ඊලාම් යුද්ධයේ බිහිසුණුම පරාජය..

chanaka

Well-known member
  • May 4, 2006
    3,225
    803
    113
    හතරවැනි ඊලාම් යුද්ධයේ බිහිසුණුම පරාජය..​
    ...2006 ඔක්තෝබර් 11. .
    නාගර්කෝවිල් මුහුදත් කිලාලි කලපුවත් අතර කිලෝමීටර් දොලහක් පමණ වූ පටු බිම් තීරය හරහා තිබූ මුහමාලේ ඉදිරි ආරක්ෂක වළල්ල හෙවත් ජාතික පෙරමුණෙන් ඉදිරියට ගොස් එල්.ටී.ටී.ඊ ආරක්ෂක වලල්ලේ සිටින ත්‍රස්තයන් එකා දෙන්නා බිලීබා ගැනීම එකල එම ආරක්ෂක වලල්ලේ යුදහමුදා බලඇණි වල සාමාන්‍ය රාජකාරිය බවට පත්ව තිබිණ. ඒ වන විට මාවිල්ආරු අමුණ මුදා ගැනීමෙන් පසු සාම්පූර් සහ වාකරේ ප්‍රදේශ දක්වා කොටි බලය සිඳලමින් මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පැවති අවධියක මුහමාලේ ත්‍රස්තවාදී ආරක්ෂක වලල්ලේ බලය බිඳ දමමින් එය අත්පත් කර ගැනීමේ සැලසුමක් සකස්විය. ඒ 2006 අගෝස්තු 11 මුහමාලේ පිවිසීමේ පිටවීමේ මුරපොල සහ ඉදිරි ආරක්ෂක වලල්ලට එල්ල වූ ප්‍රහාරයෙන් හරියටම දෙමසක් පිරෙන දිනයේදී ය. කෙසේවෙතත් ප්‍රතිඵලය දෙස බලන විට සිතෙන්නේ එම සැලැස්ම කලින්ම එල්ටීටීඊ ය අතට පත් වූයේද යන සැකයයි. මන්ද විශ්මය පවත්වා ගනිමින් ක්‍රියාත්මක කළ ද, එම ක්‍රියාන්විතයට ත්‍රස්තවාදීන් නොසූදානම්ව නොසිටි බැවිනි. මේ කෙටි සටහන තබන්නේ එම සිදුවීම අමතක නොවනු පිණිස මෙන්ම, එම මෙහෙයුමේදී දිවි පිදූ රණකාමී විරෝධාර සොල්දාදුවන් සිහිපත් කරලීම උදෙසාය.

    කමාන්ඩෝ රෙජිමේන්තු නිලධාරියෙකු වූ බ්‍රිගේඩියර් සමන්ත සුරියබණ්ඩාර අණදුන් 53 සේනාංකයට මෙම මෙහෙයුම් කාර්යය පැවරිණ. ඒ යටතේ ක්‍රියාත්මක 531 බලසේනාව හෙවත් ගුවන් සංක්‍රමණික බලසේනාවේ අණදෙන නිලධාරියා වුයේ එවකට කර්නල් ශවේන්ද්‍ර සිල්වායි. එම බලසේනාවට අයත් එවකට මේජර් නිශාන්ත මානගේ අණදුන් 01 වන විජයබාහු පාබල රෙජිමේන්තුව , මේජර් සංජය වනිගසිංහ අණදුන් 05 වන ගැමුණු හේවා බළ ඇණිය සහ ලුතිනන් කර්නල් ජාලිය සේනාරත්න අණදුන් 06 වන ගජබා බළඇණිය වෙත මෙම ප්‍රහාරාත්මක ක්‍රියාන්විතය සඳහා නියෝග ලැබිණ. සන්නාහ සන්නද්ධ රථ හෙවත් අප කවුරුත් ව්‍යවහාර කරන යුධ ටැංකි මුලික කරගත් ක්‍රියාන්විතයක් ලෙස එය සැලසුම් කර තිබිණ. 4 වන සන්නාහ සන්නද්ධ බලඇණියේ 6 වැනි විමර්ශන රෙජිමේන්තුවේ (Reconnaissance Regiment ) සසන්නද්ධ රථ ඊට යොදාගැනින.බලඇණි අණදෙන නිලධාරියා වුයේ එවකට මේජර් බන්දුල වේරගමයි. T 55 වර්ග⁣යේ ප්‍රබල සන්නද්ධ රථ 6ක් ඇතුලු BMP රථ සහ භටපිරිස් ප්‍රවාහනය කෙරෙන APC හෙවත් (Armored personal carrier) රථ සමූහයක් මෙහෙයමේදී ත්‍රස්තවාදී ආරක්ෂක බැම්ම බිඳ ඉදිරියට යාමට නියමිතව තිබිණ. එවකට බ්‍රිගේඩියර් කමල් ගුණරත්න අණ දුන් 55 සේනාංකයට පැවරුණු වගකීම වූයේ, ක්‍රියාන්විතයේදී අත්පත් කරගන්නා කොටි ආරක්ෂක වළල්ලේ බලය තහවුරු කරගැනීමයි. ඔක්තෝබර් 11 වැනිදා උදෑසන 6.30ට පමණ මුහමාලේ ඉදිරි ආරක්ෂක වළල්ලේ ස්ථාන කිහිපයකින් භට පිරිස් කොටි ඉදිරි ආරක්ෂක වළල්ල වෙත ප්‍රහාරාත්මක ගමන ආරම්භ කළේ කාලතුවක්කු හා මල්ටි බැරල් ආධාරක වෙඩි බලයේද සහයෙන්.

