ඔබත් මාලිමාව ට ඡන්දය දුන්නාද? 🤌

pramodh87

Well-known member
  • Oct 11, 2007
    4,059
    10,668
    113
    මේ ලියන මොහොතේ රට පුරා විදුලිය ඇණහිට ඇත. ජනාධිපතිවරයාගේ Facebook පිටුව අප්‍රිකානු, මැලේසියානු, ඉන්දුනීසියානු bot farmsවලින්වත් බේරා ගැනීමට නොහැකි විය. ගජරජ කාවන්තිස්ස තමන්ගේ අවසන් හුස්ම පොද වාතලයට මුදාහැර ඇත. මිනිස්සුන්ගේ දෙස් දෙවොල්වලින් ජනපතිගේ wall එක පිරී ඇත. මට මතක් වෙන්නේ මෙන්න මේ වස් කවිය...

    යක්ෂ රාජ වජිරපාණි මහ දෙවිඳේ අසාපන්... සිරි සම්බුදු සසුනට කළ නස්පැත්තිය බලාපන්... චීවරයට නින්දා දෙන පරයන් බිම හෙලාපන්... බොරුවෙන් රජ වූ එකාට නැතිවෙන්නම තලාපන්...

    මාලිමාව රජ කරවීමට අවංක චේතනාවෙන් රට වෙනුවෙන් ඡන්දය ලබාදුන් ඔබ, රටක් වටිනා අහිංසක සතෙකුගේ ජීවිතය ගැන අබමල් රොනක හැඟීමක් හෝ තෙතමනයක් නැති බෝල්ෂෙවික්කාරයන්ගෙන් තවදුරටත් යමක් බලාපොරොත්තු වන්නේද? තේක්ක රාජාට සහ භාතියට බෙහෙත් කළ photoshoot වෛද්‍යවරයාට චෝදනා තිබියදී කාවන්තිස්සව භාරදුන්නේ දේශපාලනිකව ඔහුට තිබූ රැකවරණය නිසාද? නැතහොත් ඔහු විශ්වවිද්‍යාල සමයේ පටන් බෝල්ෂෙවික්කාරයෙකු වූ නිසාද? මීට වඩා අසාධ්‍ය තත්වයේ පසු වූ අග්බෝ ට සාර්ථක ලෙස ප්‍රතිකාර කළ වෛද්‍යවරයා සිටියදී අලුගෝසුවෙකුට කාවන්තිස්ස භාර කළේ ඇයි?

    ඇමැති ලාල් කාන්ත පාර්ලිමේන්තුවේ කළ ම්ලේච්ඡ ප්‍රකාශය ඔබට මතකද? මෙවැනි සතුන්ට වෙඩි තැබීමට ඔහු දුන් අනුබලය ඔබට මතකද? මේ වනවිට මේ ආණ්ඩුවේ පාලන සමය තුළ අලි ඇතුන් සිය ගණනක් මියගොස් ඇති බවට වාර්තා වේ. මේ රජය බලයට පැමිණි දින සිට රට විවිධ අවස්ථාවල මුහුණ දුන් ස්වාභාවික ව්‍යසනයන්ගෙන් ස්වභාවධර්මයා යම් පණිවුඩයක් ලබාදෙන බව තේරුම් ගත යුතුය. බුදුන්ට කිහිපවරක් පූජා කරන ලද දේශයක අපට නොපෙනෙන, අප නොදන්නා, අප විශ්වාස නොකරන බොහෝ බලවේග ක්‍රියාත්මක වේ.

    දේශපාලනික ලකුණු දාගැනීමට දළදා වහන්සේ පෙන්වා, නිසි සැලසුමකින් තොරව මුළු නුවර පූජා භූමියම ගූ ගඳ ගස්සවා හමාරය. චීවරයට අත් වූ ඉරණම අප සැවොම දනිමු. ලේ ගලන තුවාල වලට නවත්වන්නට නොහැකි වූ ආරණ්‍යවාසී හිමිවරුන්ගේ නුවර සිට කොළඹට වැඩි පා ගමනට උසුළු විසුළු කළ අයුරු සතරවරම් දෙවිවරු බලා සිටින්නට ඇත.

    සැමට නීතිය සමාන බව දෙසාබාන ජනපතිගේ පළමු කථානායකවරයා සමස්ත ජාතිය ඉදිරියේ බොරුකාරයෙකු වුවද අදටත් නිරුපද්‍රිතව සිටී. දෙවැන්නා ඊටත් අන්තය. සතොස බිලියන ගණනක පාඩුවකය. සීනි කම්හල විනාශ විය. ගල් අඟුරු හොරුන් ලවා අලුත් ව්‍යාපෘති ආරම්භ කරයි. දිත්වා නිසා පීඩාවට පත් මිනිස්සු අදටත් කූඩාරම්වලය. ලැබුණු ආධාර සේප්පුවලය.

    මැදපෙරදිග යුද ගැටුම් මාස හතක් පුරා පැවතුණි. බලශක්ති අර්බුදයට කිසිදු කෙටිකාලීන විසඳුමක් රජය සතුව නොමැත. විදේශ සංචිත ප්‍රමාණය රනිල් යන විට තිබූ ප්‍රමාණයටම ආසන්නය. හොරු ඇල්ලීමෙන් පමණක් රටවල් හදන්නට නොහැක.

