විදේශීය මත්පැන් බෝතල් 10ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකුට එරෙහිව නීතිමය පියවර නොගෙන සිටීම සඳහා
රුපියල් ලක්ෂ පහක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ හතරක් ලබාගැනීමේ චෝදනාවලට වරදකරුවන් කරනු ලැබූ සුරාබදු නිලධාරීන් සිවුදෙනකුට
කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා
බරපතළ වැඩසහිත වසර 28ක සිරදඬුවම් හා රුපියල් ලක්ෂ 17ක දඩයක් නියම කර තිබෙනවා
https://www.itnnews.lk/2026/10/07/838185/

2019-08-16 වැනිදා හෝඊට ආසන්න දිනකදී කැස්බෑව සුරාබදු ස්ථානයට අනුයුක්තව සේවය කරමින් සිටියදී එකී අල්ලස අයැද සිටීම හා ලබාගැනීම ඇතුළු අධිචෝදනා 18ක් යටතේ අල්ලස්හෝදූෂණ විමර්ශන කොමිෂන් සභාව එම නඩුව පවරා තිබිණි.
පැමිණිල්ලේ පළමු වන සාක්ෂිකරු 2019 වසරේ අප්රේල් මස විදේශ සංචාරයක නිරතව යළි දිවයිනට පැමිණෙන අවස්ථාවේදී කටුනායක ගුවන්තොටුපළේදී තීරබදු රහිත වෙළෙඳසලකින් විදේශීය මත්පැන් බෝතල් 10ක් තම පරිභෝජනය සඳහා මිලදී ගෙන ඇති බවත් එම වසරේම අගෝස්තු මස ඔහු රෝගාතුරවීම නිසා එම මත්පැන් බෝතල් 10 අලෙවි කිරීමට තීරණය කොට ඇති බවත් පැමිණිල්ලේ සාක්ෂි මගින් අනාවරණය වී තිබිණි.
ඒ අනුව පළමු සාක්ෂිකරු හා ඔහුගේ වැඩිමහල් පුත්රයා කාර් රථයකින් ගොස්කටුබැද්ද ප්රදේශයේදී මත්පැන් අලෙවි කිරීමට උත්සාහ කිරීමේදී සුරාබදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පසුව පැමිණිලිකරුගේ බාල පුත්රයාව ද එම ස්ථානයට ගෙන්වාගෙන අත්අඩංගුවට ගෙන තිබූ බවත් දරුවන් දෙදෙනාව සිරමැදිරියේ රඳවා සිටියදී නඩු නොදමා නිදහස්කිරීමට නම් රුපියල් ලක්ෂ පහක මුදලක් අවශ්ය බවත් එසේමුදල් ලබානොදෙන්නේ නම් අධිකරණයට ඉදිරිපත් කොට කාර් රථය රාජසන්තක කරනා බවටත් රුපියල් ලක්ෂ 25ක දඩයක් නියම කිරීමට ඉඩ ඇති බවත් විත්තිකරුවන් පවසා තිබිණි.
ඒ අනුව රාත්රි 12.00ට පමණ ස්වර්ණාභරණ උකස්මධ්යස්ථානයකට ගොස්තමන් පැලඳ සිටි රන් ආභරණ උකස්කොට ලබාගත් රුපියල් ලක්ෂ 4ක මුදලක් විත්තිකරුවන්ට ලබාදී ඇති බවත් තමන් ඉල්ලා සිටි සම්පූර්ණ මුදලම නොදී රුපියල් ලක්ෂ හතරක මුදලක් ලබාදීම නිසා එක් සාක්ෂිකරුවකුට එරෙහිව මත්පැන් බෝතලයක් සන්තකයේ තබාගැනීමේ චෝදනාව යටතේ නඩු පැවරීමට පියවර ගෙන පළමු සාක්ෂිකරුගේ පුතුන් දෙදෙනාව මුදාහැර ඇති බවත් පැමිණිල්ලෙන් කියැවිණි.
මොරටුව මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ලේ එක් සාක්ෂිකරුවකු ලෙස නම් කොට තිබූ පුද්ගලයා වරද පිළිගැනීම නිසා රුපියල් 5000ක දඩයක් නියම කර තිබූ බවද පැමිණිල්ලෙන් කියැවිණි.
එලෙස මහෙස්ත්රාත් අධිකරණයට දඩ ගෙවූ බවට රිසිට්පත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කාර් රථය මුදාහැරීමට විත්තිකරුවන් පියවර ගෙන තිබුණි. දරුවන් දෙදෙනා සිරමැදිරියේ රඳවා සිටින අවස්ථාවේදී සිය සැමියා සමග තුන්වන චූදිත කතා බහ කරනු දුටු බවත් “ඔයාට තේරෙන්නේ නැතිද? මොළයක් නැතිද? කියා ඔහු විමසා තිබූ බවත් පසුව තමා ළඟට පැමිණි දෙවන චූදිත “රංජනි ඔයාගේ මහත්තයා මොකුත් ඇහුණේ නෑ වගේ ඉන්නේ” කියා පවසා අත්අඩංගුවට ගත් වාහනය දිරායෑමට ඉඩ ඇති බවත් වාහනයට ලක්ෂ 15ක්ද මත්පැන් ළඟ තබාගැනීමට ලක්ෂ 20ක්ද ලෙස ලක්ෂ 50ක දඩයක් ගෙවීමට සිදුවිය හැකි බවද පවසා ඇතැයිද පැමිණිල්ලේ සාක්ෂිවලින් අනාවරණය වී තිබිණි.
අවම වශයෙන් රුපියල් ලක්ෂ 10 – 15ක්වත් ලබාගත යුතු එම වරදට තමන් ඉල්ලා සිටි රුපියල් ලක්ෂ පහක මුදල ලබාදුන්නේ නම් වැඩේ එතැනින්ම අවසන් කළ හැකිව තිබූ බව පවසා තිබූ බවත් ඉතුරු ලක්ෂයක මුදල ලබානොදීම නිසා එක් සාක්ෂිකරුවකුට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන ඇති බවත් පැමිණිල්ලේ සාක්ෂියේදී අනාවරණය වී තිබිණි. ඒ. ජේ. ඒ. අබේනායක