විදුලි බිල වැඩි කිරීමට යළි ඉල්ලීමක්!

monson

Well-known member
  • May 7, 2007
    26,250
    30,249
    113
    මෙම වසරේ සිව්වැනි කාර්තුව එනම් ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලයට අදාළව 2.88% කින් විදුලි ගාස්තු ඉහළ දැමීමක් සිදුකරන ලෙස ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම (NSO) විසින් මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

    සිව්වැනි කාර්තුව සඳහා විදුලි ගාස්තු සමාලෝචනය ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් මේ වන විට ප්‍රකාශයට පත්කර තිබේ.

    මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ මෙම ගාස්තු සමාලෝචනය සම්බන්ධ ලේඛනය ප්‍රකාශයට පත්කර ඇත.

    එහි සඳහන්ව ඇත්තේ ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම විසින් මුලින් 2.88% ක ගාස්තු වැඩිවීමක් සිදුකරන ලෙස මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ඉල්ලා තිබුණද කොමිෂන් සභාව විසින් සිදුකරන ලද මූලික සමාලෝචනයකින් අනතුරුව එම ගාස්තු වැඩිවීමේ ප්‍රතිශතය 1.46% ක් දක්වා අඩුකිරීමට හැකියාව තිබෙන බව හඳුනාගත් බවය.

    මේ අතර, මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා මාධ්‍යට පවසා ඇත්තේ ජාතික පද්ධති ක්‍රියාකරු සමාගමෙ සිව්වැනි කාර්තුව සඳහා විදුලි ගාස්තු ඉහළ දැමීමකට අවසර ඉල්ලා ඇති බවත් මේ වන විට ඒ සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම ආරම්භ කර තිබෙන බවත් ය.

    මෙම යෝජිත ගාස්තු සමාලෝචනය සම්බන්ධයෙන් සියලුම පාර්ශ්වකරුවන්ට අදහස් ඉදිරිපත් කිරීමට එළැඹෙන නොවැම්බර් මස 05 වැනිදා තෙක් අවස්ථාව ලැබෙන බවද ඔහු පවසා ඇත.

    ඒ අනුව මෙම යෝජිත ගාස්තු සමාලෝචනය සම්බන්ධයෙන් සියලුම පාර්ශ්වකරුවන්ට අදහස් හා යෝජනා විද්‍යුත් තැපෑලෙන්, ෆැක්ස් මගින් හෝ තැපෑලෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත යොමු කිරීමට අවස්ථාව සලසා දී ඇති බවද ඔහු වැඩිදුරටත් පෙන්වාදී තිබේ.

    කෙසේ වෙතත් සිව්වැනි කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණය ගනු ලබන්නේ ලිඛිත මහජන අදහස් විමසීමෙන් අනතුරුව පළාත් මට්ටමෙන් වාචිකව සිදුකරන අදහස් විමසීමෙන් ද නැවත වරක් ඒ සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම සිදුකරන සමාලෝචනයෙන් අනතුරුවය.

    මේ අතර පසුගියදා දිවුලපිටියේදි පැවැති මාධ්‍ය හමුවකදී විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික පෙන්වා දුන්නේ විදුලිබල අමාත්‍යවරයා සහ අදාළ ආයතන මෙවර විදුලි බිල වැඩි කරන්නේ නැත යැයි පවසමින් ජනතාව අතර ජනප්‍රිය ප්‍රකාශ සිදු කළද විදුලි බිල වැඩි කිරීමේ සූදානමක් ඇති බවය.

    කාලගුණ අංශ පුරෝකථන කර ඇති ආකාරයට ඉදිරි මාස තුන තුළ ජලපෝෂක ප්‍රදේශවලට ලැබෙන අධික වර්ෂාපතනය නිසා ජල විදුලි උත්පාදනය මුළු උත්පාදනයෙන් ඉහළ යනු ඇති බවත්, ඒ අනුව සමස්ත 50%ක විදුලි බිල් අඩු කිරීමක් පාරිභෝගිකයාට වහාම ලබාදීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් හෙතම වැඩිදුරටත් මෙහිදී අවධාරණය කළේය.

    - https://sinhala.srilankamirror.com/news/විදුලි-බිල-වැඩි-කිරීමට-යළ/
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,301
    7,661
    113
    Narcissistic Sociopath Manipulator
    මෙහෙම වැඩි කරන්න ආන්ඩු ඕනෙද?

    494667303.jpg
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,265
    1,136
    113
    United States
    වැස්සෙන් ජල විදුලියත් වැඩි වෙලත් ආයෙත් බිල වැඩි කරන්නද හදන්නේ, 2.88% ඉල්ලුවට 1.46% වුණත් මිනිස්සුන්ට නම් තවත් බරක් තමයි
     
    • Like
    Reactions: peakySwifter

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,544
    77,880
    113
    මෙම වසරේ සිව්වැනි කාර්තුව එනම් ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලයට අදාළව 2.88% කින් විදුලි ගාස්තු ඉහළ දැමීමක් සිදුකරන ලෙස ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම (NSO) විසින් මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

    සිව්වැනි කාර්තුව සඳහා විදුලි ගාස්තු සමාලෝචනය ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් මේ වන විට ප්‍රකාශයට පත්කර තිබේ.

    මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ මෙම ගාස්තු සමාලෝචනය සම්බන්ධ ලේඛනය ප්‍රකාශයට පත්කර ඇත.

    එහි සඳහන්ව ඇත්තේ ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම විසින් මුලින් 2.88% ක ගාස්තු වැඩිවීමක් සිදුකරන ලෙස මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ඉල්ලා තිබුණද කොමිෂන් සභාව විසින් සිදුකරන ලද මූලික සමාලෝචනයකින් අනතුරුව එම ගාස්තු වැඩිවීමේ ප්‍රතිශතය 1.46% ක් දක්වා අඩුකිරීමට හැකියාව තිබෙන බව හඳුනාගත් බවය.

    මේ අතර, මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා මාධ්‍යට පවසා ඇත්තේ ජාතික පද්ධති ක්‍රියාකරු සමාගමෙ සිව්වැනි කාර්තුව සඳහා විදුලි ගාස්තු ඉහළ දැමීමකට අවසර ඉල්ලා ඇති බවත් මේ වන විට ඒ සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම ආරම්භ කර තිබෙන බවත් ය.

    මෙම යෝජිත ගාස්තු සමාලෝචනය සම්බන්ධයෙන් සියලුම පාර්ශ්වකරුවන්ට අදහස් ඉදිරිපත් කිරීමට එළැඹෙන නොවැම්බර් මස 05 වැනිදා තෙක් අවස්ථාව ලැබෙන බවද ඔහු පවසා ඇත.

    ඒ අනුව මෙම යෝජිත ගාස්තු සමාලෝචනය සම්බන්ධයෙන් සියලුම පාර්ශ්වකරුවන්ට අදහස් හා යෝජනා විද්‍යුත් තැපෑලෙන්, ෆැක්ස් මගින් හෝ තැපෑලෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත යොමු කිරීමට අවස්ථාව සලසා දී ඇති බවද ඔහු වැඩිදුරටත් පෙන්වාදී තිබේ.

    කෙසේ වෙතත් සිව්වැනි කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණය ගනු ලබන්නේ ලිඛිත මහජන අදහස් විමසීමෙන් අනතුරුව පළාත් මට්ටමෙන් වාචිකව සිදුකරන අදහස් විමසීමෙන් ද නැවත වරක් ඒ සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම සිදුකරන සමාලෝචනයෙන් අනතුරුවය.

    මේ අතර පසුගියදා දිවුලපිටියේදි පැවැති මාධ්‍ය හමුවකදී විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික පෙන්වා දුන්නේ විදුලිබල අමාත්‍යවරයා සහ අදාළ ආයතන මෙවර විදුලි බිල වැඩි කරන්නේ නැත යැයි පවසමින් ජනතාව අතර ජනප්‍රිය ප්‍රකාශ සිදු කළද විදුලි බිල වැඩි කිරීමේ සූදානමක් ඇති බවය.

    කාලගුණ අංශ පුරෝකථන කර ඇති ආකාරයට ඉදිරි මාස තුන තුළ ජලපෝෂක ප්‍රදේශවලට ලැබෙන අධික වර්ෂාපතනය නිසා ජල විදුලි උත්පාදනය මුළු උත්පාදනයෙන් ඉහළ යනු ඇති බවත්, ඒ අනුව සමස්ත 50%ක විදුලි බිල් අඩු කිරීමක් පාරිභෝගිකයාට වහාම ලබාදීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් හෙතම වැඩිදුරටත් මෙහිදී අවධාරණය කළේය.

    - https://sinhala.srilankamirror.com/news/විදුලි-බිල-වැඩි-කිරීමට-යළ/
    ලඟදි පම්පෝරි ගැහුවා ඩීසල් බිංදුවක් පාවිච්චි කලේ නෑ කියලා, කලින්පාර ගල් අඟුරු හොරකම බැලන්ස් කරන්න ඩීසල් පාවිච්චි කරද්දි කිව්වෙ එලිනිනො ඇවිල්ලා පායලා කුජීත වෙලා යන නිසා වතුර එහෙම පරිසමින් පාවිච්චි කරන්න ඕනා ඒක නිසා ඩීසල් පිච්චුවා කියලා. දැන් හේදිලා යන්න පායනවා, ඉතින් ඒකත් පචයක්.

