එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ තවදුරටත් මේ මස 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ සැකකරුගේ නීතිඥයන් විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.