උඹල ගෙදර අවට විසකුරු සර්පයෙක් ආවොත් මොකෝ කරන්නේ?

AnuradhaRa

Well-known member
  • අපේ වත්ත සෘජුකෝණාස්‍ර හැඩේට තියෙන්නෙ එක පැත්තක ගෙදර අනිත් පැත්ත කෙලවරට වෙන්න කැලේ. එක සැරයක් පිඹුරෙකුත් හිටියා පොලගෙක් කියල මරනව තව ඩින්ගෙන්. ලොකු මාන කැලයක් තියෙනව මැදට වෙන්න. ඒකටනම් ලඟදි තෙල් ගහල දැන් මැරිල තියෙන්නෙ. කුනුකට්ටො විමානේ අපේ වත්තා බූට් දෙකක් එහෙම නැතුව මම වත්ත පැත්තෙවත් යන්නෙනම් නෑ. එක දවසක් මම පොල් පැලයක් වල් වලින් යටවෙලා තිබුන ඒක පාදගෙන පාදගෙන යනකොට කුනුකට්ටෙක් රෝල් වෙලා හිටියා. පිහියත් දාල මම ගෙදර දුවගෙන ආවේ. මාරම අප්පිරියයි මම ඕකුන්ට. ආය දවසක් වත්තෙම දෙල් කැඩුව යාලුවෙක් ගහේ හිටියෙ මම ගහ මුල. එකපාරටම අහුරුකුක්කෙක් (මොකෙක්ද කියල ඒවෙලා දන්නෙ නෑ මම ) පන්නගෙන ආව පෙනේ කරගෙන වගේ ඒත් මම ගෙදරටම දුවගෙන ආව ඌනම් සෑහෙන දුරක් පැන්නුවා. සර්ප සීන් අනම් සෑහෙන්න වෙලා තියෙනව මට. අපි පොඩි කාලේ ටයර් පදිනවනෙ. මම ටයර් එකත් උස්සන් පඩිපෙල නැගල ගෙදර මිදුලට එනකොට පඩිපෙලේ පැත්තක ඉඳල නයෙක් ගහල තිබුන ටයර් එකට. මට එතකොට වයස 6ක් විතර ඇති. :rolleyes2:
    අම්මෝ බලාගෙන බං
    පරිස්සමෙන්
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,660
    9,002
    113
    Galaha
    @AnuradhaRa ආය දවසක් අපේ 2000ට කලින් ගෙදර හදන්න වත්තෙමයි ගඩොල් පිච්චුවේ. ගඩොල් පෝරනුව හදන්න කලින් පුවක් කොට වටේට ගහල මඩුවක් වගේ එකක් හදනවනෙ. ඕක පරන වෙලා පුවක් කොට එහෙම දිරල තිබුනෙ. මම කරාටි වැඩ දාන්න පුවක් කොට දිරපුවා අතින් පලනව දෙබෑ කරනව එක එක ආතල්. දවසක් එක කොටයක් මම අත් දෙකෙන් මැදින් ඉරුව බරස් ගාල. එතකොට පුවක් කොටේ මැද ඉඳලා මාවිල්ලුද කොහෙද ගුලියක් කකුල් දෙක මුලට වැටුනා. මට දැනටත් ඒක මතක්වෙනකොට හිරිකිතයි. මම දිවුවා දිවිල්ලක් දෙපැත්තෙ ගස් එහෙම පේන්නෙ නැති වේගෙන් දිවුවා ඒකරල ආය ඒපැත්තෙන් ගෙදර ආවෙත් නෑ හෙන රවුමකින් ගෙදර ආවේ. මට වයස 10ක් ඇති ඕක වෙනකොට.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,695
    1
    101,959
    113
    34
    Kalutara
    කබරයෙක් හදපන් වත්තේ සුරතලේට, lol

    තලගොයෙක් ඉන්නව බන් කානුව දිගේ එනවා ඌ. එදා හිටියේ නෑ.

    @AnuradhaRa ආය දවසක් අපේ 2000ට කලින් ගෙදර හදන්න වත්තෙමයි ගඩොල් පිච්චුවේ. ගඩොල් පෝරනුව හදන්න කලින් පුවක් කොට වටේට ගහල මඩුවක් වගේ එකක් හදනවනෙ. ඕක පරන වෙලා පුවක් කොට එහෙම දිරල තිබුනෙ. මම කරාටි වැඩ දාන්න පුවක් කොට දිරපුවා අතින් පලනව දෙබෑ කරනව එක එක ආතල්. දවසක් එක කොටයක් මම අත් දෙකෙන් මැදින් ඉරුව බරස් ගාල. එතකොට පුවක් කොටේ මැද ඉඳලා මාවිල්ලුද කොහෙද ගුලියක් කකුල් දෙක මුලට වැටුනා. මට දැනටත් ඒක මතක්වෙනකොට හිරිකිතයි. මම දිවුවා දිවිල්ලක් දෙපැත්තෙ ගස් එහෙම පේන්නෙ නැති වේගෙන් දිවුවා ඒකරල ආය ඒපැත්තෙන් ගෙදර ආවෙත් නෑ හෙන රවුමකින් ගෙදර ආවේ. මට වයස 10ක් ඇති ඕක වෙනකොට.