    6.jpg


    A -09 මාර්ගයට නැගෙනහිරින් සහ බටහිරින් පාබල බට පිරිස් ඉදිරියට යාමට සමගාමීව සන්නාහ සන්නද්ධ රථ ද ඉදිරියට යාම ආරම්භ කෙරිණ. සන්නද්ධ රථවල පැති ආරක්ෂාව වෙනුවෙන් වෙඩි බලය ලබාදීම පැවරුණේ 1 වැනි විජයබාහු පාබල රෙජිමේන්තුවේ ඇල්ෆා කණ්ඩායමටයි. අපේක්ෂා කළ තරමේ ‍ප්‍රබල ප්‍රහාරයකින් හා ප්‍රතිරෝධයකින් තොරව කොටි සංවිධානයේ පළමු ආරක්ෂක වළල්ල මත සිටගත් භට පිරිස් වලට තවත් ඉදිරියට යාමට එම අවම ප්‍රතිරෝධය උත්තේජනයක් වූවාට සැක නැත. කොටි සංවිධානයේ යුද අගල් හා පස්බැමි (Ditch cum Bund) සංකල්පයේ නිමැවුම්කරුවා වූ තීපන් මෙන්ම මාලතී බලකායේ ප්‍රධානී විදූෂා හා දුර්ගා ප්‍රධාන නොටි නායක නායිකාවන් එතැනින් ඔබ්බට අටවා කිබූ මර උගුල ගැන මොහොතකට හෝ සැක නොසිතූ පාබල සෙබලුන් හා සන්නද්ධ රථවල අණ දෙන්නන් ක්‍රමයෙන් ඉදිරියට යන්නට විය.

    කොටින්ගේ දෙවෙනි ආරක්ෂක වළල්ලේ පිහිටි යුද අගල තම මරණයේ දොරටුව බව මොහොතකටවත් නොසිතූ බලඇණි තුනේම සෙබළුන් යුද අගලට බැසගැනීමත් ත්‍රස්තවාදීන්ගේ සැලසුම ක්‍රියාත්මක විය. පස් බැම්මේ ඉහළ සිට අවි මානාගෙන සිටි ත්‍රස්තවාදීන්ගේ ඉලක්ක පත් ලෙස යුද අගලේ බැසගෙන සිටි යුද හමුදා සොල්දාදුවන් පත් වීමට ගත වූයේ තත්පර කිහිපයක් පමණි. සෙබලුන් එක්කෙනා දෙන්නා බිම ඇද වැටීමට විසල් කාලයක් අවශ්‍ය වුයේ නැත. දෛවයේ හාස්කමකින් මෙන් වෙඩි පහරක් නොවැදී ජීවිතය ගැලවුණු කිහිප දෙනෙකු හැරුණුවිට අන් සියලු සොල්දාදුවන් යුද අගල තුළම සිය ජීවිතය දේශය වෙනුවෙන් පූජා කර තිබිණ. ත්‍රස්තවාදීන්ට පස් බැම්මේ ඉහළ සිට ගත යුතුව තිබුණේ ඉතා පහසු ඉලක්කයක් පමණි. ඉතා පටු ලෙස හාරා තිබූ දෙවන ආරක්ෂක අගලට බැසගත් සෙබලුන්ට ඒ තුල සිට අවිය හැසිරවීමද කළ නොහැක්කක් විය. අගලට බැසගත් සෙබළ කණ්ඩායම් හට නැවත පස් කන්දක් තරණය කිරීම කිරීම කිරීම කිරීම ද අපහසු තත්ත්වයක් විය. එහි වාසිය ලබාගත් කොටි ත්‍රස්තයෝ පස් බැම්මේ ඉහළ සිට අත්බෝම්බ දමා ගසා එක් එක් සෙබලුන් තෝරාගෙන වෙඩි තැබුවේ එතරම් පතුරම් ප්‍රමාණයක් ද නාස්ති කරනොගනිමිනි. පස් බැම්ම මත සිට ගත් ත්‍රස්තවාදීන්ට අගළ තුළ ඔබ මොබ දුවන සෙබළුන් පහසු ඉලක්කයක් විය. බොහෝ දෙනෙක් යුද අගල තුළම ජීවිත පුජා කළහ. තුවාල ලබා දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් වැටී සෙබළුන්ගේ යම් චලනයක් හෝ දුටු ත්‍රස්තවාදීන් ඔවුන්ව සදහටම නිසල කිරීමට උන්ඩ කිහිපයක් වැය කළහ. නැතහොත් බෝම්බයක් කඩා දමනු ලැබීය.ඒ අතර සන්නාහ සන්නද්ධ රථ වේගයෙන් ඇදී ආ දෙවන ආරක්ෂක වළල්ලේ තැනින් තැනක් වළ දමා තිබූ යුදටැංකි නාශක බිම් බෝම්බ වල ගොදුරක් වීමට සන්නද්ධ රථ වලට මහා ලොකු කාලයක් ගත වුයේ නැත.
    5.jpg