    රජය කර තියාගෙන ගිය එක්නැලිගොඩගේ තෝම්බුව අද අධිකරණය ඉදිරියේ දිගහැරෙමින් පවතී. එක්නැලිගොඩ වෙනුවෙන් පෙනී සිටි ජනපති අද කුමක් කියනු ඇත්ද? එක්නැලිගොඩ කුමාරිහාමි වෙනුවෙන් පෙනී සිටි උන් අද comments off කරගෙනය. ඒ විතරක්ද? සලේ තවමත් ඇතුළේය. කුමකටද?

    ආණ්ඩුවට හොඳම එකෙන් කෙළ වී අවසන්ය. මෙතැන් පටන් කළ පව් පසුපස එන්නා සේම, ඒවා ආණ්ඩුව පසුපසද පැමිණෙනු ඇත. මා මොවුනට ඡන්දය දුන් ඔබෙන් සතුටුදැයි නොඅසමි. තවත් අවුරුදු තුනක් හිමි ආණ්ඩුව හරි මඟට ගැනීමට අපට වඩා ඔබට වගකීමක් ඇති බව මතක් කරමි. ස්වභාවධර්මයා නඩු ඇසීමට පටන් ගත් විට සාක්ෂි අනවශ්‍ය බව අපි හැමෝම දනිමු.

    කාවන්තිස්ස රජු මියගිය පසු එළාරගේ වසර 44ක රාජ්‍ය පාලනය කඩා වැටුණි. විජිතපුර බලකොටුව එහි අවසන් පරිච්ඡේදයයි. History repeats sometimes!

    මාතෘ භූමියට ජය!

    උපුටා ගැනීම: ✍️ ඉරංග මෙන්ඩිස්
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,537
    17,859
    113
    අපි නම් දුන්නේ නෑ ඔය මිනීමරුවොන්ට..

    nSZJAUg.jpeg
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,430
    5,480
    113
    බාල ගල් අගුරුවලින් හොද්දක් හදල, අනුරගෙ App එකෙන් අල්ලපු ජීලාවො හොද්දකුත් හදල, අනුරගෙ නැටි හයිකරපු පුවාලු මැල්ලුමක් එක්ක පෙරේද අස්වැසුමට වැටුනු සල්ලි වලින් ගත්ත ඉන්දියන් නාඩු බත්කටක් කමු ලස්ස දහයෙන් ගත්ත තහඩුව යට ඉදන්..
    කාල 18 බදුලු පච මීටිමට පැලවත්තෙ බස් එකෙන්පච සින්දු කියකියයමු
     
    Last edited:

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,795
    5,388
    113
    යකෝ. අපි තොපිට ඡන්දේ දුනේ ඔහොම වගකීමක් නැතුව මිනිස්සුංව අතෑරලා දාන්න නෙමේ..

    දැං පක්කු කියං එන්නෙපා නාමල්ට දෙන්න කියලා. උං හොඳ නැති නිසා තමා මුන්ට දුන්නේ..
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,795
    5,388
    113
    දුන්නා! ආයි දෙන්නෙ නෑ පොන්න කැරියො ටිකට!:angry:

    නාමලයට ඇවිත් හොරාකාපන් කියනවා.:frown: ඌ හොරාකාලත් මීට වඩා හොදට රටේ මිනිස්සු කාල ඇදලා හිටියා! :dull:
    අන්නේකයි..

    මහින්ද හොරා කාලත් මීටවැඩිය හොඳට රට තිබ්බා.

    කොහෙද මුං පැලවත්තේ අකවුන්ට් එක පුරවන එකනේ කරන්නේ මේ දවස් වල
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    3,012
    2,187
    113
    අන්නේකයි..

    මහින්ද හොරා කාලත් මීටවැඩිය හොඳට රට තිබ්බා.

    කොහෙද මුං පැලවත්තේ අකවුන්ට් එක පුරවන එකනේ කරන්නේ මේ දවස් වල

    Ow ow. Mahinda mahaththaya rata karana kalenam kawadawath current eka giye na. Giyath e kale ethuma newei waradi. CEB eka thamai waradi.

    1792238565142.jpeg
     

    planner123

    Well-known member
  • May 22, 2018
    9,548
    16,405
    113
    Mama dunna.
    Aaith nam denne naha.
    Ranwala ge gu haliyen theruna mun gena.

    Ow ow. Mahinda mahaththaya rata karana kalenam kawadawath current eka giye na. Giyath e kale ethuma newei waradi. CEB eka thamai waradi.

    View attachment 271294
    Solar walatath keliya mun.
    Uba thaama Mahindage weradi kiyawa kiyawa hitapan.
    ------ Post added on Oct 17, 2026 at 5:47 PM
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,646
    199,864
    113
    Colombo, Sri Lanka
    හිටිය ආණ්ඩු ඔක්කොම බොරුවෙන් මිනිස්සු රවටලා සේරම ජනතා දේපල හොරකාලා මිනිස්සු හිගමනට පත්කෙරුවා...
    මුනුත් ජාතිය ආගම හෑල්ලුවට ලක් කරලා ඒ පාරේම යමින් ඉන්නවා....
    මිනිස්සු අපි අසරණව, සංවර්ධිත රටක් අනාගතයක් ගැන හීන දකිනවා.... :(
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,099
    5,830
    113
    අන්නේකයි..

    මහින්ද හොරා කාලත් මීටවැඩිය හොඳට රට තිබ්බා.

    කොහෙද මුං පැලවත්තේ අකවුන්ට් එක පුරවන එකනේ කරන්නේ මේ දවස් වල
    2022 එහෙම නියමෙටම තිබ්බා නේද බං