පාස්කු දින බෝම්බ ප්රහාර නොවුනා නම් 2019 ජනපතිවරණයෙන් අනුරයියා දිනන්න තිබුනා. 2019 මුලට පලයං. යහපාලන ආණ්ඩුව මිනිස්සුන්ට එපා වෙලා තිබුනේ. උන්ගේ ඇතුලේ කඹ ඇදිලි නිසා. නාකි මයිනලාවත් එපා වෙලා තිබුනේ අගමැතිකම හයිජැක් කරලා හොර පාරෙන් බලය ගන්න හදපු නිසා. 2019 මුල රිලීස් වෙච්ච ගින්නෙන් උපන් සීතල ෆිල්ම් එක බොලාට මතකද? මෑත කාලේ එක දිගට ෆිල්ම් හෝල් පිරී ඉතිරී ගිය ෆිල්ම් එකක්. ඒ කියන්නේ මිනිස්සු සොයමින් හිටියේ 3 වෙනි බලවේගයක්. ඒකේ වාසිය කෙලින්ම තිබුනේ අනුරයියට. ඒත් බෝම්බ සීන් එක නිසා ආපහු ජාතිවාදය, රණවිරුගාය, ජාතික ආරක්ෂාව, සිංහල බෞද්ධකම වගේ මාතෘකා කරලියට ආවා. ඒවා මාකට් කරපු පොහොට්ටුවට නිකන්ම බලය ආවා