සියදිවි නසාගන්න ගිය හැටි

Peace for All

Well-known member
  • Mar 10, 2024
    3,687
    2,799
    113
    Gist of the main post.. ❤️

    1- ව්‍යායාම කරන්න-දුවන්න.... දාඩිය දාල ඇඟේ රුධිර ගමනය වැඩි වෙලා ඇඟම රත් වෙනකන්... එකෙන් මුලින් සිරුරත්, ඊට පස්සේ මනසත් සැහැල්ලු වෙනවා...

    2- හවස 5 ට පස්සේ තේ , කෝපි බොන්න එපා.... නින්ද අඩු වෙනවා...

    3- කොට්ටෙට, තමන්ගේ මෙට්ටේට, නාන උණු වතුර බේසමට ලැවන්ඩර් තෙල් බින්දු දෙක තුනක් දාන්න....නිදි පෙති වල වගේම බලයක් ඒවායේ තියනවා....

    4- වතුරේ පාවෙන්න පුරුදු වෙන්න- පැයක් වතුරේ නිදහසේ පාවෙන එක පැය 4 ක නින්දට සමානයි....

    5- ඇස් දෙක වහන් හිතන්න තමන් ඉන්නේ වෙරළක කියල.... රැල්ල ගහන සද්දේ, ඉරේ උණුසුම... මනසින් මවාගන්න.... වෙරලක් නැත්නම් ඔබ කැමතිම තැනක් ගැන හිතන්න..... වැස්ස වෙලාවක් ගැන උනත් කමක් නෑ....

    6- හැමතිස්සෙම සතුටින් ඉන්න, ක්‍රියාකාරී යාලුවෙක් හොයාගන්න.... (ගොඩක් කියවන) සතියකට සැරයක් එයාට call කරලා එයා කියන දේවල් අහගෙන ඉන්න...

    7-සින්දු අහන්න- කන පැලෙන සින්දු නෙමේ.... සෞම්‍ය සින්දු....

    8-facebook එකෙන් logout වෙලා පොතක් කියවන්න....

    9-ගෙදර මාළු ටැංකියක් හදන්න...

    10-අන්තිම දේ පොතේ තිබ්බ එකක් නෙමේ... මම කලිනුත් කියල තියන-මම ජීවිතේ එපා උනාම කරන දේ..... තමන්ගේ කාමරේ අස් කරන්න එකේ දොර වහගෙන....ඔක්කොම කුණු ටික අස් කරලා, විසි කරලා බාත් රූම් එකට ගිහින් හොඳට නාගන්න උණුවතුරෙන්... ඊට පස්සේ ඉඟුරු දාපු තේකක් හදන බොන්න..... ප්‍රශ්න වලින් බාගයක් ඉවරයි... :)
     
    • Like
    Reactions: nevertheless

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,567
    1,366
    113
    United States
    මේ වගේ දේවල් ආයෙ මතක් කරලා දාන එක ගොඩක් වටිනවා. හිතට අමාරු කාලෙක තනියම ඉන්නෙ නැතුව විශ්වාසවන්ත කෙනෙක්ට කතා කරන එකම ලොකු ශක්තියක්.
     
    • Like
    Reactions: Peace for All