තංගල්ලේදී ප්‍රංශ ජාතික තරුණියකට ලිංගික අපරාධයක් කිරීමට උත්සාහ කළ බවට හිමිනමකට චෝදනා 😂

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,733
    9,064
    113
    @chami_84 ඉඳා 😂





    ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ අරමුණින් පැමිණ සිටින ප්‍රංශ ජාතික තරුණියක්, ඇයට තංගල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් විසින් ලිංගික අපරාධයක් සිදු කිරීමට උත්සහ කරන ලද බවට චෝදනා කරයි.


    තරුණිය පවසන්නේ කුමක්ද?​


    මෙම සිදුවීමට මුහුණ පෑ බව කියන 32 හැවිරිදි ප්‍රංශ ජාතික කාන්තාව පසුගිය ඔක්තෝබර් 02 වන දින ඇය නවාතැන් ගෙන සිටි ස්ථානයේ සිට මිනිත්තු 10කින් පමණ ළඟා විය හැකි දුරකින් පිහිටි විහාරස්ථානයකට භාවනා කිරීමේ අරමුණින් ගිය බව පවසයි.

    ඉන්පසුව ඇයට භාවනා කිරීමේ කුටියක් සොයාගැනීමට නොහැකි වූ නිසා ඇය ඒ සම්බන්ධයෙන් විහාරස්ථානයේ හිමිනමකගෙන් විමසා තිබේ.

    ඉන්පසුව ඇය මුහුණ පෑ බව කියන සිදුවීම ඇය අප වෙත මෙසේ පැහැදිලි මෙසේය.

    "මට භාවනා කරන හෝ වන්දනා කරන ස්ථානය හොයා ගන්න බැරි වුණ නිසා, මම භික්ෂූන් වහන්සේ නමකගෙන් ඒ පිළිබඳව විමසුවා. උන්වහන්සේ මා සමග එන ලෙස පවසා, විශාල බුද්ධ ප්‍රතිමාවක් සහිත කුඩා ගොඩනැගිල්ලක් වෙත මා කැඳවාගෙන ගියා. එම ගොඩනැගිල්ල සාමාන්‍යයෙන් වසා තබන එකක් බවට පෙනී ගියා...

    [ගොඩනැගිල්ල] ඇතුළතදී එම භික්ෂුව මගේ පිටුපසින් ම ඉතා ළඟට ආවා, ඔහු හුස්ම ගන්නවා මට දැනුණා. මට අපහසුතාවක් දැනුණු නිසා මම එම කාමරයෙන් පිටතට ආවා.

    ඉන්පසු වන්දනා කරන කාමරය වෙනත් තැනක බව පැවසූ ඔහු, නැවතත් තමා පසුපස එන ලෙස මට කිව්වා. ඔහු දිගු, අඳුරු කොරිඩෝවක් ඔස්සේ මා ගොඩනැගිල්ලේ තවත් ඇතුළතට එක්කගෙන ගියා.

    මට දැනුණු අපහසුතාවය එන්න එන්න ම වැඩි වුණ නිසා, ආපසු හැරී එළියට යන්න මම තීරණය කළා. එතකොට එම භික්ෂුව මගේ පස්සෙන් දුවගෙන ඇවිත් මගේ මැණික් කටුවෙන් අල්ලා ගත්තා. මම පොරබදලා බේරුණා.

    මම ගොඩනැගිල්ලෙන් එළියට යන්න දුවගෙන ගියා. ඔහු කෙළින් ම මගේ පස්සෙන් දුවගෙන ඇවිල්ලා නැවතත් මාව අල්ලගත්තා. මම මහ හයියෙන් කෑගහන ගමන් ගැලවී යන්න උත්සාහ කළා. "ෂට්, ෂට් / චට්" කිය කිය ඔහු නැවත නැවතත් මට නිශ්ශබ්ද කරන්න හැදුවා. ඔහු මාව බිත්තියකට තද කරලා, මගේ උරහිස බිත්තියට තද වන සේ රඳවාගෙන මම එතනින් එළියට යන එක නැවැත්වුවා.

