මේ රටෙන් යන්න පුලුවන්කමක් තියෙනවනම් මෙලහකටත් ගිහින් මං. මෙහෙම බදු අරන් රට දියුණු වෙනවනම් කමක් නෑ. ඒත් නෑනි බං
උඹ හිතන්නෙ වෙන රටවල මෙහෙම නැහැ කියලද
මම ලඟදි New Zealand ආව ටික කාලෙකට
ලංකාවෙන් USD 10000 ක් අරන් ඇවිත් මෙහෙ money exchange එකකින් මාරු කරලා බැංකුවට ගියා deposit කරන්න
මට මෙහෙ IRD එකවුන්ට් එකක් තිබුනෙ නැහැ
කවුන්ටරෙන් ඩිපොසිට් කරන්න ගියාම ඉල්ලපු සමහර විස්තර නැති නිසා ATM එකෙන් deposit කරා කීපවාරයකට
එකවුන්ට් එක block කරා
බැංකුවෙන් කෝල් කරා
email එකට form set එකක් එවුවා
ලංකාවෙ ටැක්ස් ගෙවපු එකේ එවිඩන්ස් ඉල්ලුවා. අපි රිටර්න් සබ්මිට් කරපු එකේ කොපියක් ඉල්ලුවා. ඒක මගේ ලඟ තිබ්බෙ නැහැ ලංකාවෙ ird එකට මේල් එකක් දාල සතියකින් විතර ඒක ආවෙ
ලංකාවෙ සල්ලි මාරු කරපු රිසිට් ඉල්ලුවා
ලංකාවෙ සල්ලි මාරු කරන්න කලින් සහ මාරු කරාට පස්සෙ මගේ බැංකු එකවුන්ට් වල බැලන්ස් එක වෙනස් වෙලා තියන විදිය තියන ස්ටේට්මන්ට් ඉල්ලුවා
මෙහෙ money exchange එකෙන් මාරු කරපු රිසිට් එක ඉල්ලුවා
සල්ලි මාරු කරා කියලා මගේ පාස්පෝට් එකේ දාල තියන නෝට් එක බලන්න original passport එක ඕන කිවුවා
මෙහෙට එද්දි සල්ලි අරන් එනවා කියලා declare කරලා තියනවා නං ඒවයෙ එවිඩන්ස් ඉල්ලුවා