බාල ගල් අඟුරු නිසා රටට රුපියල් මිලියන 17,900කට වැඩි පාඩුවක්! : ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පත්කළ විශේෂඥ කමිටු වාර්තාව

monson

Well-known member
  • May 7, 2007
    26,294
    30,390
    113
    Jan 4, 2026 බාල ගල් අඟුරු ගැන මුලින්ම දැම්මහම හෝදන්න දුවගෙන ආපු ඩෝබියෝ කෝ ? :lol: 🤌

    baseless claims, thats all

    Says who based on what?

    ඔතන KWH වලින් කියන්නේ ඒකක ගල් අඟුරු ස්කන්ධයක් දහනය කරපුවහම උත්පාදනය වෙන විද්‍යුත් ශක්ති ප්‍රමාණය. ඕකයි විදුලි මිලයි අතර සම්බන්දයක් නැහැ.

    ප්‍රමිතියෙන් තොර බාල ගල් අඟුරු ලංකාවට ගෙන්වීම සහ හදිසි මිලදී ගැනීම් හේතුවෙන් රටට රුපියල් මිලියන 17,965කට (කෝටි 1,796කට) අධික මහා පරිමාණ මූල්‍ය පාඩුවක් සිදුව ඇති බව පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසනවා.

    අද (08) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, මෙම අලාභය මහ බැංකු බැඳුම්කර වංචාව මෙන් එකහමාර ගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයක් බවයි.

    ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පත්කළ විශේෂඥ කමිටු වාර්තාව ඇසුරෙන් කරුණු දක්වමින් ඔහු වැඩිදුරටත් අනාවරණය කළේ, ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු හේතුවෙන් ලක්විජය බලාගාරයේ මෙගාවොට් 300 ජනනය කිරීමට වැඩිපුර ගල් අඟුරු වැයවීමෙන් මිලියන 799ක පාඩුවක්ද, නඩත්තු කටයුතු සඳහා මිලියන 80.4ක්ද, අළු පාලනය සඳහා මිලියන 13.1ක්ද වැයවී ඇති බවයි.

    විදුලි උත්පාදනය අඩුවීම නිසා අඛණ්ඩ විදුලිය පවත්වාගෙන යාමට පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට රුපියල් මිලියන 8,573ක් වැයවී ඇති බවත්, ගල් අඟුරු නැව් 25ක් පැමිණීමට තිබුණද පැමිණ ඇත්තේ නැව් 19ක් හේතුවෙන් හදිසි මිලදී ගැනීම් යටතේ ගෙනා නැව් 5ක් සඳහා අතිරේකව රුපියල් මිලියන 2,284ක් ගෙවීමට සිදුවී ඇති බවත් මන්ත්‍රීවරයා පවසනවා.


    රටේ විදුලි බිල සහ තෙල් මිල ඉහළ දැමීමට සෘජුවම බලපා ඇත්තේ මෙම බාල ගල් අඟුරු මාෆියාව බවත්, ඒ හරහා සිදුවූ පාඩුව වසාගැනීමට ආණ්ඩුව ජනතාව මත බදු බර පටවා ඇති බවත් මන්ත්‍රීවරයා චෝදනා කළ අතර, මෙම මහා පරිමාණ වංචාවට එවකට අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කුමාර ජයකොඩි සෘජුව වගකිව යුතු බවත්, අදාළ සම්පූර්ණ පරීක්ෂණ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.





    Jan 4, 2026:

    ටොන් 1 කින් ඩොලර් 1.5 (රු 450) ලාබෙට බාල ගල්අඟුරු ගෙනල්ලා රු 7000ක් පාඩු කරගැනීමේ penny wise and pound foolish මෝඩ මාලිමා ජෙපි ආණ්ඩුව!​

     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,826
    1
    19,310
    113
    35
    Spain
    මට හිතෙන්නේ සල්ලි ඉතුරු කරන්න ගිහින් කෙලවාගෙන නෙවෙයි, හිතාමතා ඩීසල් බලාගාර වලට ඉඩක් හදාගන්න කරපු වැඩක්
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,567
    1,366
    113
    United States
    මේක පක්ෂ දේශපාලනයෙන් එහා ගිය ප්‍රශ්නයක් සහෝ, බාල බඩු ලාබෙට අරන් රටට වෙන පාඩුව අන්තිමට ගෙවන්න වෙන්නේ ජනතාවටමයි. වාර්තාවෙන් කියන ගණන් ඇත්ත නම් වගකිවයුත්තන්ට නීතියෙන්ම උත්තර දෙන්න වෙන වෙලාව මේක.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,826
    1
    19,310
    113
    35
    Spain
    මේක පක්ෂ දේශපාලනයෙන් එහා ගිය ප්‍රශ්නයක් සහෝ, බාල බඩු ලාබෙට අරන් රටට වෙන පාඩුව අන්තිමට ගෙවන්න වෙන්නේ ජනතාවටමයි. වාර්තාවෙන් කියන ගණන් ඇත්ත නම් වගකිවයුත්තන්ට නීතියෙන්ම උත්තර දෙන්න වෙන වෙලාව මේක.
    ඕක බන් ටෙන්ඩර් කරන්න මාස 6ක් විතර පරක්කු කළා, ටෙන්ඩර් පිරිවිතර අඩු කළා, ඊළඟට ලංකාවෙත්, ඉන්දියාවේත් චෝදනා තිබුණු කොම්පැනි දෙකකක් එකතු වෙලා අටවාගත්ත මගුලකට ටෙන්ඩර් එක දුන්නා. පලවෙනි සාම්පලේ ඉඳලම තත්වය බාලයි කියනකොට ඇමැති හොරා කොම්පැනි එක දිෆෙන්ඩ් කළා. ඔය ඔක්කොම සමස්තයක් විදියට ගත්තම පේනවා පැහැදිලිවම හොරකමක් කියල.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,567
    1,366
    113
    United States
    මිලියන 17,900ක් කියන්නේ පොඩි ගාණක් නෙවෙයි, මේ පාඩුව අන්තිමට ගෙවන්න වෙන්නේත් සාමාන්‍ය ජනතාවටම තමයි. වගකිවයුත්තෝ කවුද කියලා හරියට හොයලා, මේ වාර්තාවේ නිර්දේශ ඇත්තටම ක්‍රියාත්මක කරනවද කියලා බලන්න ඕනේ.
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    3,033
    2,214
    113
    Marikkar kiyanawanam ithin hariyatama gaana hadala kiyanawa aththe :rolleyes:



    A meka nikan damme
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,294
    30,390
    113



    LFyAJqe.jpeg

    ------ Post added on Oct 9, 2026 at 9:43 PM
     

    Similar threads