කවුද මේ තිලීපන් කියන්නේ ?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,649
    35,640
    113
    තිලීපන් යාපනය වඩුක්කොඩෙයිහි උපත ලබන්නේ 1963 නොවැම්බර් 29 වනදාය. ඔහු වියළි කලාපීය ගොවි පවුලක එකම සමාජිකයාය. කුඩා කල සිටම අධ්‍යාපනයට මහඟු දස්කම් පෑ තිලීපන් වඩුක්කොඩෙයි දෙමළ පාසලෙන් අධ්‍යාපනය ලබා, යාපනය විශ්ව විද්‍යාලයට තේරී පත් විණි. 80 දශකය වනවිට තිලීපන් තරුණයෙකි. එකල ඉහත කී පාලකයන්ගේ නරුම පොරොන්දුවලට රැවටී මිරිකී සිටි උතුරේ දෙමළ ජනතාව කෙරේ තිලීපන් දැක්වූ සානුකම්පිතභාවය ඔහුගේ අරගලය තුළ මැනවින් ඔප් නැංවිණි. අධ්‍යාපන ප්‍රමිතිකරණ පනතට එක හෙළා විරුද්ධ වූ ඔහු විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය සංගමයෙන් එළියට ඔහුගේ හඩ අවදි කළේය. ‘ජනතාවනි පාලකයන්ගේ අවියට බිය නොවන්න අයිතිය වෙනුවෙන් පෙරට එන්න..‘ එදා බැරලයක් උඩ සිට කෑ ගැසූ මෙම තරුණයා දිනෙක මුලු මහත් හදවත් තුල සදාකාලික ජීවනාලියක් වන බව කවරෙකු වත් නොසිතන්නට ඇත.

    පසු කලෙක රජය මඟින් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කොට අසල්වැසි ඉන්දියානු අධිරාජ්‍යවාදයේ කොලනියක් බවට ලංකාදීපය පත් කරන විට සිංහල, දෙමළ, මුස්ලිම් දෑ හිතකාමීන් එයට විරුද්ධ විය. ඒ සඳහා ජාති, වර්ග බෙදීමක් නොවීය. ඒවන විට තිලීපන් යනු උතුරේ අරගලයේ දිදුලන නාමයක් විය.“අපට සිංහල මිනිහා එක්ක ගැටලුවක් නෑ. අපට වෙඩි තියන සිංහල හමුදාව එක්කත් ගැටලුවක් නෑ..අපට ගැටලුව තියෙන්නේ දේශපාලකයා එක්ක…” ඔහුගේ මතය ඉතා වේගයෙන් උතුරුකරයේ පැතිර ගියේය. දහස් ගණන් ශිෂ්‍යන් ඔහුගේ මාවතේ ඇදෙන්නට විය. කෙටියෙන්ම තිලීපන් යන නාමය දෙමළ හදවත් පැහැරගත්තේය. 83 කලු ජූලිය මොහොතේ ප්‍රභාකරන්ට විශේෂ නියෝගයක් සහ නිවේදනයක් ලබා දෙන්නේය. දකුණට දෙමළා නැතිනම් උතුරටද සිංහලයා නැතිය. එහෙත් තිලීපන් කුඩා තරුණ වියේදිම ලිපියකින් ප්‍රභාකරන් ඇමතුවේය. දකුණ ද උතුර ද ගිනි ගත්තේ නම් අපද එය අතර සිරවූ මිනිසුන් පමණි. මෙකී ලිපිය තිලීපන් හමුවීමට යාමට තරම් ප්‍රභාකරන්ට විශේෂ විය. ඉන්දු ලංකා ගිවිසුම එපා යැයි උතුරේ සහ දකුණින් මහා හඩ නැගෙද්දී පාලකයන් එම ජනතා විරෝධය කසල බඳුනකට දමමින් ගිවිසුම අත්සන් කළේය.