    මාවිල්ලු කියන්නේ මොකාද? 🤔
     
    • Like
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,115
    11,849
    113
    මාවිල්ලු කියන්නේ මොකාද? 🤔

    images
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,660
    9,002
    113
    Galaha
    මාවිල්ලු කියන්නේ මොකාද? 🤔
    මාවිලාගේ බහු වචනෙ බං. එකට ගුලි උන මාවිල්ලු ගොඩක් මම හිතන්නෙ ඒ කොටේ ඇතුලෙ බිත්තර දාල හරි පොදියක් වගේ හිටියා. :sorry:
    ඕකුන් විසනම් නෑ ඒ උනාට අප්පිරියයි. 🤮
    images
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,695
    1
    101,959
    113
    34
    Kalutara
    මාවිලාගේ බහු වචනෙ බං. එකට ගුලි උන මාවිල්ලු ගොඩක් මම හිතන්නෙ ඒ කොටේ ඇතුලෙ බිත්තර දාල හරි පොදියක් වගේ හිටියා. :sorry:
    ඕකුන් විසනම් නෑ ඒ උනාට අප්පිරියයි. 🤮
    images

    මාවිලා නෙමෙයි බල්ලෝ. මාපිලා. බහුවචන නම් මාපිල්ලු..
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,314
    8,262
    113
    @AnuradhaRa ආය දවසක් අපේ 2000ට කලින් ගෙදර හදන්න වත්තෙමයි ගඩොල් පිච්චුවේ. ගඩොල් පෝරනුව හදන්න කලින් පුවක් කොට වටේට ගහල මඩුවක් වගේ එකක් හදනවනෙ. ඕක පරන වෙලා පුවක් කොට එහෙම දිරල තිබුනෙ. මම කරාටි වැඩ දාන්න පුවක් කොට දිරපුවා අතින් පලනව දෙබෑ කරනව එක එක ආතල්. දවසක් එක කොටයක් මම අත් දෙකෙන් මැදින් ඉරුව බරස් ගාල. එතකොට පුවක් කොටේ මැද ඉඳලා මාවිල්ලුද කොහෙද ගුලියක් කකුල් දෙක මුලට වැටුනා. මට දැනටත් ඒක මතක්වෙනකොට හිරිකිතයි. මම දිවුවා දිවිල්ලක් දෙපැත්තෙ ගස් එහෙම පේන්නෙ නැති වේගෙන් දිවුවා ඒකරල ආය ඒපැත්තෙන් ගෙදර ආවෙත් නෑ හෙන රවුමකින් ගෙදර ආවේ. මට වයස 10ක් ඇති ඕක වෙනකොට.
    Ube welwa awl wage pariisamen hitapan
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,441
    6,613
    113
    තනියමද කලේ? සපෝට් එකට කවුරු හරි හිටියද?

    මෙන්න මේ සීන් එක මටත් තියෙනවා බන්. :(
    තව එක්කෙනෙක් හිටියා ඌත් බය නැතුව සපෝට් කලා නැත්නම් අමාරුයි.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,813
    17,203
    113
    35
    Spain
    මන් කූඹියෙක්වත් මරන්න කැමති කෙනෙක් නෙමේ ඒත් මගෙ අතින් සර්පයි දෙන්නෙක් මරුණා. එකෙක් තරහ ගිහින් හිටපු වෙලාවක දැකලා ගල් ගහලා මැරුවේ තරහා උගේ පිටින් ගියා. දෙවෙනි එක අම්මා බාත් රූම් එකේ හිටියේ සර්පයෙක් කියලා කෑ ගහුවා සර්පයා දොරේ හිටියේ වෙන වෙලාවකනම් කොස්සකින් හරි තල්ලු කරගෙන ගිහින් අයින් කරල දානව එත් එ වෙලාවේ අම්ම බාත් රූම් එකේ හිටපු නිසා සර්පයව බිම දැම්මානම් ඌ කලබල වෙලා අම්මට දෂ්ඨ කරන්න තිබ්බ කරන්න දෙටක් නෑ එහෙම්මම දොරට හිර කරලා මරල දැම්මා.

    ඒ ඒ සිද්ධි දෙම මට් සැරෙන් සැරේ මතක් වෙනවා මාර අවුල්, මට බය මන් මැරෙන වෙලාවට ඕක මතක් වෙලා මගේ චුති සිත නරක් වෙයි කියලා.

    හැබැ‍යි ඊට පස්සේ මන් දැලකට අහු වෙලා හිටපු ගැර්ඬියෙක්ව බේරල යැවුවා, පොලඟෙක්ව මරන්නේ නැතුව උඩ තට්ටුවෙන් පහලට ( තණකොළ ගොල්ලට ) තල්ලු කරලා බෙරලා යැවුවා

    මරන්න එපා. පුලුවන් හැම වෙලාවකම බේරලා යවන්න බලන්න.
    හොඳ දේවල් මතක් කරන්න, නරක මතක අමතක කරන්න. සර්පයෙක් මැරුවේ නෑ, අම්මාව බේරුවා කියල හිතන්න.
     
    PolHora

    Well-known member
  • Apr 18, 2025
    639
    482
    63
    Eha patte wela, issaranam sarpayo awa weekly dannam radanakayek diya nayek arenna mokek wath na, Monaru, Thalagoi, Kabaru innava.. mona sathek wath maranne na welatama wisik karanava gonusso, paththayo ehema nam hambunmath
     
    • Wow
    Reactions: Heshan Daminda

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,071
    1,479
    113
    මරන්නේ නම් නැති තරම්. ඉඩම ලොකුවට තියෙන නිසා සවලකට වගේ අරන් වත්තේ වැඩිය යැවෙන්නේ නැති පැත්තකට විසික් කරනවා.
    පොඩි ඉඩක ඉන්න අයට නම් එහම් කරන්න අමාරු ඇති.
    පොළගා ඇර අනිත් සර්පයෝ ධෂ්ට කරන්නේ බැරිම අවස්ථාවක තමයි, පුළුවන් තරම් බලන්නේ මග ඇරලා යන්න.