කිරියෝ ඔක්කොම ටික වරෙල්ලා - උඹලට හිතිලා නැද්ද වියදම් අඩු කරගන්න?

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,697
    6,502
    113
    මට කාලයක් තිබුනා හැමදාම අතේ සතේ නැති. ෆ්රීලාන්ස් ප්රොජෙක්ට් කලේ ඒකලේ. මාස කීපයකට සැරයක් නේ සල්ලි එනනේ ඒ නිසා මාර අමාරුවෙන් හිටියෙ. ගහපු ගේමක් තමයි පිටකොටුවෙ ඒම ගිහිල්ලා බල්ක් විදියට බඩු අරගෙන එන එක. ලූනු කිලෝ 25, හාල් 50 kg ක වගේ ඔය වගේ දේවල් ලොකුවට ගේනවා.

    කරවල එහෙම කිලෝ දහය පහළොව ගේන්නේ. මාළු කඩේ මාළු මාළු ගේන්නේ මාසෙටම ඇති වෙන්න. ඒ වගේම එළඹදු ගේන්නෙත් මැනින් මාකට් එකෙන්. මාළුයි එළවළුයි දෙකම එකපාර අරගෙන එන්නේ. ඒලෝලු නං ඉතින් සතියකට සැරයක් විතර ගේන්නේ. ඔය විදියට තමයි සල්ලි ඉතිරි කලේ. ගොඩක් දුරට කඩේ ලොකු ලූනු කිලෝ එක රුපියල් දෙසිය පනහට යද්දී මම පිට කොටුවෙන්න පුළුවනි එකසිය පනහට ගන්න. මාළු කෙඩ් මාලු 1000 නම් එලියේ 2000, එළවළුත් එහෙමයි.

    මස් මම ගත්තෙ ලග තිබුන ෆාම් හවුස් එකකින්. උට කෝල් කරල කිව්වම කිලෝ 25 ක් ඔන කියල ඌ මරල මස්කරල තියනවා. දැන් කීල්ස් එකේ 1350 මස් මම ගන්නේ අයිස් නැතුව ඊයෙ ගෙනාවේ 900 ට. කුකුල පනපිටින් නම් ගන්ෙන් දැන් ප්රයිස් එක 640. මරණ කරන වැඩ කරන්න හිතක් පපුවක් තියන් බැරිනිසා 900 ට ගන්නවා.

    මාසෙ යන බඩු කොහොමත් යනවනේ මගේ ට්රික් එක ඒව තොගයට එකපාර ගන්න එක. එතකොට පට්ට ඩිස්කවුන්ට් එකක් එනවා. අඩුම මට මාසයකට ලක්ෂයක් විතර ඉතිරි වෙනවා. අපේ ගෙදර ඉන්නේ අම්මයි මමයි තාත්තයි විතරක් උනාට පට්ට නෑදෑයො ගොඩක් එනවා හැමදාම. ඉතින් වියදම සැරයි.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,636
    1
    53,368
    113
    ප*යාගල
    sorry.com
    කඩ කෑම ඔක්කොම නවත්තල තියෙන්නෙ ඉතින්.
    පොලෙන් ගන්නව එලවලු
    මාලු ගන්නවා බෝට්ටු ගොඩ කරන තැනින්.
    මස් නම් පට්ට ගනන්. කන එක අඩු කරා. තේ බොන එකත් අඩු කරා
     

    Anthurium

    Well-known member
  • May 15, 2017
    467
    762
    93
    ලූනු කිලෝ 25, හාල් 50 kg ක වගේ ඔය වගේ දේවල් ලොකුවට ගේනවා.

    කරවල එහෙම කිලෝ දහය පහළොව ගේන්නේ. මාළු කඩේ මාළු මාළු ගේන්නේ මාසෙටම ඇති වෙන්න. ඒ වගේම එළඹදු ගේන්නෙත් මැනින් මාකට් එකෙන්. මාළුයි එළවළුයි දෙකම එකපාර අරගෙන එන්නේ. ඒලෝලු නං ඉතින් සතියකට සැරයක් විතර ගේන්නේ. ඔය විදියට තමයි සල්ලි ඉතිරි කලේ.
    කොහොමද බන් ළුණු/ කරවල කාලයක් නරක නොවී තියාගන්නේ ??
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,697
    6,502
    113
    කොහොමද බන් ළුණු/ කරවල කාලයක් නරක නොවී තියාගන්නේ ??