    1987 එවකට ජනාධිපති ජේ. ආර් ජයවර්ධන සහ ඉන්දියානු අගමැති රජිව් ගාන්ධි අතර ඇති වූ මෙම ගිවිසුම මගින් පැය හතළිස් දෙකක් ඇතුළත ලංකා ආරක්ෂක අංශ උතුරින් ඉවත් වූ අතර ඉන්දියානු ආරක්ෂක අංශ උතුර වෙලා ගත්හ. අසරණ පීඩිත දෙමළ කාන්තාවන් අමු අමුවේ දූෂණය කොට දමමින් ඔවුහු උතුරේ දෙමළ ජනයාට වෙනම රාජ්‍යක සිහිනය වක්‍රාකාරයෙන් ලබා දෙමින් සිටියහ. අපෙන් නිදහස් වෙන්නම් උඹලා සිංහල හමුදාව පරාජය කරපල්ලා, යන්න දෙමළ සිත් තුල කිදාබස්සවමින් සිදු කළ අමන ක්‍රියාපටිපාටිය එකල එල්ටීටීඊය සහ දෙමළ ජනයාව නොමඟ යවන්නට නොහැකි විය.

    ඒ අනුව ඉන්දියානු හමුදාවට එරෙහිව දෙමළ විමුක්තිකාමීන්ගේ සටනක් දියත් කරන්නට පටන් ගත්හ. එහෙත් තම මතයෙන් පිට නොගිය තිලීපන් 1987 සැප්තැම්බර් 15 වනදා යාපනය නල්ලුර් කන්දසාමි කෝවිල අසල මාරාන්තික උපවාසයක් ආරම්භ කලේය.

    ජල පොදක් වත් නොමැතිව ඔහු ආරම්භ කළ උපවාසය නැවැත්වීමට නම් වහාම ඉන්දු ලංකා ගිවිසුම හකුලා ගත යුතු බව ඔහු රජයට බල කළේය. එහෙත් නිසි දේශපාලන විසඳුමක් නොවූ මරි මෝඩ රජයට ඉන්දියාවේ දෙපා අසල දණනැවීමට මිස එය හකුලා ගැනීමට තරම් කොන්දක් නොවීය.

    1987 සැප්තැම්බර් 20 වනදා තිලීපන් අවසාන වතාවට ජාතිය අමතන්නේය.

    “සහෝදරවරුනි තවත් ටික දිනකින් මා මියෙනු ඇත..එහෙත් නුඹලාගේ අයිතිය වෙනුවෙන් සටන් කරන දහස් ගණනක විමුක්ති කාමීන්ගේ උපත මාගේ මරණය සමගම සිදුවනු ඇත….”

    1987 සැප්තැම්බර් 26 වනදා පුරා දින 12ක් ආහාර සහ ජලය නොමැතිව සිටීම හේතුවෙන් ඒ අපූරු විමුක්තිකාමියා, ගාන්ධිවරයා සඳහටම නෙත් පියාගන්නේ මුලුමහත් පීඩිත ජනතාවගේම දෑස් කදුළින් තෙත් කරමිනි. ඉන්පසු එල්.ටී.ටී යට අවිහිංසාවාදී ගමනක පාවඩ එලන්නට කිසිවෙකු නොසිටියේය.

    2010 වන වසරේ යාපනයේ තිලීපන් ස්මාරකය ගලවා ඉවත් කරන්නෙය.(යාපනයේ තිලීපන් ස්මාරකය උදුරා දමයි..) එය පිහිටා තිබුනේ වසර විස්සකට ළඟා වන තුරුම රජයේ පාලන ප්‍රදේශයේය. එය ගලවා ඉවත් කිරීම තුළින් ස්මාරකයක් ඉවත් වුවද ජනතාවගේ සිත් තුළින් තිලීපන් ඉවත් වී නොමැති බවට බොහෝ සාධක ඇත. අනෙක් කරුණ නම් පිළිමයක් ඉවත් කොට ජනතාවගේ සිත් අතරින් වීරයන් අමතක කිරීමට ගත් මරි මෝඩ ආකල්පය ලැජ්ජා සහගතය. මෙය අනෙක් එල්.ටී.ටී.ඊ පිළිම හා සැසඳෙන්නේඑ නැති බවද මතක් කළ යුතුය. ඒ තිලීපන් ම්ලේච්ඡත්වයට එරෙහිවූ නිසාය.

