අඩෝ වැලිගම දුපතේ අයිතිකාරයා මැරිල

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    5,796
    8,432
    113
    Tapprobane Island, වැලිගම යකින්නිගේ දුපත, ටැප්රොබේන් දූපත නොහොත් වැලිගම ගන්දූවේ අයිතිකරු වන Geoffrey Dobbs වයස අවුරුදු 73දී, අගෝස්තු 18 මියගොස් ඇත.

    මේ දුපත නම් ඩොලර් මිලියන සීයක් වත් වටිනව ඇති නේද බන්?

    ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට ඔබ්බෙන් පිහිටි කුඩා දූපතක්, ජාත්‍යන්තර ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ආකර්ෂණය දිනාගත් සුවිශේෂී නවාතැනක් බවට පත් කළ බ්‍රිතාන්‍ය ජාතිකයෙක් සිටියා. ඔහුගේ නම Geoffrey Dobbs. ශ්‍රී ලංකාවේ දූපතක් තමන්ගේම කරගත් ඔහුගේ ජීවිත කතාව, සුඛෝපභෝගී ජීවන රටාවෙන් පමණක් නොව මෙරට සංස්කෘතිය හා සමාජය සමඟ ගොඩනැගුණු සම්බන්ධතාවලින් ද විශේෂත්වයක් ගත්තා.

    අක්කර දෙකකින් යුත් Taprobane Island හිමිකරු ලෙස ප්‍රසිද්ධියට පත් Dobbs, එහි පිහිටි සුවිශේෂී නිවස සහ වෙනස්ම ජීවන රටාව නිසා ජාත්‍යන්තර අවධානයට ලක්වුණා. ඔහු තමන්ව “Grand Tunku of Taprobane” ලෙස හඳුන්වා ගත් අතර, දූපත ඔහුගේ අනන්‍යතාවයේම කොටසක් බවට පත්ව තිබුණා.

    ඔහුගේ දූපතට පැමිණි අමුත්තන් අතර ගායන ශිල්පී Sting, ලේඛක Gore Vidal සහ නිළි Maggie Smith වැනි ජාත්‍යන්තර ප්‍රසිද්ධ පුද්ගලයන් ද සිටියා. 2007දී ගායන ශිල්පිනී Kylie Minogue මෙම දූපත පිළිබඳ ගීතයක් නිර්මාණය කිරීම ද Taprobane Island වෙත ලැබුණු අවධානය පිළිබිඹු කළ සිදුවීමක්.

    Dobbsගේ අසාමාන්‍ය විනෝදාංශ අතර අලි ඇතුන් යොදාගෙන පෝලෝ තරග සංවිධානය කිරීම විශේෂත්වයක් ගත්තා. කෙසේ වෙතත්, ජාත්‍යන්තර පෝලෝ තරගයක් අතරතුර ඇතෙකු පාලනයෙන් මිදී තම දළවලින් සංචාරක වෑන් රථයකට පහර දීමෙන් පසු, ඔහු එම ක්‍රීඩාව සඳහා වෙනස් විකල්පයක් තෝරා ගත්තා. ඒ අනුව, අලි ඇතුන් වෙනුවට දකුණු ආසියාවේ ජනප්‍රිය ත්‍රිරෝද රථ (tuk-tuks) යොදාගෙන පෝලෝ ක්‍රීඩා කිරීමේ අදහසින් tuk-tuk polo ක්‍රීඩාව හඳුන්වා දුන්නා. ඔහුගේ මේ අසාමාන්‍ය අදහස, සාම්ප්‍රදායික ක්‍රීඩාවකට වෙනස්ම හැඩයක් එක් කළ සිදුවීමක් ලෙස කැපී පෙනුණා.

    2004 දෙසැම්බර් 26 වැනිදා සුනාමිය ඇති වූ අවස්ථාවේදී ඔහු තම සහෝදරයා සමඟ Taprobane Island අවට පිහිනමින් සිටියා. වාර්තාවට අනුව, කැඩී ගොස් තිබූ ලී catamaran යාත්‍රාවකට අල්ලාගෙන ඔවුන් දෙදෙනා දිවි ගලවාගෙන තිබුණා.