    ලූනු මාස 1.5 කිසිම අවුලත් නැතිව තියා ගන්න පුළුවන්. කරවල ගෙනාවම සුද්ද කරල බෑ ක් කරලා ඩීෆ්රීස් කරනවා. මම තඩි ලොප් ලෝඩඩ් ෆ්රීසර් එකක් ගෙනත් තියෙන්නේ. සෝලා ගහල නිසා කරන්ට් එකට කිසිම වියදමක් නෑ
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,860
    5,014
    113
    වියදම් අඩු කරන්න නම් ඉතින් හොද කොලිටි කෑම නැතුව ලැබෙන දෙයක් කාපල්ලා. ඊට පස්සේ ලෙඩ හදාගෙන නිකන් දෙන බෙහෙත් ටිකක් බීල කලින්ම කුරියා ගහල යන්න තියෙන්නේ. :lol:මතක ඇතුව දියුණු රටවල් වල ජීවිතය වැඩක් නෑ ඒවායේ සැප නෑ කියල ත්‍රෙඩ් / කමෙන්ට් දාපල්ලා. :ROFLMAO:
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,144
    1,404
    113
    කලින් මාස වල වියදම් ටික google sheet එකක update කළා ඒ ඒ දවස් වලම.

    ඒ හින්දා දැන් මම දන්නවා සාමාන්‍යයෙන් මාසෙකට petrol/diesel වලට, හාල් වලට, අනිත් උයන දේවල් වලට, බිස්කට්/පාන් වගේ කෙටි කෑම වලට, electricity/water bills වලට, phone/router වලට, සහ අනිත් දේවල් වලට සාමාන්‍යයෙන් යන වියදම්.
    (මේවාට අමතරව හදිස්සියේ වෙන වියදම්; බයික් එක හදන්න, ගෙදර බල්බ් පිච්චුණාම දාන්න, බෙහෙත් ගන්න වගේ ඒවා අමතරව එකතු වෙනවා)

    අර තොරතුරු වලින් මේ මාසෙ අනිවාර්යයෙන්ම වියදම් කරන්න වෙන ප්‍රමාණය ගැන යම් අදහසක් තියෙනවා.
    ඒක අනුව මාසෙ salary ආව ගමන් මුලින්ම කරන්නෙ අත්‍යවශ්‍ය වියදම් අයින් කරපුවාම ඉතුරු වෙන මුදල අනිත් account එකට transfer කරලා මාසෙකට හරි FD එකක් දාන එක.

    ණය වෙන්නෑ. කාගෙන්වත් ණයට ඉල්ලන්නෙත් නෑ.

    * මම ලොකු පඩියක් ගන්න කෙනෙක් නෙවේ. සමහර විට කිරියෙ අඩුම පඩියක් ගන්න අය අතරින් කෙනෙක් වෙන්න ඇති.
    ඉතින් කලින් ඉඳන්ම ඔය ප්‍රශ්නෙ මට තියෙනවා.

    Google task එකේ notification එකක් එන්න දාගෙන තියෙන්නෙ මේ මාසෙ ChatGPT plus subscription එක renew වෙන දවසට කලින් ඒක අයින් කරන්න ඕනෙ කියලා.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,418
    15,578
    113
    ඇත්තටම සංතෝෂයි මේ වගේ ආණ්ඩුවට රටට බරක් නොවී ජීවත් වෙන විදිය ගැන කතා කරන පිරිසක් බිහිවීම ගැන..

    පුළුවන් තරම් රටේ ඩොලර් පිටරටට යවන දේවල් වලින් ඇත් වෙලා ඉන්න, public transport යූස් කරන්න. එතකොට තෙල් ටික ගන්න ඩොලර් හරි ඉතුරු වෙනවා.
    :yes: ☝️
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,401
    102,512
    113
    ඇත්තටම සංතෝෂයි මේ වගේ ආණ්ඩුවට රටට බරක් නොවී ජීවත් වෙන විදිය ගැන කතා කරන පිරිසක් බිහිවීම ගැන..

    පුළුවන් තරම් රටේ ඩොලර් පිටරටට යවන දේවල් වලින් ඇත් වෙලා ඉන්න, public transport යූස් කරන්න. එතකොට තෙල් ටික ගන්න ඩොලර් හරි ඉතුරු වෙනවා.
    මේකේ අදහස තමා ඊළග පාර හොම්බෙන් යන්න වෙනවා කියන එක
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,491
    3,921
    113
    colombo
    වියදම් අඩු කරන්න නම් ඉතින් හොද කොලිටි කෑම නැතුව ලැබෙන දෙයක් කාපල්ලා. ඊට පස්සේ ලෙඩ හදාගෙන නිකන් දෙන බෙහෙත් ටිකක් බීල කලින්ම කුරියා ගහල යන්න තියෙන්නේ. :lol:මතක ඇතුව දියුණු රටවල් වල ජීවිතය වැඩක් නෑ ඒවායේ සැප නෑ කියල ත්‍රෙඩ් / කමෙන්ට් දාපල්ලා. :ROFLMAO:
    දියුණු රටේ 😂😂😂😂 අනේ බාන් මුළු සතියුටම හරියන්න කෑම හදලා ෆ්‍රීශ් කරලා කන වුන් දෙන ටෝක් බලපන්.

