ඉන්ධන මිල සුත්‍රය ජනතාවගෙන් සඟවන ජනාධිපති, තෙල් මිල සූත්‍රයට බිය වී ඇත්තේ ඇයි..?

saturn

Well-known member
  • Mar 21, 2015
    5,430
    9,311
    113
    Around the world
    ජනාධිපතිතුමා තෙල් මිල සූත්‍රයට බිය වී ඇත්තේ ඇයි..?

    ඔක්තෝම්බර් 01 දා සිට ඩීසල් / පෙට්‍රල් මිල වැඩි කරනු ලැබීය. හේතුව වශයෙන් යුධමය හා ලෝක වෙළඳපොල මිල ගණන් පෙන්වනු ලැබීය. එමෙන්ම කෝටි 4100 ක සහනයක් ඉදිරි මාස 03 ට ලබාදෙන බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

    පසුගිය සැප්තැම්බර් 14 දා, ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා කිවේ තෙල් සංස්ථාව ලාභ ලබන හෙයින් තෙල් මිල වැඩි කිරීමේ අවශ්‍යතාවයක් නැති බවය. නමුත් ඔහුම දින කිහිපයකට පසු කිවේ පාඩුව දරාගත නොහැකි නිසා තෙල් මිල වැඩි කරන බවය.

    ජනාධිපතිතුමාගේ සහනාධාර කතාව බොරුවකි. අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වූ සහල්,කිරිපිටි, සීනි, ළුණු, පරිප්පු, හාල්මැස්සන් වැනි ද්‍රව්‍යත්, නීතියට අනුව සිය ආදායම් ප්‍රකාශ කර ඇති වෘත්තීයවේදීන්ගෙන්, මෝටර් සයිකල් හා ත්‍රීවිල් ආනයනය කිරීමෙන් ලබාගන්නා බදු මුදල් වලින්, තෙල් සංස්ථාවට හා විදේශ තෙල් සමාගම් වලට ගෙවීම සහනාධාරයක් නොවේ. දුගී ජනයාගේ බදු මුදල් අවභාවිතයක් මෙන්ම, අධික සුඛෝපබෝගී වාහන පරිහරණය කරන්නන්ට දෙන සහනයක්ද වන්නේය.

    පසුගිය ඔක්තෝම්බර් 01 දා singapore platts අනුව සාමාන්‍ය ඩීසල් බැරලයක් (ලීටර් 159 ක්) ඩොලර් 169 ක් ( 169 x 330 = 55,770 Rs ) විය. නව ආණ්ඩුව යටතේ ඩොලරය රු.30 කින් අව ප්‍රමාණය නොවුනා නම් මේ මිල (169 x 300 = 50,700 Rs) විය යුතුවේ.
    එමෙන්ම එදින පෙට්‍රල් 92 අලෙවි වූයේ බැරලය (ලීටර් 159) ඩොලර් 140 කටය. (140 x 330 = 46,200 Rs) ආණ්ඩුවේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නොවුනා නම් එය (140 x 300 = 42,000 Rs) විය යුතුය.

    එනම් සාමාන්‍ය ඩීසල් ලීටරයකින් නැවට පැටවීමේ ගාස්තුව රු.350 ක් හා පෙට්‍රල් 92 ලීටරයකින් නැවට පැටවීමේ ගාස්තුව රු.290 ක් වේ.
    කෙසේ වෙතත් මේ මිල ගණන් වලංගු වන්නේ නොවැම්බර් 01 දා සිට ය. මන්ද තෙල් සංස්ථාව හා වෙනත් විදේශ ආයතන අපට විකුනන්නේ සැප්තැම්බර් මුල සතියේ singapore platts මිල ගණන් වලට නිසාය.

    සැප්තැම්බර් 01 දා singapore platts වලට අනුව ඩීසල් බැරලය ඩොලර් 159 ක් (159 x 330 = 52,470 Rs) ක් හා පෙට්‍රල් 92 බැරලය ඩොලර් 119 (119 x 330 = 39,270 Rs ) විය.

    එනම් ඔක්තෝම්බර් 01 වෙනිදාට බලපාන ඩීසල් ලීටරයක නැව්ගත කිරීමේ ගාස්තුව ලීටරයක් රු.330 ක් ද පෙට්‍රල් 92 ලීටරයක් රු. 286 ක් ද වේ.

    එසේනම් ඩීසල් ලීටරයකින් රු.392 ක් ද, පෙට්‍රල් 92 ලීටරයකින් රු. 414 ක් ද වුයේ කෙසේද යන්න ගැන ජනාධිපතිවරයා මිල සුත්‍රය මගින් පැහැදිලි කළ යුතුය. එහිදී ආනයනකරුවන්ගේ ලාභය, ආණ්ඩුවේ බදු විවෘතව ජනතාව ඉදිරියේ පැවසිය යුතුය.

    තමන් භාවිත කරන තෙල් වල මිල සාදන ආකාරය 2002 වසරේ සිට ජනතාවට විවෘත කළ අතර, 2022 - 24 කාලයේද එය ක්‍රියාත්මක විය.
    ඉන්ධන මිල සුත්‍රය ජනතාවගෙන් සඟවන්නේ ඇයි..? ජනාධිපතිවරයාගේ උසස් සදාචාරය හා අවංකකම එයද..? නැතිනම් ඩීසල් ගෙන්වීමේදී (2026 මාර්තු) සිදුකළ වංචා පිලිබඳ දැනට අල්ලස් කොමිසම ඉදිරියේ ඇති පැමිණිල්ලට බිය වීමෙන්ද..?

    එමෙන්ම ආණ්ඩුව පිරිපහදුවෙන් ජනනය වන බැර ඉන්ධන (Heavy Fuel) හා නැප්තා, ගල් අඟුරු හිඟය නිසා අධික මිලට (210 - 170 Rs ) විදුලිබල සමාගම් වලට විකිණීමෙන් අධික ලාභයක් උපයන අතර, එහි බර ද විදුලි පාරිභෝගිකයන්ට දමා තිබේ.

    බාල ගල් අඟුරු වලට අමතරව සූර්ය බල කප්පාදුව නිසා වැඩියෙන් ගල් අඟුරු හා තෙල් අවශ්‍ය වී තිබීම ආණ්ඩුවේ ආනයන බිලට වැඩි වී තිබේ.