මට නම් හිතෙන්නේ අපි ඉතිහාසයේ එක පැත්තක් විතරයි බලන්නේ කියලා , මොකද හැම සිද්ධියකටම දෙපැත්තක් තියෙනවා,
අපි සාමාන්යයෙන් අහලා තියෙන්නේ එක්නෙලිගොඩ කියන්නේ පට්ට ද්රෝහියෙක් කියලා , ඒ උනාට එක්නැලි ගොඩ ගැන හොයලා බැලුවම ඒ කතාව සෑහෙන්න වෙනස්, එක්නැලිගොඩ ඉඳලා තියෙන්නේ සපරගමුවේ හිටපු ඇහැළේපොළ නිලමේගේ සේවකයෙක් විදිහට , ඇහැළේපොළ ඟේ සේවකයෙක් උන නිසා , රජා එක්නෙලිගොඩගේ ළඟම ඥාතීන් 70 ගාණක් අල්ලාගෙන උල තියලා මරලා තියෙනවා.
නිකමට හිතපන්කො අද උනත් හමුදාවක ඉහළ නිලධාරියෙක් තමන්ගේ පහළ නිලධාරියාට දෙන නියෝගයක් ප්රශ්න කරන්නේ නැතුව ක්රියාත්මක කරන්න බැඳිලා ඉන්නව නේ. ඒ වගේ තමයි ඉස්සරත් ඇහැළේපොළ කියන දේ ක්රියාත්මක කරන්න එක්නැලි ගොඩලා බැඳිලා ඉන්නවා. එහෙම නොවුනොත් උන්ගේ බෙල්ල තමයි යන්නේ, එහෙම නිසා ඇහැලේපොළ මොන පිස්සුව නැටුවත් එක්නෙලිගොඩ වගේ අයට කරබාගෙන ඉන්න සිද්ධ වෙලා තියෙනවා
හිතපංකෝ අපේ ළඟම ඥාතීන් 70 විතර ගෙනල්ලා , ඉතාමත් කෘර වද දෙන ක්රමයක් වන උල තැබීමේ විදියට මරලා දැම්මොත් අපිට රජා ගැන ඇතිවන හැඟීම , අපි ඊට පස්සේ කවදාවත් රට ජාතියක් ගැන හිතනවද නෑනේ බං , අපිත් හිතන්නේ අපේ සනුහරේම නැති කරලා දාපු එකාගෙන් පලිගන්න විතරයි
මම කියපු කතාව නම් මම දැනගත්තේ , හිටපු පුරාවිද්යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා දවසක් වැඩසටහනකදී කිවුව නිසා