    ආයි වැඩි කරන්න මොකක්ද බන් පොන්නයාට තියෙන හේතුව? බැරිකමද? 🤭 🤭
     
    4815162342

    Junior member
  • Aug 6, 2026
    98
    77
    18
    2026 ඔක්තෝබර් 16: ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින් 2026 සිව්වැනි කාර්තුව සඳහා යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ තොරතුරු පළ කර තිබෙනවා.2 026 සැප්තැම්බර් 27: විදුලි බිල වැඩි කිරීමට ඉල්ලීමක් කිරීමට අදහසක් නැති බවත්, පාඩුවක් තිබේ නම් සමාගම් අතර එය පියවා ගැනීමට බලාපොරොත්තු වන බවත් බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණා.
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,197
    2,157
    113
    රට හරි මාවතට ගන්න හොර බොරු නැති වංචා ආණ්ඩුවක් ඉන්නේ. විදුලි මිල ලෝක වෙලඳපොලේ ඩීසල් මිල වැඩි වීමත් එක්ක වැඩි වීමක් අවශ්‍යනම්, පොහොසත් රටක් වෙනුවෙන් ඒ වියදම බාරගන්න ජනතාව විදියට ඡන්දේ දීපු අපි සුදානම්..
    වැටිච්ච රටක් පොහොසත් කරන්නේ මේ හැමදේම..
    බුදධිමත් ජනතාව මේවට විරුද්ධ වෙන්නේ නෑ
     
    එහෙම ඕනේ නෑ පාඩුව තිබ්බත්, පියව ගන්න ජවිපේ අරමුදල් වලින් ගෙවන්න ඕනේ නෑ. ජනතාව කැමති ඒ බර තමන්ගේ කරට ගන්න 💪🏼
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,423
    9,290
    113
    Around the world
    විදුලි බිඳවැටීමෙන් වූ ආර්ථික පාඩුව කෝටි 400 ක්..?
    වගකියන්නේ කවුද?
    ඔක්තෝම්බර් 17 වෙනිදා ශ්‍රී ලංකාවේ විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය සහමුලින් බිඳ වැටීම නිසා පැය හතකට අධික කාලයක් විදුලිය ඇනහිට තිබුණි. මේ නිසා ලංකා විදුලිබල සමාගම් වලට සිදු වූ පාඩුව රු. මිලියන 400 කට වැඩි බව වර්ථා වේ.එමෙන්ම රටේ දළ ජාතික නිෂ්පාදනයෙන් 15%-20% අතර දායකත්වයක් සපයන්නේ විදුලිබලය නිසා රටේ ආර්ථිකයට සිදු වූ පාඩුව එමෙන් දස ගුණයකි. රු. කෝටි 400 කට අධිකය.
    ස්වභාවික අනතුරු හා තාක්ෂණික හේතූන් නිසා විදුලිය බිද වැටෙන නමුත් රටපුරා විදුලිය බිද වැටීම වැළැක්වීම සදහා 2019 සිට විශාල මුදලක් වැය කොට පද්ධති නියාමන මධ්‍යස්ථානයක් ඉදිකොට පවත්වාගන යමින් ඇත.
    නිල නොලත් ආරංචි මාර්ග පවසන්නේ පුත්තලම ලක්විජය බලාගාරයේ සිදු වූ බිඳ වැටීමකින් මෙය සිදු වූ බවයි. 2025 පෙබරවාරි 09 වෙනිදා ද මෙවැනිම සිදුවීමක් සිදු වූ අතර, කිසිදු අභ්‍යන්තර හෝ බාහිර පරීක්ෂණයක් කොට වැරදිකරුවන් හදුනා ගැනීමක් සිදු නොවිය.
    සැමට නීතිය සමානව ක්‍රියාත්මක වන්නේනම්, විදුලිබල සමාගම් වලට හා රටේ ආර්ථිකයට මෙතරම් පාඩුවක් සිදු කළ ක්‍රියාවලියට වග කිවයුත්තේ කවුදැයි සොයාබලා විධිමත්, ස්වාධීන පරීක්ෂණයක් පවත්වා දඬුවම් කිරීම අණ්ඩුවේ වගකීමයි.
    එසේම මේ විදුලි බිඳවැටීම් වලට මුවා වී සූර්‍ය බලය කප්පාදු කිරීමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණකාරී වෑයම පිළිබඳවද අප අවධානයෙන් සිටිය යුතුය.

    Patali Champika Ranawaka
     
    planner123

    Well-known member
  • May 22, 2018
    9,623
    16,501
    113
    රට හරි මාවතට ගන්න හොර බොරු නැති වංචා ආණ්ඩුවක් ඉන්නේ. විදුලි මිල ලෝක වෙලඳපොලේ ඩීසල් මිල වැඩි වීමත් එක්ක වැඩි වීමක් අවශ්‍යනම්, පොහොසත් රටක් වෙනුවෙන් ඒ වියදම බාරගන්න ජනතාව විදියට ඡන්දේ දීපු අපි සුදානම්..
    වැටිච්ච රටක් පොහොසත් කරන්නේ මේ හැමදේම..
    බුදධිමත් ජනතාව මේවට විරුද්ධ වෙන්නේ නෑ
    Mage bill ekath me mallige account ekata daanna.
    Mama kemathi naha anunge gon decisions walata mama wadipura gewanna.