    එම අත්දැකීමෙන් පසු ශ්‍රී ලංකාවේ විපතට පත් ජනතාවට සහාය වීම සඳහා ඔහු “Adopt Sri Lanka” නමින් සහන වැඩසටහනක් ආරම්භ කළා. වෙරළබඩ ප්‍රදේශවල නිවාස සහ කුඩා ව්‍යාපාර නැවත ගොඩනැගීම වෙනුවෙන් පවුම් මිලියන දෙකකට වැඩි මුදලක් රැස් කිරීමට ඔහු දායක වුණා. මෙරට ධීවර යාත්‍රා සමූහය නැවත ගොඩනැගීමේ කටයුතු සඳහා ද ඔහු සහාය ලබා දුන්නා.

    ශ්‍රී ලංකාවේ සංස්කෘතික ජීවිතයට ඔහු කළ දායකත්වය අතර තවත් වැදගත් සලකුණක් වන්නේ Galle Literary Festival යි. 2007දී මෙම සාහිත්‍ය උළෙල ආරම්භ කිරීමට ඔහු මූලිකත්වය ගත්තේ සුනාමියෙන් පසු ගාල්ල ප්‍රදේශයට සංචාරකයන් නැවත ආකර්ෂණය කර ගැනීමේ අරමුණින්. පසුව එය ආසියාවේ ප්‍රමුඛ සාහිත්‍ය උළෙලක් බවට පත්වුණා.

    කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව සමඟ ඔහුගේ දිගුකාලීන සම්බන්ධය මතභේදවලින් තොර වූයේ නැහැ. 2013දී හෝටලයක ශ්‍රී ලංකා ජාතික ධජය උඩුයටිකුරු කර ප්‍රදර්ශනය කිරීමෙන් පසු ඔහුට තාවකාලිකව මෙරටට ඇතුළුවීම තහනම් කෙරුණා. එය පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව අතරතුර විදේශීය ධජ වැරදි ලෙස ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් කළ විරෝධතාවක් බව ඔහු පැවසුවා. එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ඔහු වෙනුවෙන් මැදිහත් වීමෙන් පසු එම තහනම ඉවත් කෙරුණා.

    1953දී ලන්ඩනයේ Chelsea ප්‍රදේශයේ උපත ලැබූ Geoffrey Dobbs, රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූ පියෙකුගේ රැකියාව හේතුවෙන් විවිධ රටවල හැදී වැඩුණු අයෙක්. ඔහුගේ ජීවිතයේ ශ්‍රී ලංකාවට හිමිවූයේ විශේෂ ස්ථානයක්. Taprobane Island, සුනාමියෙන් පසු සහන කටයුතු සහ Galle Literary Festival ඒ සම්බන්ධතාවයේ වැදගත්ම සලකුණු අතරට එක්වුණා.

    The Times පුවත්පතේ 2026 ඔක්තෝබර් 20 වැනිදා පළ වූ අවමංගල්‍ය ලිපියට අනුව, Geoffrey Dobbs වයස අවුරුදු 73දී, අගෝස්තු 18 වැනිදා සිදුවූ වැටීමකින් පසු ඇති වූ සංකූලතා හේතුවෙන් මියගොස් තිබෙනවා.

    ඔහුගේ ජීවිතය තුළ තිබුණේ සුවිශේෂී දූපතක්, ජාත්‍යන්තර ප්‍රසිද්ධ පුද්ගලයන් සමඟ ගොඩනැගුණු සබඳතා, අසාමාන්‍ය විනෝදාංශ සහ මතභේද පමණක් නොවෙයි. සුනාමියෙන් පසු ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමට කළ දායකත්වය සහ මෙරට සාහිත්‍ය උළෙලක ආරම්භයට එක්වීම ද ඔහුගේ ශ්‍රී ලංකා කතාවේ කොටසක්. ඒ නිසාම Geoffrey Dobbsගේ නම Taprobane Island සමඟ පමණක් නොව, ශ්‍රී ලංකාවේ සංචාරක හා සංස්කෘතික ඉතිහාසයේ ඇතැම් සුවිශේෂී මතක සමඟ ද බැඳී පවතිනවා.



    e846d04c-836c-4def-b03b-81feb5dbf03c.jpg


    ඩොබ්ස් මහතාගේ සුනාමි නිවාස වියප්පෘතිය
    0374a7c8-2b91-4d60-a42b-232917c35b45.jpg



    b2aa52c9-15cd-4939-af87-6d6a5e6d5b6a.jpg



    495601824_1349124103762040_4073951924649511972_n.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,318
    2
    55,304
    113
    Taprobane Island in Weligama Bay for £5,000 in 1952. Earlier in 1942, the island was sold at a public auction for 12,000 Sri Lankan Rupees following the death of its creator, Count de Mauny-Talvande. [1, 2]

    Loaf of bread in SL back in 1942 : 25 cents

    Price of the island in loaves of bread : 48000

    Loaf of bread in SL in 2026 costs : 150LKR

    So roughly 150 x 48000 = 7,200,000LKR

    Pretty reasonable price
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,845
    1
    19,342
    113
    35
    Spain
    අඩෝ මේක කෘතීම දූපතක් ද? අහංගම හරියෙත් තියෙනවා ගල් පරයක්. එකත් මොකක් හරි නඩුවක් නිසා සංවර්ධනය කරන්නේ නෑ. අපරාදේ. වටේ ගල් බැමි දාල හදන්න පුළුවන් නියමෙට. මාතරත් නිල්වලා ගං මෝය කිට්ටුව දූපතක් තියෙනවා.

    Loaf of bread in SL back in 1942 : 25 cents

    Price of the island in loaves of bread : 48000

    Loaf of bread in SL in 2026 costs : 150LKR

    So roughly 150 x 48000 = 7,200,000LKR

    Pretty reasonable price
    42 පාන් ගෙඩි 100ක් ගන්න පුළුවන්ව තියෙන්න ඇති සත 25ට. සත බාගේ, සතය පවා ලොකු ගානක් බන්. අපි පොඩි කාලේ සත 5, 10 ටොෆි තිබුන.
    ------ Post added on Oct 21, 2026 at 2:28 PM
     
    • Like
    Reactions: NRTG and Mr.Sawyer

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,796
    8,432
    113
    ඕකට යන්න දෙනවද?
    පැත්ත පළාතේ යන්න දෙන්නේ නෑ. 90 ගණන් වල යන්න දීල තියනව. ඒ කාලේ සෙනග අඩුයි නේ.
    ඔකේ මුලින්ම අයිතිවෙලා තිබ්බෙ නපොලියන්ගේ මුනුපුරෙකුට
    ඒක නම් ඇහුවෙත් අදමයි? ඒ කොහොමද බන්.
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,318
    2
    55,304
    113
    42 පාන් ගෙඩි 100ක් ගන්න පුළුවන්ව තියෙන්න ඇති සත 25ට. සත බාගේ, සතය පවා ලොකු ගානක් බන්. අපි පොඩි කාලේ සත 5, 10 ටොෆි තිබුන.
    ------ Post added on Oct 21, 2026 at 2:28 PM

    Nope it was 25 cents in 1942 apparently
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,318
    2
    55,304
    113
    පාන් මිල හොයා ගන්න බැරි වුන. එත් එක්කෙනෙක්ට සතියකට හාල් රාත්තල් තුනක් දීල තියෙනවා සත 25කට.

    Gemini kiyanawa 1940 gahapu gazette ekak thiyenawalu half a loaf 15 cents, full loaf 30 cents maximum price ekak mandate karala
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,796
    8,432
    113
    අඩෝ මේක කෘතීම දූපතක් ද? අහංගම හරියෙත් තියෙනවා ගල් පරයක්. එකත් මොකක් හරි නඩුවක් නිසා සංවර්ධනය කරන්නේ නෑ. අපරාදේ. වටේ ගල් බැමි දාල හදන්න පුළුවන් නියමෙට. මාතරත් නිල්වලා ගං මෝය කිට්ටුව දූපතක් තියෙනවා.
    නැ නැ.. මේක කෘතීම දුපතක් නෙවෙයි... මේක ගොඩක් ඉස්සර මුහුද පැත්තෙන් ලොකුවට තිබිල. පොඩ්ඩ පොඩ්ඩ ඛාදනය වෙල.

    kohomda owa aithi une ? Tsunami awe nadda ?
    මේවා සුද්දගේ කාලේ වෙන්දේසි කරපුව. ඕනෑම කෙනෙක්ට ගන්න පුළුවන්..
    ------ Post added on Oct 21, 2026 at 2:41 PM