    මට හැකි උපරිමයෙන් මම පොරබදා සටන් කළා, අවසානයේදී ඔහුගෙන් ගැලවිලා ගොඩනැගිල්ලෙන් පිටතට යාමට සමත් වුණා. ඔහු මගේ පස්සෙන් එළියට ආවේ නෑ."

    ඉන්පසුව ඇය වහා ම ඇයගේ 32 හැවිරිදි ජර්මානු ජාතික සහකරුට දුරකතනයෙන් අමතා සිදුවූ දේ පිළිබඳව දැනුම් දී ඇත. ඉන්පසුව ඔහු ස්කූටරයකින් එම ස්ථානයට පැමිණ තිබේ.

    "අදාළ භික්ෂුව හඳුනා ගැනීම සඳහා අපි නැවත පන්සලට ගිය විට, ඔහු මගේ සහකාරයා දැකලා පැනලා ගියා. අපි පොලිසියට දැනුම් දුන්නා, නමුත් පොලිසිය පන්සලට නොපැමිණි නිසා අවසානයේ අපිම පොලිස් ස්ථානයට ගියා," එම කාන්තාව පවසයි.

    "පොලිස් ස්ථානයේදී මම මගේ ප්‍රකාශය ලබා දුන්නා, එම භික්ෂුව මා දූෂණය කිරීමට උත්සාහ කළ බවට විශ්වාස කළ නිසා මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය බව පැහැදිලිවම ප්‍රකාශ කළා. අනාගතයේදී ඔහු නිසා මෙවැනිම තත්වයකට මුහුණ දීමට ඉඩ ඇති වෙනත් කාන්තාවන් ගැනත් මම කනස්සල්ලට පත්ව හිටියේ."

    ඔවුන් චෝදනා කරන්නේ පොලිසියේදී විහාරාධිපති හිමි සහ පොලිසිය විසින් ඔවුන්ට එම පැමිණිල්ල ඉවත් කරගන්නා ලෙස පවසන බවක් දැනුණු බව ය.

    "සංචාරකයෙකු ලෙස මෙම නීතිමය ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙන යාමට වසර ගණනාවක් ගත විය හැකි නිසා, අදාළ භික්ෂුවට සමාව ඉල්ලීමට හෝ ඔහුව නැවත ඔහුගේ පවුල වෙත යැවීමට පුළුවන් කියලා කිව්වා. එම භික්ෂුව "අසනීප" තත්ත්වයක පසුවන බවත් ඔහුට බෙහෙත් කරන්න අවශ්‍ය බවත් විහාරාධිපති භික්ෂුව මට කිව්වා."

    "අවසානයේදී එම භික්ෂුව සොයාගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන ආවා. ඔහු මාව දැකලා හිනා වුණා. ඔහුව දැකපු ගමන් මගේ සහකරුට තරහා ගියා. ඉන්පසු පොලිසිය මගේ සහකරුගේ හැසිරීම ගැන අවධානයක් යොමු කරන්න ගත්තා. පොලිස් ස්ථානයේ ඇති CCTV දර්ශන පරීක්ෂා කරන බව ඔවුන් අපට කිව්වා. මම දන්න විදිහට එතන CCTV තිබුණේ නැති නිසා එහෙම රෙකෝඩින් එකක් තියෙන්න බෑ."

    "පසුව එම භික්ෂූන් වහන්සේ ප්‍රකාශයක් කළා, තමන් සිදු කළේ තම සිවුර සකස් කර ගැනීමක් හෝ එය එහාට කිරීමක් පමණක් බවත්, ඒ අතරතුර අහම්බෙන් මාගේ ශරීරයේ ගෑවුණු බව. මේක මාගේ ප්‍රකාශයට හාත්පසින්ම වෙනස් එකක්."

    සැකකාර භික්ෂුව අධිකරණයට​


    මෙම සිදුවීම සම්බන්ධයෙන් තංගල්ල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී ඇති බවට පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් සිදු කළ විමසීමකදී තහවුරු කළේ ය.

