මන්නාරම මුරුන්කන් රෝහලේ බංකු ලෑල්ලක් සේ යොදාගත් ඓතිහාසික සෙල්ලිපිය

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    50,619
    102,987
    113
    මන්නාරම මුරුන්කන් රෝහලේ බංකු ලෑල්ලක් සේ යොදාගත් ඓතිහාසික සෙල්ලිපිය

    මුරුන්කන් රෝහල් පරිශ්‍රයේ බංකුවක් ලෙස භාවිත කරමින් තිබී හමුවූ මෙම ඓතිහාසික පුවරු සෙල්ලිපිය, ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ සුවිශේෂී මෙන්ම විස්මයජනක අනාවරණයකි. සාමාන්‍යයෙන් රෝගීන්ගේ පහසුව සඳහා සිමෙන්ති කණු මත තබා තිබූ ගල් පුවරුවක් පිටුපස, වසර දහස් ගණනකට එපිට අනුරාධපුර රාජධානියේ අතීත උරුමය සැඟවී තිබීම සැබැවින්ම කුතුහලය දනවන අපූරු සොයාගැනීම කි.

    ක්‍රිස්තු වර්ෂ 2 වන සියවසට (ක්‍රි.ව. 134-140) අයත් මහල්ලකනාග රජ සමයේ පිහිටුවන ලද මෙම සෙල්ලිපිය, මන්නාරම දිස්ත්‍රික්කයේ අතීත දේශපාලනික හා ආගමික පසුබිම වටහා ගැනීමට ලැබුණු ප්‍රබලතම සාක්ෂියකි. මන්නාරම් ප්‍රදේශයෙන් හමුවන බොහෝ සෙල්ලිපි 9 වන සහ 10 වන සියවස්වලට අයත් වන පසුබිමක, 2 වන සියවස තරම් මුල් යුගයකදී අනුරාධපුර මධ්‍යම රජයේ ආධිපත්‍යය හා පාලන බලය මන්නාරම දක්වා ව්‍යාප්තව පැවති බව තහවුරු කරන එකම ඓතිහාසික ලේඛනය වන්නේ ද මෙයයි.

    පූර්ව බ්‍රාහ්මී අක්ෂර මාලාවෙන් සහ පැරණි සිංහල භාෂාවෙන් අඹා ඇති සෙල්ලිපිය මගින් එකල පැවති ආගමික හා කෘෂිකාර්මික පරිපාලනය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණය වේ. "හත" නමැති ප්‍රදේශයේ "කලහඛිලික" නම් විහාරය මහල්ලකනාග රජු ( ? මහා දාඨික මහානාග රජු ) විසින් කරවූ බවත්, "බොරනක" ගමට අයත් "නලහ" සහ "නලක" යන වැව්වලින් ලැබුණු ආදායම මෙම විහාරයට මෙන්ම "ඛකිණි" විහාරයට පූජා කළ බවත් එහි ඉතා පැහැදිලිව සටහන් කර ඇත.

    සෙන්ටිමීටර 103ක දිගකින් සහ සෙන්ටිමීටර 56ක පළලකින් යුත් මෙම පුවරුව මුලින්ම මතුවන්නේ මුරුන්කන් රෝහල් භූමියේ වෛද්‍ය හා හෙද නිල නිවාස ඉදිකිරීම සඳහා භූමිය සුද්ධ පවිත්‍ර කිරීමේදීය. විශාල ගල් ටැම් සහ අතීත ගොඩනැගිලි නටබුන් අතර තිබී හමුවූ මෙය, පසුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවදානයට යොමු වන තෙක්ම රෝහලට පැමිණි රෝගීන්ට අසුන් ගැනීමට බංකුවක් ලෙස දීර්ඝ කාලයක් තිස්සේ භාවිත කර තිබිණි.

    Kokila Withanathanthri

     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,619
    102,987
    113
    සුද්දෝ පාර හදනකොට සෑහෙන නටඹුන් පාරට දැම්ම කියල කියනවා. නැගෙනහිර පළාතේ තමයි ඒවා වැඩි වශයෙන් වුනේ කියලත් කියනවා.
    ඔව්. ඒ කරලත් ඔච්චර ඉතුරු වෙලා තියෙනවා කියන්නේ කොහොම තියෙන්න ඇද්ද? බෙල් එහෙම මොනවා උනත් මේ ගාණට හරි බේරලා දුන්න එක වටිනවා.

    නැගෙනහිර එහෙම දැන් ජනාවාස නැති උනාට ඔය රජගල වගේ තැනක බලාගන්නවා කියන්නේ දැන් නිකං බස්නාහිර පළාත වගේ තියෙන්න ඇති ඔය පැති.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,093
    1,690
    113
    United States
    වසර එක්දහස් අටසියයකටත් වඩා පැරණි සෙල්ලිපියක් රෝහලේ බංකු ලෑල්ලක් වගේ පාවිච්චි වෙනවා කියන එක නම් හරිම කණගාටුදායකයි.
    මේ වගේ වටිනා පුරාවස්තු ආරක්ෂා කරලා කෞතුකාගාරයක හරි තැන්පත් කරන්න බලධාරීන්ගේ ඇස් ඇරෙන්න ඕන.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,619
    102,987
    113
    වසර එක්දහස් අටසියයකටත් වඩා පැරණි සෙල්ලිපියක් රෝහලේ බංකු ලෑල්ලක් වගේ පාවිච්චි වෙනවා කියන එක නම් හරිම කණගාටුදායකයි.
    මේ වගේ වටිනා පුරාවස්තු ආරක්ෂා කරලා කෞතුකාගාරයක හරි තැන්පත් කරන්න බලධාරීන්ගේ ඇස් ඇරෙන්න ඕන.
    ඇස් ඇරිලා නිසා තමා දැන් ඒක පුරාවිද්‍යා එකෙන් බලන්නේ.