ඊයේ දිනයේදී Ashen නම් පුද්ගලයා විසින් අවාරේ සිරිපා උඩ මළුවට පිවිස රිසි සේ උඩ මලුව තුල සහ සිරිපා මලුව පිහිටි කුටිය තුල Video Content එකක් සිදු කරමින් එය සමාජ මාධ්ය තුල Upload කර තිබුණි. මෙම සිද්දියේදී සමූහයක් වශයෙන් අපට මූලිකවම දැනගැනීමට කාරනා 3ක් පවතියි. එනම්,
ඕනෑම කෙනෙකුට අවාරේ සිරිපාදේ යා හැකිය. ඒ සඳහා වනජීවී අවසරය මත මාර්ග දෙකක් පමණක් මෙම අවාරයේ විවෘතව ඇත. එනම් රත්නපුර සහ හැටන් මාර්ගයි. එහිදී මෙම මාර්ග දෙකෙන් යන ඕනෑම කෙනෙකු අනිවාර්යයෙන් වනජීවී කාර්යාලයෙන් අවසර ලබාගත යුතුය. මෙහිදී මොහු වනජීවී කාර්යාලයෙන් ටිකට් පතක් ගෙන අවසර ඇතිව ගියාද කියා සැකයක් පවතියි.
මෙම වසරේ මාද දෙවරක් උඩ මලුව තෙක් කරුණා කලෙමි. ඉතා පහසුවෙන් මලුව විවෘත කරගෙන යාමට අපට හොඳටම හැකියාව තිබුනද අප අඩුම තරමේ අප කවුරුන්දැයි නොදන්වා සිටියෙමු. නමුත් අශේන් නම් වූ පුද්ගලයා හට මෙලෙස විශේෂ වරප්රසාදයක් ලීමට ඔහු සතුව ඇති වටිනාකම කුමක්දැයි අප නොදන්නෙමු. මොහු දේශපාලනයට ඒමට සෑහෙන්න උත්සහා කරන කෙනෙකි. ඔහු පරිසර ක්රියාකාරියෙකු හෝ අබමල් රේණුවකවත් දේශපාලන අවස්තාවක් නැති හුදෙක් සමාජ මාධ්ය තුල තවත් එක Content Creator කෙනෙක් පමණි. ඔහු Influencer කෙනෙකි.
Influencer කෙනෙක් වූ පමණින් උඩ මලුව විවෘත කරගෙන යාමට ඔහුට අවසර ලබාදීම පිළිකුල් සහගතය. මන්ද එසේනම් පරිසරය පාදක කරගත් අනෙකුත් Influencers හටද එම අවස්තාව ලබාදිය යුතුය. මන්ද Influencer කෙනෙක් යනු ආදායමක් සොයාගැනීම පිණිස එම කර්තව්යය සිදු කරන්නෙකි. මොහුද Social Media නිසා තම අදායම් මාර්ගය ගෙනයන්නෙක් පමණි. ලංකාවේ වයිරල් යන හැම කෙනෙක්වම භාවිතා කරමින් මොහුගේ Fan Base එක ගොඩනඟා ගන්න උත්සහ කරන මොහු වැනි පුද්ගලයෙකුට සිරිපා අවාරය තුල මෙලෙස උඩ මලුව සහ සිරිපතුල අවභාවිතා කිරීමට ලබාදීම ලජ්ජා සහගතය.
මොහුට මෙම අවස්ථාව ලබාදුන්නේ මේ වනවිට උඩ මලුව භාරව සිටින මුරකරු පමණක්ද?
නැත්නම් නල්ලතන්නිය පොලිසිය හෝ නල්ලතන්නිය අඩවි වන නිලධාරී කාර්යාලය දැනුවත්වද?
එසේත් නැත්නම් උඩමළුවේ භාරකාර තැන්පත් පුජ්ය බෙංගමුවේ හිමියන් දැනුවත්වද?
මේ කවුරු කොහොම මොහුට විශේෂයක් දැක්වුවානම් එසේ සිදු කලේ කුමන හේතුවක් නිසාදා කියා අප දැනගැනීමට කැමතිය. මන්ද මෙම පුද්ගලයා හුදෙක්ම තවත් එක් පුරවැසියෙක් පමණි. රටේ අනෙක් පුරවැසියන්ට සලකන ආකාරයටම මොහුටද සැලකිය යුතු නමුත් මොහුට පමණක් විශේෂයක් කලේ කුමන කරුණු කාරනා පදනම් කරගෙන දැයි අප දැනගැනීමට කැමැත්තෙමු.
- සිරිපා අවාරයේ පෝය දිනක් නොවූ දිනක (2026 ඔක්තෝබර් 1 දින) මොහු වෙනුවෙන් උඩ මලුව විවෘත කර දුන්නේ කුමන හේතුවක් මතද?
- ඒ වගේම සිරිපතුල පිහිටි කුටියත් මොහුට විවෘත කර දුන්නේ කුමන පදනමකින්ද?
- වීඩියෝ සහ ඡායාරුප පවා ගැනීමට තහනම් සිරිපතුල පිහිටි කුටිය සහ උඩ මලුව තුල මෙපමණ වෙලාවක් සිරිපා අවාරය තුල ඔහුට රිසි සේ වීඩියෝ සිදු කිරීමට අවසරය ලබාදුන්නේ ඇයි?