    තිලීපන් යනු සිංහල දෙමළ වෙන් කිරීමකින් තොරව පරමාදර්ශයට ගත යුතු විමුක්ති කාමියෙක්ය. ඔහු අද දවසේ අසාධාරණයට, පීඩනයට, මර්ධනයට එරෙහිව සටන් වදින ලාංකීය අරගලකරුවන්ට මහා පාඩම් රාශියක් ඉතිරි කොට තබා නික්ම ගොස් ඇත.‍

    https://www.news19.lk/who-is-thileepan/
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,502
    3,936
    113
    colombo
    තිලීපන් කියන්නේ කොටියෙක්

    එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ලුතිනන් කර්නල් රාසයියා පාර්තීපන් ලෙස ද හඳුන්වන ත්‍යාගි තිලීපන් අනුස්මරණය කිරීම වෙනුවෙන් 1989 වසරේදී ඉදිකරන ලද ස්මාරකය ද 1996 වසරේ හානියට පත් කර තිබිණි.
    ----
    ---


    2002 වසරේ සටන් විරාම ගිවිසුමෙන් පසුව හානියට පත් කරන ලද මෙම ස්මාරකය පිළිසකර කිරීමෙන් අනතුරුව 2006 සහ 2007 වසරවලදී ද ඊට හානි කර තිබූ අතර 2010 වසරේදී ස්මාරක කුළුණේ ඉතිරිව තිබුණු කොටස් ද විනාශ කර තිබිණි
    ------ Post added on Sep 27, 2026 at 12:07 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    cowabunga

    Active member
  • Apr 5, 2025
    82
    116
    33
    බොම හොදයි........... ඔහොමම සහරාන් කියන් විමුක්තිකාමියා ගැනත් ආටිකල් එකක් දැම්මනම් මිටත් වඩා හොදයි
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,502
    3,936
    113
    colombo
    ලැජ්ජයි ඇත්තටම ජෙප්පෝ කියන වුන් පක්ෂයක් වෙනුවං ගැනිවත් දීලා පුක ත දේයි

    වැඩේ නෝන්ඩි
    කරන දේ වැරදි කියලා වුණුත දන්නවා.

    ඒත් පක්ෂේ බේරගන්න කොටියා වත් සාමයේ දූතයා කරනවා. හිටිකිතයි උබල වගේ මිනිස්සු දැක්කම
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,267
    30,306
    113
    දැන් පච අනුරව ගොඩ දාන්න ත්‍රස්තවාදීන්වත් හෝදනවා. මාර වැඩේ මාලිමා JVP ඩෝබීන්ට උනේ :lol:
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,767
    1
    19,167
    113
    35
    Spain
    දැන් පච අනුරව ගොඩ දාන්න ත්‍රස්තවාදීන්වත් හෝදනවා. මාර වැඩේ මාලිමා JVP ඩෝබීන්ට උනේ :lol:
    උන්ගේ විප්ලවවාදී සගයෝ වෙන්න ඇති නේ. උනුත් එකයි මුනුත් එකයි.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,649
    35,640
    113
    ලැජ්ජයි ඇත්තටම ජෙප්පෝ කියන වුන් පක්ෂයක් වෙනුවං ගැනිවත් දීලා පුක ත දේයි

    වැඩේ නෝන්ඩි
    කරන දේ වැරදි කියලා වුණුත දන්නවා.

    ඒත් පක්ෂේ බේරගන්න කොටියා වත් සාමයේ දූතයා කරනවා. හිටිකිතයි උබල වගේ මිනිස්සු දැක්කම
    අමු කොටියෙක්ව පොහොට්ටු වේදිකාවට නැග්ගුවේ ජෙප්පොද?
     
    • Haha
    Reactions: elakiri_boy_22

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,425
    9,296
    113
    Around the world
    තිලීපන් කියන්නේ ග්‍රාමාරක්ෂකයින්ගේ අවි ඉවත් කළ යුතුයි කියල බෙරිහන් දුන්න අමු ත්‍රස්තයෙක්
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,502
    3,936
    113
    colombo
    අමු කොටියෙක්ව පොහොට්ටු වේදිකාවට නැග්ගුවේ ජෙප්පොද?
    පොහොට්ටුව වුන් දේශපාලන බංකොල්ත් එකයි නග්ගලා පිච්න් වුණේ.

    දැන් එක හෝදනවා එලකිරියේ එකෙක් හරි දැක්ක ද අන්න වෙනස ලැඡ්ජා වෙයං ඒ විදියට පුක දෙන යනවාට.