වෙඩි ප්‍රහාරයකින් පසුගිය වසරේදි ඝාතනයට ලක් වූ අරුණ විදානගමගේ නොහොත් මිද්දෙණියේ කජ්ජා නැමැත්තාගේ පුත්‍රයා විදේශීය රටක නිශ්පාදිත ගිනි අවියක් සමග තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම ගිනි අවිය සමග සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, විදේශීය රටක නිෂ්පාදිත බෝල්ට් ඇක්ෂන් වර්ගයේ බෝර 12 ගිනි අවියක් බවයි වැටලිම් නිළධාරින් සඳහන් කළේ.
අදාල ගිනි අවිය වීරකැටිය, යග්ගස්මුල්ල ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී සැකකරු සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට පත් වූ සැකකරු මිද්දෙණිය පොලිස් වසමේදී සිදුවූ වෙඩි තැබීමකින් දරුවන් දෙදෙනකු සමග මියගිය විදානගමගේ අරුණ ප්‍රියන්ත නොහොත් ‘කජ්ජා’ නමැත්තාගේ පුත්‍රයා බවයි වැටලීම් නිළධාරින් සඳහන් කරන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වීරකැටිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර, සැකකරු තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.