ගල්ගමුව ප්රදේශයේ ජීවත් වූ, මෙරට ප්රකට හස්ති රාජයෙකු වන ‘කාවන්තිස්ස’ ඇතා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) ප්රබල ක්රියාකාරිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්ගමුව සමූපකාර අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු මෙන්ම ඇහැටුවැව හුනුගල්ලෑව කලාප සංවිධායකවරයෙකු ලෙස කටයුතු කරන R.M.S.D. රත්නායක නැමැත්තායි.
සැකකරු සන්තකයේ තිබී බෝර 12 වර්ගයේ ගිනි අවියක්, කැප්තොක්කු වර්ගයේ ගිනි අවියක් සහ ඊට යොදන උණ්ඩ 24 ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