    2.jpg

    1.jpg

    4.jpg

    3.jpg


    ඇතැම් සන්නද්ධ රථ වල චේන් ට්‍රැක් හෙවත් දම්වැල් සබඳතා බ්‍ම්බෝම්බ වලට සුනු විසුනු වී ගොස් තිබිණ. බොහෝවිට ආර් පී ජී ප්‍රහාරයකින් හෝ විනාශ කළ නොහැකි සන්නද්ධ රථවලට ත්‍රස්තවාදීන් පහරදීමට මෙහිදී වෙනම උපක්‍රමයක් භාවිතා කළහ. ගැඹුරු යුද අගල සමීපයට සන්නද්ධ රථ ළඟාවන විට RPG අවි වලින් සන්නද්ධව ත්‍රස්තවාදීන් සැඟව සිටියේ අගල තුලය. ඒ සන්නද්ධ රථයක තල්ල හෙවත් ඉදිරිපස යට කොටසට වෙඩි තැබීම පහසු නිසාය. HEAT හෙවත් High Explosive Anti Tank බෝම්බ අවියට කැවූ විට එමගින් සන්නද්ධ රථය සිදුරු කර පුපුරා දැමීමටද අවකාශ ඇත. එම අගලට තල්ලු වු යුද ටැංකි වලට ආපසු හරවාගෙන යාම නොහැකි වුයේ ප්‍රහාර වල ප්‍රබලත්වය මෙන්ම අඟලේ ගැඹුරු බව නිසාය
    ​

    යුද ටැංකිවල පැති ආරක්ෂාවට ගිය 1 වැනි විජයබාහු බලඇණියේ ඇල්ෆා කණ්ඩායම අගල් සහ මරඋගුල්වල තවදුරටත් සිරවී තිබූ යුද ටැංකි පසුපසට රැගෙන ඒමට දිවි නොතකා සටන් කළහ. කෙසේ වෙතත් පසුපසට ගැනීමට නොහැකිව තිබූ සන්නාහ සන්නද්ධ රථවල සිටි සෙබලුන් RPG සහ ස්වයංක්‍රිය මැෂින් තුවක්කු වල ඉලක්කපත් බවට පත්වී සිටියහ. සන්නද්ධ බලකායේ නිලධාරියෙකු වු මේජර් සම්පත් තන්තිරිගේ කොටි ප්‍රහාරයෙන් දිවි පිදූ අතර ඔහුගේ දේහය රැගෙන ඒමට සෙබලුන් හට දැඩි වෑයමක් දැරීමට සිදුවූහ. අකර්මන්‍ය වූ සන්නද්ධ රථවල තිබූ ප්‍රබල 12.7mm අවි කොටි ත්‍රස්තවාදීන් විසින් ගලවාගෙන තිබිණ. සන්නාහ සන්නද්ධ රථ ත්‍රස්තවාදීන් අතට පත්වීම වළක්වා ගත හැකිව තිබූ එකම ක්‍රමවේදය වූයේ ඒවා විනාශ කර දැමීමයි. ඒ අනුව ගුවන් ප්‍රහාර එල්ල කොට ඒවා විනාශ කර දැමීමට ඉහළින් අණ ලැබී තිබිණ. මෙම මෙහෙයුමෙන් T 55 වර්ගයේ සන්නද්ධ රථ හතරක්, BMP වර්ගයේ සන්නද්ධ රථ දෙකක් සහ APC රථ හයක් යුධ හමුදාවට අහිමි විය. එදින මධ්‍යහ්නය වන විට සන්නද්ධ රථවල ආරක්ෂාවට ගොස් සිටි පළමු විජයබාහු පාබල රෙජිමේන්තුවේ ලුතිතන් අනුරංග ප්‍රමුඛ කණ්ඩායමේ එක් සොල්දාදුවෙක් හැර සියලු දෙනා දිවි පුදා තිබිණ.