    "සිද්ධිය වෙලා තියෙන්නේ 2026.10.02. ප්‍රංශ ජාතික කාන්තාවක්. ඇය ගිහින් තියෙනවා කදුරුපොකුණ ප්‍රදේශයේ විහාරස්ථානයකට සිරි නරඹන්න. ඒ අවස්ථාවේදී විහාරස්ථානයේ හිටපු හිමි නමගෙන් අතවරයක් සිද්ධ වෙලා තියෙනවා මේ කාන්තාවට. ඉන්පසුව විදේශ ජාතික කාන්තාව තංගල්ල, ළමා හා කාන්තා කාර්යංශයට පැමිණිල්ලක් කරලා තියෙනවා," පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ තොරතුරු ලබා දුන් නිලධාරිනිය ප්‍රකාශ කළා ය.

    "ඉන්පසුව එදින ම භික්ෂූන් වහන්සේ අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඉන්පසුව සැකකරුව අධිකරණයට ඉදිරිපත් කරලා ඇප මත නිදහස් කරලා තියෙනවා එදා.ඉන්පසුව 2026.10.07 දින නැවත තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කරලා ඇප මත මුදාහැරලා තියෙනවා."

    මෙම නඩුව තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදී 2027 පෙබරවාරි 02 දින නැවත කැඳවීමට නියමිත ය.
     
    • Like
    Reactions: Cenon

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,506
    14,528
    113
    පෘථිවිය
    ඕක නම් ඇත්ත සීන් එකක්.
    අනිවා ජෙපි හාමුදුරුවෝ කෙනෙක්
    ආ හාමුදුරුවෝ නෙමේ අර බිජ්ජවිද්යාලේ යන්න හොරට සිවුරක් දාගෙන ඉන්න කෙනෙක්
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,956
    1
    17,117
    113
    උනිෆොර්ම් එකෙන් එක්කන් ආවම ටොප් එකට තියෙවි.... :angry: :sorry:
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,630
    3,928
    113
    43
    Wakanda
    ඒ හිමියන් පර සුද්දියකට හුකල එලවන්ඩ ගියේ අපේ රට ජාතිය සංස්කෘතිය බේරගන්න. පච ලපයගෙ බෞද්ධ විරෝධී ආන්ඩුවෙන් මුන්නාන්සේව ඇතුලට දාලා.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,472
    12,599
    113
    Ohio, USA
    මෙහෙමයි...
    උන්වහන්සේ පිළිකුල් භාවනාව වඩන්නට යාම නේද ඔය 'අතවරයක්' ලෙස හුවාදක්වන්න හදන්නේ? ඒක වැරදියි. අනික උන්වහන්සේට 'චීවරධාරියා' කියලා කියන්න එපා... එහෙම 'චීවරධාරියා' කියලා වර්ග කිරීමක් නැහැ....
    බලන්න, ඥාණසාර ස්වාමීන්වහන්සේ විනය විරෝධී හෝ සමාජ විරෝධී ක්‍රියාවල යෙදිලා තියෙනවද?
    උන්වහන්සේම වදාරලා තිබුණා, තමන්ගෙන් සාමාන්‍ය භික්ෂුවකගෙන් බලාපොරොත්තු වන සිල් තමුන් වහන්සේගෙන් කිසිසේත්ම බලාපොරොත්තු වෙන්න එපා කියලා...
    එතකොට චීවරයේ ගෞරවය රකින්න කියලා උන්වහන්සේගේ සිවුර ඉවත් කරන්න ආණ්ඩුව කටයුතු කළා. නමුත් මෙරට මහා සංඝරත්නයම එකාමෙන් නැගී සිටිමින් ඒකට විරුද්ධ වුණා...
    උන්වහන්සේලාගේ තර්කය වුණේ, කුමන ආකාරයේ හැසිරීමක සිටියත් උන්වහන්සේ මහා සංඝරත්නයේම කොටසක් බවයි...
    ඒ කියන්නේ, සිවුරක් ඇඳගෙන කරනු ලබන ඕනෑම වර්ගයක විනය විරෝධී කටයුත්තක් කරන්නේ හුදෙක් 'චීවරධාරියෙකු' නොව, මහා සංඝරත්නයේම ආශිර්වාදය ලත් තවත් එක් භික්ෂූන් වහන්සේනමක් බවයි...
     

