කලින් ස්වභාවික පරිසරයෙ ඊයම් තිබ්බෙ නැති බව. මේකෙන් ඇස් ඇරුණ ඇමරිකන් රජය 70 දශකෙ මුලදි ඊයම් යෙදූ පෙට්‍රල් භාවිතය පිටුදකින්න කටයුතු කලා. Patterson තමයි පෘථිවියෙ වයස අවුරුදු බිලියන 4.5 ක් කියල මුලින්ම කිව්වේ.

    දැන් ඒ ප්‍රශ්නෙ විසඳුන නිසා ජෙනරල් මෝටර්ස් සමාගම මෑන්ස්ව වෙන ප්‍රශ්නයක් විසඳන්න යොදවන්න තීරණය කලා. ඒ කාලෙ ජෙනරල් මෝටර්ස් එකෙන් home appliances එහෙමත් හැදුවලු. 1920 දශකෙදි ෆ්‍රිජ් වල ඒසී වල පාවිච්චි වුනේ මෙතිල් ක්ලෝරයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ් කියන වායුන් දෙක. තව ඇමෝනියාත් සුලු ලෙස පාවිච්චි වුනා. සල්ෆර් ඩයොක්සයිඩ් විසයි. මෙතිල් ක්ලෝරයිඩ් ගිණිගන්නාසුලුයි. ඉතින් මේකාට බාර දීපු අලුත් වැඩේ තමයි සාමාන්‍ය මිනිස්සුන්ට පාවිච්චි කරන්න තරම් පරිස්සම් එක වැඩි අලුත් ශීතකාරක වායුවක් එකක් හොයාගන්න එක. මූ ඒකත් හොඳටම කලා. 1928දි Chlorofluorocarbon (CFC) වායුන් හඳුන්වා දුන්නා ශීතකරණ සඳහා.

    මේවා පරිසරයට මුසු වුනාම වෙන දේ දන්නවනේ. සාමාන්‍යෙන් මේ වායුව ප්‍රතික්‍රියාශීලීත්වයෙන් ඉතාම අඩු එකක්. හැබැයි මේ වායු අණු පාරජම්බුල විකිරණයට නිරාවරණය වුනාම ඒකෙ තියෙන ක්ලෝරීන් අණුව කැඩිලා ගිහින් ඕසෝන් එක්ක ප්‍රතික්‍රියා කරලා ක්ලෝරීන් මොනොක්සයිඩ් සහ ඔක්සිජන් වායුව හදනවා. ඕසෝන් ස්ථරය විනාශ වෙනවා. මේ බව මුලින්ම අඳුරගැනෙන්නෙ 70 දශකෙ මැද භාගයෙදි.

    1920 දශකෙ ඉඳන් දශක 5-6ක් පුරාවට කොච්චර පරිසර විනාශයක් වෙන්න ඇතිද. පරිසරයට, ජීවීන්ට දැනෙන ලොකුම විනාසයක් කරපු තනි මිනිහා ලෙස Thomas Midgleyව සලකන එකේ වරදක් නෑ. මිනිහට 1940 ගණන් වලදි පෝලියෝ හැදිල එක්තැන් උනා. ඇඳක් හදාගත්තලු ලේසි positions වල ඉන්න පුළුවන් විදියට හැඩේ වෙනස් කරන්න පුළුවන්. මේ ඇඳ ක්‍රියාත්මක වුනේ අතින් වැඩ කරපු ලීවර් සහ ඒ ලිවර් වලින් ඇදෙන ලණු පද්ධතියකින්. මිනිහා මළේ මේ ඇඳ කඩාගෙන වැටිලා ඒකෙ තිබ්බ ලණුවක් බෙල්ලෙ එතිල හුස්ම හිර වෙලාලු. ලෝකෙට මෙච්චර විනාසයක් කලේ නොදැන නෙමෙයි, සල්ලි වලට කෑදරකමේ ඇත්ත වහන් කලා.
     

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    midgley-big.png


    Muge muna dakkama kiyanna puluwan kar*yek kiyala.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,988
    19,446
    113
    Miami
    midgley-big.png


    Muge muna dakkama kiyanna puluwan kar*yek kiyala.
    ඔව්, ලෝකයෙක් වගේ.

    මහින්ද මහත්තය තාම කිසිම දෙයක් නැතුව ඉන්නේ රටේ ජනතාවට සේවය සලසපු නිසා
    ස්කේල් එකට බැලුවත් මහින්ද මහත්තය ලංකාවට කරපු විනාසෙට වඩා මූ ලෝකෙට විනාසයක් කරල තියෙනව
    ------ Post added on Jan 23, 2023 at 6:43 AM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,560
    48,786
    113
    සේදවත්ත
    ඔව්, ලෝකයෙක් වගේ.


    ස්කේල් එකට බැලුවත් මහින්ද මහත්තය ලංකාවට කරපු විනාසෙට වඩා මූ ලෝකෙට විනාසයක් කරල තියෙනව
    ------ Post added on Jan 23, 2023 at 6:43 AM
    අන්න එකයි මහින්ද මහත්තය තාම උබලගේ පස්සෙන් එන්නේ අවුරුදු 15 ට වැඩිය