    මේ ආකාරයට දහවල් වන විට දරුණු ආපදා රැසකට මුහුණ දෙන්නට ගුවන් සංක්‍රමණික බලසේනාවේ භට කණ්ඩායම් වෙත සිදු වී ඇති පණිවිඩය ඉහළ නිලධාරීන්ට දැනුම් දෙන්නේ 53 වන සේනාංකයට පසුපසින් ක්‍රියාන්විතය සඳහා එක් වු 55 වන සේනාංකයේ භට කණ්ඩායම් විසිනි. හානි වූ නිවසක සෙබලුන් විශාල ප්‍රමාණයක් තුවාල ලබා අසීරු තත්ත්වයක පත්ව සිටි අතර, ඔවුන් පසු පසට ගැනීම මේ අවස්ථාවේ දැඩි අසීරු කාරණයක් වී තිබුණි. කොටි දෙවන ආරක්ෂක වළල්ල පුරා අඩි 16 ක් පමණ වු විශාල යුද අඟලක් වු අතර, එහි සැකැස්ම සම්මත යුද අඟල් ක්‍රිමවේදයෙන් පරිබාහිර වු අතර, එහි පස් කපා පසු පසට දමා තිබු අතර තම අවිය රැගෙන ඍජු ලෙස ඉදිරියට යාමට නොහැකි වන පටු ආකාරයට නිර්මාණය කොට තිබු අතර, එය සැබවින්ම යුද අඟලකට වඩා මාරාන්තික මාරක වළක් ලෙස නම් කළ හැකිය. එල්ටීටීඊ ත්‍රස්තවාදීන් මෙම මාරාන්තික යුද අඟලට සමීප වන භට කණ්ඩායම් වෙත ඍජුවම මෝටාර් ප්‍රහාර එල්ල නොකරන අතර, හමුදා භට කණ්ඩායම් වල පසු පසට මෝටාර් ප්‍රහාර එල්ල කරනු ලැබීය.
    මේ ආකාරයට දරුණු ආපදා රැසකට හමුදා භට කණ්ඩායම් ගොදුරු වු අතර, ආරක්ෂාව තහවුරු කරගැනිමට පසුපසින් මෙහෙයුමට එක්වූ 55 වන සේනාංකයේ 04 වන ගැමුණු හේවා බළකායේ චාලි කණ්ඩායමම එහි නිලධාරී අණදෙන (OC) වු කපිතාන් ඩර්වින් සමග දිවි දී තිබිණ .

    සටනට එක්වූ 55 සේනාංකයේ 09 වන ගැමුණු හේවා, 01 වන ගැමුණු හේවා, 01 වන ගජබා ,සිංහ රෙජිමේන්තුව ,04 වන ගැමුණු හේවා බළ ඇණිය, 05 වන විජයබාහු යන පාබල සටන් ඒකක වල භට කණ්ඩායම් ද එල්ටීටීඊ මර උගුලේ ගොදුර බවට පත්වූූහ.මෙම සටනේදී බිම දිගා වී සිංහල බස මනා ලෙස උච්චාරණය කළ එල්ටීටීඊ ත්‍රස්තවාදීන් ගේ ගොදුර බවට පත්වු භට කණ්ඩායම් බොහෝමයක් විය. ඒ අනුව යම් ලෙසකින් උපකල්පනය කළ හැක්කේ මෙම සටන් සැලසුම යම් ප්‍රමාණයකින් කොටි සංවිධානය අතට පත් වූයේද යන්නයි..සවස 4.30 පමණ වන විට එල්ටීටීඊ ත්‍රස්තවාදීහූ මියගිය හමුදා භටයන් ගේ සිරුරු වෙත ඩබල් ටැප් ප්‍රහාර එල්ල කරමින් භුමියේ ආරක්ෂාව තහවුරු කරගත්හ. පසු බැසීමේ නියෝග ලැබෙන විට සිදු නොවිය යුතු සහ අපේක්ෂා නොකළ බොහෝ දේ සිදුවී තිබිණ.