    AnuradhaRa

    Well-known member
  • හයියෝ....
    මහා අපරාධයක් වෙලා තියෙන්නෙ 😅

    සුද්දියෙක් දැක්කම අපිත් මේ බොහොම අමාරුවෙන් හිත වාවගෙන ඉන්නෙ

    වනචරකමට ම නෙමේ. ආස හිතෙනවනෙ
     
    Last edited:

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,657
    6,180
    113
    apey gang kabarayo godak hithan inne.. suddiyo sex walata hena open nisa.. kohen hari alluwama.. open sex karanna katha akrama enawai kiyala.. pisu huththala..
     
    • Like
    Reactions: Chimpanzee Putha

    AnuradhaRa

    Well-known member
  • apey gang kabarayo godak hithan inne.. suddiyo sex walata hena open nisa.. kohen hari alluwama.. open sex karanna katha akrama enawai kiyala.. pisu huththala..
    ඒකට වගකියන්න ඕනෙ වැල වීඩියෝ හදන සුද්දො සුද්දියොම තමා
    එක්කො අපිට සිංහලෙන් හරියට තේරුම් කරල දෙන්න ඕනෙ මේව ඇත්ත ලෝකෙ වෙන්නෙ නෑ කියල
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    41,789
    56,083
    113
    Colombo
    මෙහෙමයි...
    උන්වහන්සේ පිළිකුල් භාවනාව වඩන්නට යාම නේද ඔය 'අතවරයක්' ලෙස හුවාදක්වන්න හදන්නේ? ඒක වැරදියි. අනික උන්වහන්සේට 'චීවරධාරියා' කියලා කියන්න එපා... එහෙම 'චීවරධාරියා' කියලා වර්ග කිරීමක් නැහැ....
    බලන්න, ඥාණසාර ස්වාමීන්වහන්සේ විනය විරෝධී හෝ සමාජ විරෝධී ක්‍රියාවල යෙදිලා තියෙනවද?
    උන්වහන්සේම වදාරලා තිබුණා, තමන්ගෙන් සාමාන්‍ය භික්ෂුවකගෙන් බලාපොරොත්තු වන සිල් තමුන් වහන්සේගෙන් කිසිසේත්ම බලාපොරොත්තු වෙන්න එපා කියලා...
    එතකොට චීවරයේ ගෞරවය රකින්න කියලා උන්වහන්සේගේ සිවුර ඉවත් කරන්න ආණ්ඩුව කටයුතු කළා. නමුත් මෙරට මහා සංඝරත්නයම එකාමෙන් නැගී සිටිමින් ඒකට විරුද්ධ වුණා...
    උන්වහන්සේලාගේ තර්කය වුණේ, කුමන ආකාරයේ හැසිරීමක සිටියත් උන්වහන්සේ මහා සංඝරත්නයේම කොටසක් බවයි...
    ඒ කියන්නේ, සිවුරක් ඇඳගෙන කරනු ලබන ඕනෑම වර්ගයක විනය විරෝධී කටයුත්තක් කරන්නේ හුදෙක් 'චීවරධාරියෙකු' නොව, මහා සංඝරත්නයේම ආශිර්වාදය ලත් තවත් එක් භික්ෂූන් වහන්සේනමක් බවයි...

    ලඟදි කන්වර්ට් උන කෙනෙක් බන්
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,347
    1,865
    113
    United States
    මෙවැනි චෝදනා ඉතාම බරපතලයි. චෝදනාව අධිකරණයෙන් තහවුරු වෙනකල් නිගමනවලට එන්න හොඳ නෑ, හැබැයි සිද්ධිය ඇත්ත නම් මේ වගේ දේවල් රටේ ප්‍රතිරූපයටත් සංචාරක ක්ෂේත්‍රයටත් ලොකු හානියක් කරනවා.
     
    • Like
    Reactions: AnuradhaRa

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,657
    6,180
    113
    ඒකට වගකියන්න ඕනෙ වැල වීඩියෝ හදන සුද්දො සුද්දියොම තමා
    එක්කො අපිට සිංහලෙන් හරියට තේරුම් කරල දෙන්න ඕනෙ මේව ඇත්ත ලෝකෙ වෙන්නෙ නෑ කියල
    aththa.. sudiyanta sinhala pollen danduwam karanna ona
     
    • Haha
    Reactions: AnuradhaRa