    අන්තිමට හොඳ රෙස්ටුරන්ට් එකට ගිහින් කෑම කාපු දවසක් මතක නැතුව ඇති මෙයාලට 😂😂😂😂
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,685
    8,239
    113
    මන් සිල්ලර ගන්නේ ගෙදර ළඟ පොඩි කඩෙන්, ඌ කිරිපිටි නෙස්ටොමෝල්ට් එහෙම ඩිස්කවුන්ට් දාල දෙනවා. අල ළූණු හාල් ඒවාට වෙනම කඩ තියෙනවා ඒවායින් ගන්නවා. සුපර් මාකට් වල එළවලු හොඳයි, එත් පොලේ ගණන් අඩුයි. එත් ඒවා තෝරන්න ඕන. මාළු ගන්නේ හන්දියේ මාළු කඩෙන්. මස් සුපර් මාකට්. දුර ගමන් බස් එකෙන්. ළඟ තැන පයින් හෝ බයික් එකේ. එච්චරම තමයි. වෙන අඩු කරන්න විදි නෑ.
    උඹ වත්තේ පොඩියට එළවලු අරව මේවා ටිකක් වගා කරන්නේ නැද්ද බන්..
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,477
    1
    158,980
    113
    98
    කෑගල්ල
    කඩ කෑම ඔක්කොම නවත්තල තියෙන්නෙ ඉතින්.
    පොලෙන් ගන්නව එලවලු
    මාලු ගන්නවා බෝට්ටු ගොඩ කරන තැනින්.
    මස් නම් පට්ට ගනන්. කන එක අඩු කරා. තේ බොන එකත් අඩු කරා
    මොන ජීවිතද අප්ප මෙ
    මුන්ගෙ ගෙදර ගියට තෙ කහට එකක්වත් හම්බෙන එකක් නැ :cautious:
     

    Choot

    Well-known member
  • Nov 2, 2010
    395
    373
    63
    කලින් මාස වල වියදම් ටික google sheet එකක update කළා ඒ ඒ දවස් වලම.

    ඒ හින්දා දැන් මම දන්නවා සාමාන්‍යයෙන් මාසෙකට petrol/diesel වලට, හාල් වලට, අනිත් උයන දේවල් වලට, බිස්කට්/පාන් වගේ කෙටි කෑම වලට, electricity/water bills වලට, phone/router වලට, සහ අනිත් දේවල් වලට සාමාන්‍යයෙන් යන වියදම්.
    (මේවාට අමතරව හදිස්සියේ වෙන වියදම්; බයික් එක හදන්න, ගෙදර බල්බ් පිච්චුණාම දාන්න, බෙහෙත් ගන්න වගේ ඒවා අමතරව එකතු වෙනවා)

    අර තොරතුරු වලින් මේ මාසෙ අනිවාර්යයෙන්ම වියදම් කරන්න වෙන ප්‍රමාණය ගැන යම් අදහසක් තියෙනවා.
    ඒක අනුව මාසෙ salary ආව ගමන් මුලින්ම කරන්නෙ අත්‍යවශ්‍ය වියදම් අයින් කරපුවාම ඉතුරු වෙන මුදල අනිත් account එකට transfer කරලා මාසෙකට හරි FD එකක් දාන එක.

    ණය වෙන්නෑ. කාගෙන්වත් ණයට ඉල්ලන්නෙත් නෑ.

    * මම ලොකු පඩියක් ගන්න කෙනෙක් නෙවේ. සමහර විට කිරියෙ අඩුම පඩියක් ගන්න අය අතරින් කෙනෙක් වෙන්න ඇති.
    ඉතින් කලින් ඉඳන්ම ඔය ප්‍රශ්නෙ මට තියෙනවා.

    Google task එකේ notification එකක් එන්න දාගෙන තියෙන්නෙ මේ මාසෙ ChatGPT plus subscription එක renew වෙන දවසට කලින් ඒක අයින් කරන්න ඕනෙ කියලා.
    Ow meka nam practical