    මෙය එක් දිනක් තුල රටේ ක්‍රියාන්විතයකදී සිදුවූ විශාලතමයි පසුබෑම ලෙස හැඳින්වීමේ වරදක් නැත.. මෙය අඩුම තරමින් ජාතික ආරක්ෂක මණ්ඩලය හෝ නොදැනුවත්ව කළ මෙහෙයුමක් වශයෙන්ද ඒ දිනවල කතාබහ විවේචන සහ මතවාද පැවතිණ.. මේ ආකාරයට ඔක්තෝබර් එකොළොස්වැනි දින නිමාවට පත් වූයේ විවිධ පාබල ඒකකවලට අයත් නිලධාරීන් ඇතුළුව සෙබලුන් 300 කට ආසන්න පිරිසක් දැයට අහිමි කරවමිනි. ඒ අතරින් අතුරුදන්සෙව සිටි සෙබලුන් 74 දෙනකුගේ සිරුරු කොටි සංවිධානය විසින් වවුනියාව ඕමන්තේදී අන්තර්ජාතික රතුකුරුස සංවිධානය හරහා රජයට බාරදීම දරාගත නොහැකි තත්වයක් විය. සටනින් තුවාල ලද සංඛ්‍යාව 600 කට ආසන්න විය.
    යුද්ධය විජයග්‍රහණ ජයග්‍රහණ මෙන්ම පසුබෑම්ද ලඟා කර දෙනු ඇත. දීර්ඝ තොරතුරු හා පැහැදිලි කිරීම් වලින් තොරව මේ සටහන තැබුවේ කිසිදු නිලධාරියෙක් විවේචනයට නොව මතක සටහනක් තබනු පිණිසමය.
     
    Last edited:

    nupus

    Well-known member
  • Oct 28, 2023
    256
    372
    63
    TFS. රණවිරුවන් දිවි හිමියෙන් පුදා රැකගත් මවුබිම ජාති ආගම් දේශපාළන භේධයකින් තොරොව රැක ගැනීම සියළුම ශ්‍රීලාන්කිකයන්ගේ වගකීමයි.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,901
    2,461
    113
    Nugegoda
    ඊලාම් යුද්ධයේ නොව හතරවැනි ඊලාම් යුද්ධය ලෙස නිවැරදි විය යුතුය. මීට වඩා ලොකු පරාජයන් 2 සහ 3 ඊලාම් යුද්ධ වල වුනා
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,599
    18,898
    113
    35
    Spain
    ඊලාම් යුද්ධයේ නොව හතරවැනි ඊලාම් යුද්ධය ලෙස නිවැරදි විය යුතුය. මීට වඩා ලොකු පරාජයන් 2 සහ 3 ඊලාම් යුද්ධ වල වුනා
    ඔවු බන්, මුලතිවු කඳවුර බිඳ වැටීම, අලිමංකඩ බිඳ වැටීම එහෙම දරුණුම සටන්.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,924
    8,692
    113
    දරුනුම එක මුලතිව් නේද 1500 මැරුනා. බිලියන 2 3 වඩා ආයුද නැතිඋනා. 1996 නැතිඋන මුලතිව් 2009 වෙනකන් අල්ලගන්න බැරි උනා. මේ ටිකේ මම ඔය ගැන විඩියෝ බැලුවා. ලේ රත් වෙනවා බන්, කැරි දෙමල්ලු කැතිගාන්න හිතෙනවා ඒව බලද්දි 😣
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,711
    8,946
    113
    රූකඩ රාජ්ජේ
    TFS. රණවිරුවන් දිවි හිමියෙන් පුදා රැකගත් මවුබිම ජාති ආගම් දේශපාළන භේධයකින් තොරොව රැක ගැනීම සියළුම ශ්‍රීලාන්කිකයන්ගේ වගකීමයි.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,957
    991
    113
    United States
    මේ වගේ සිදුවීම් කියවද්දි යුද්ධයේ ඇත්ත බර හොඳටම තේරෙනවා. රට වෙනුවෙන් දිවි දුන් රණවිරුවන්ට අපේ ගෞරවයයි කෘතඥතාවයි හැමදාම හිමි වෙන්න ඕනේ.