බස් ගාස්තු හා පෙට්‍රල් - ඩීසල් සහගහන බදු!

cereal_killer

Junior member
  • Nov 23, 2020
    72
    94
    18
    124446209_2814310905517076_5457225844831420614_n.png


    ආණ්ඩුව බස් ගාස්තු වැඩිකර ඇත. ඒ කෝවිඩ්-19 නිසා රැකියා අහිමි වී, ආදායම් අහිමි වී අර්ධ සාගතයකට ජනතාව වැටී ඇති තත්වයකදීය.

    රටේ පොදු ප්‍රවාහනය පරිහරණය කරන්නේ අර්ධ සාගතයකට ගොදුරු වී ඇති ජනතාවය.
    ඔවුනට මේ මිල වැඩිවීම ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වැනි ඛේදවාචකයකි.

    ලංකාවේ බස් ගාස්තු වැඩි කරන්නේ ලෝක වෙළඳ පොලේ තෙල් මිල ඉතාම අඩු තත්වයක පැවැති කාලයකය..
    වාර්තාවන අන්දමට තෙල් සංස්ථාව ඔවුන්ගේ අවසාන තොගය ගෙනවිත් ඇත්තේ ඩීසල් බැරලය ඩොලර් 45 ට
    හා පෙට්‍රල් බැරලය ඩොලර් 48 කට ආසන්න මුදලකටය. එනම් කොළඹ වරායේදී,
    ඩීසල් ලීටරයක් රු.53 ක් පමණද
    පෙට්‍රල් ලීටරයක් රු.56ක් පමණද වේ.
    (බැරලයකට ලීටර් 159 ක්ද, ඩොලරය රු.185 ක්ද ලෙස උපකල්පනය කර ඇත.)
    ප්‍රවාහන හා පරිපාලන වියදම් 10% ක් ලෙස ගත්කල,
    ඩීසල් ලීටරයක් රු.58 ක් පමණද
    පෙට්‍රල් ලීටරයක් රු.60ක් පමණද වේ.
    එනම් ආණ්ඩුව ඩීසල් (සාමාන්‍ය) ලීටරයකින් රුපියල් 46 ක ලාභයක්ද (ඩීසල් සාමාන්‍ය ලීටරය රු. 104 ක් ලෙස)
    පෙට්‍රල් (92) ලීටරයකින් රුපියල් 77 ක ලාභයක්ද උපයයි (පෙට්‍රල් 92 ලීටරය රු. 137 ක් ලෙස).
    2019 දෙසැම්බර් 01 දා ධනකුවෙරයන්ට සහන දුන් ආණ්ඩුව කෝවිඩ්-19 හරහා සිය ගජමිතුරන්ට ජාවාරම්
    කරගැනීමට ඉඩදී ඇති ආණ්ඩුව පෙට්‍රල් - ඩීසල් වලින් ගසාකන හැටි ජුගුප්සාජනකය.


    copied from https://www.facebook.com/PataliChampika/
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    පාටලී 2025 වැඩ පටන් අරන් වගේ අලුතෙන් කොල්ලෝ එහෙම දාලා? තද තද? අපිටත් සෙට් වෙන්න බැරි වෙයිද? :unsure: