බෙදපු නැති ලියුම් 2078 පියුම්ගේ ඇද යට අවුරුදු 06ක් ම 🤌🏼

Piyathissa

Well-known member
  • Jul 18, 2020
    1,235
    2,247
    113
    නීතිවිරෝධී මත්පැන් වැටලීමකට ගිය පොලිසියට පියුං මහත්තයාගේ ඇඳ යටින් නොබෙදූ ලියුම් 2078ක මල්ලක් හමුවෙලා - අවුරුදු 06ක්ම ලියුම් ටික ඇඳ යට
    ලද තොරතුරකට අනුව තැපැල්කරුවෙකුගේ නිවෙසකට ගොස් නීතිවිරෝධී මත්පැන් ඇත්දැයි සොයද්දී ඔහු නිදන ඇඳ යට සඟවා තිබූ නොබෙදූ ලිපි 2,078ක් සහිත මල්ලක් හමුවු බව හල්දුම්මුල්ල පොලිසිය පවසනවා.
    තැපැල් කාර්යාලය මගින් හල්දුම්මුල්ල, සොරගුනේ සහ හරන්කහව යන ප්‍රදේශවල පදිංචි ජනතාව ජනතාව වෙත ලබාදීම සදහා තමා වෙත ලබාදුන් ලිපි වසර හයකට අධික කාලයක් තිස්සේ බෙදා නොහැර මෙලෙස තම නිවසේ ඇඳ යට සඟවාගෙන ඇඳ‍ෙ නිදාගත් බවට මෙම පුද්ගලයා ප්‍රකාශ කර ඇතැයි ද පොලිසිය සඳහන් කරනවා.
    හල්දුම්මුල්ල, සොරගුනේ උප තැපැල් කාර්යාලයට අනුයුක්තව සේවය කරන 42 හැවිරිදි තැපැල්කරුවෙකු විසින් නීති විරෝධී මත්පැන් අලෙවි කරන ලද බවට හල්දුම්මුල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉදුනිල් රත්නායකට ලැබුණ තොරතුරක් මත මෙම විමර්ශනය ආරම්භ කර තිබුණා.
    ඒ අනුව, නීතිවිරෝධී මත්පැන් වැටලීමට ගිය එම පොලිස් කණ්ඩායම විසින් අදාල තැපැල් සේවකයා පදිංචි හරංකාව,සොරගුනේ ලිපිනයේ පිහිටි ඔහුගේ නිවස ඊයේ (20) දින පස්වරුවේ හදිසි පරික්ෂාවකට ලක්කර තිබූ බවයි වාර්තා වන්නේ.
    එහිදි එම තැනැත්තාගේ නිවෙසෙ කාමරයක තිබු ඇඳක් යට සිදුකරන ලද පරික්ෂාවේදි ඒ තුළ තිබි විවිධ පුද්ගලයන් ගේ නම් සදහන් ලිපි 2078 ක් සහිත මල්ලක් සොයාගැනීමට පොලිසියට හැකිව තිබුණා.
    මෙම නොබෙදූ ලිපි තොගයේ සාමාන්‍ය ලිපි 2065 ක් සහ ලියාපදිංචි ලිපි 13 ක් තිබු බවයි පොලිසිය පැවසුවේ.
    මේ සම්බන්ධයෙන් පොලිසිය තැපැල් සේවකයාගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදි ඔහු පවසා ඇත්තේ තම තැපැල් කාර්යාලය මගින් හල්දුම්මුල්ල, සොරගුනේ සහ හරන්කහව යන ප්‍රදේශවල පදිංචි ජනතාව ජනතාව වෙත ලබාදීම සදහා තමා වෙත ලබාදුන් ලිපි වසර හයකට අධික කාලයක් තිස්සේ බෙදා නොහැර මෙලෙස තම නිවසේ ඇඳයට සඟවාගෙන එහි නිදාගත් බවට සැකකරු පාපොච්චාරණයක් සිදුකළ බවයි.
    රාජ්‍ය ආයතන මගින් යොමු කළ අතිශය වැදගත් ලිපි ලේඛන, අධිකරණ මගින් නිකුත් කරන ලද නිල ලේඛන සහ නොතීසි, රැකියා සම්මුඛ පරීක්ෂණ (Interviews) සඳහා කැඳවීම් ලිපි, සහ මහජනතාවට අදාළ වැදගත් නිවේදන, ආදිය මෙම ලිපි තොගයට අයත් බවද පොලිසිය සදහන් කරයි.
    මෙම පුද්ගලයා තැපැල් සේවකයකු වශයෙන් සිටිමින් රාජකාරිය ඉටු නොකර ලිපි සඟවා සිදුකළ වරදට අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
    ඒ අනුව එම සැකකරු ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 162, 164, 165 සහ 167 යන වගන්තිවලින් කියැවෙන වැරදි සිදුකර ඇති බව පොලිසිය පැවසුවා.
    සැකකරු අද (21) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
    බණ්ඩාරවෙල කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරි (2) උදයකුමාරගේ උපදෙස් මත හල්දුම්මුල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඉදුනිල් රත්නායකගේ මෙහෙයවීමෙන් මෙහි පරීක්ෂණ වැඩිදුරටත් පැවැත්වෙනවා.




    පේනවනේ රාජ්‍ය නිළධාරීන් අවුරුදු 76ක් තිස්සෙම් කාපු හැටි මේ රට 🤌🏼 මාලිමා ආණ්ඩුවක් නැත්තම් අහුවෙයි මේවා ..
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,954
    8,727
    113
    ඌ ලියුම් බෙදන්න යනවා කියලා ගිහින් ඒව හෙඩර තියල හවස 5 ට ආයේ යනව ඇති ඔෆිස් එකට :lol:
     
    • Wow
    Reactions: Piyathissa

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,756
    3,624
    113
    18
    Bohitiya
    පේනවනේ රාජ්‍ය නිළධාරීන් අවුරුදු 76ක් තිස්සෙම් කාපු හැටි මේ රට 🤌🏼 මාලිමා ආණ්ඩුවක් නැත්තම් අහුවෙයි මේවා ..

    මූ ශුවර් එකටම ජෙප්පෙක්. අවු:76 සපෙ ඔකුන් තමා
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,433
    1
    13,433
    113
    Gotham City
    ඌ ලියුම් බෙදන්න යනවා කියලා ගිහින් ඒව හෙඩර තියල හවස 5 ට ආයේ යනව ඇති ඔෆිස් එකට :lol:
    කුරියර් කම්පැණි වල රන්ශීට් එක නැත්තම් ඩිලිවරි එක කලා කියාලා පෲෆ් තියෙනවානෙහ් .
    මුන්ට නැද්ද එහෙම ක්‍රමයක් ?
    රාජ්‍ය සේවය මකවලා ගන්න ඕනි .
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,546
    6,423
    113
    කුරියර් කම්පැණි වල රන්ශීට් එක නැත්තම් ඩිලිවරි එක කලා කියාලා පෲෆ් තියෙනවානෙහ් .
    මුන්ට නැද්ද එහෙම ක්‍රමයක් ?
    රාජ්‍ය සේවය මකවලා ගන්න ඕනි .

    එහෙම ඒව නෑ බන්. Register post වල slip එකේ ලියුම ගත්ත එකාට sign karanna tiyenawa. උන් ලියුම delivery කරා කියල ලියුමෙ තියෙන නමම ලියල ආපහු post office ekata bara denawa.
    මගේ ලියුමක් නැති වෙලා හොයන්න ගියාම දැන ගත්තෙ. Post office eke උන් කිව්ව complain එකක් දාන්න ඕන නම් තැපැල්පති ට ලියන්න කියල. Letter eka delivery una kiyala kisima verification ekak na.
    මහ පකේ රටවල් මේව. අපේ කරුමෙට තමයි මේකෙ ඉපදුනේ 😬🤬
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,433
    1
    13,433
    113
    Gotham City
    එහෙම ඒව නෑ බන්. Register post වල slip එකේ ලියුම ගත්ත එකාට sign karanna tiyenawa. උන් ලියුම delivery කරා කියල ලියුමෙ තියෙන නමම ලියල ආපහු post office ekata bara denawa.
    මගේ ලියුමක් නැති වෙලා හොයන්න ගියාම දැන ගත්තෙ. Post office eke උන් කිව්ව complain එකක් දාන්න ඕන නම් තැපැල්පති ට ලියන්න කියල. Letter eka delivery una kiyala kisima verification ekak na.
    මහ පකේ රටවල් මේව. අපේ කරුමෙට තමයි මේකෙ ඉපදුනේ 😬🤬
    anna oya ponna krame wenas wenna oni ban
    Public Sector eka makawala ganna oni.
     
    • Like
    Reactions: CohenLenstra

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    2,068
    1,463
    113
    ඒ 2078 ඇතුලෙ interview කැඳවීම් ලියුම්ත් තිබිලනෙ, හල්දුම්මුල්ලෙ කී දෙනෙක්ගෙ රස්සා හීන ඔය ඇඳ යට නැතිවෙන්න ඇත්ද
    university selection, aptitude test liyumuth tiyenda eti
     
    • Sad
    Reactions: SK29

    Similar threads