චෙම්මනි සමූහ මිනීවල ගැන

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    51,151
    104,139
    113
    පහල විස්තරේ තියෙනවා. මුං මේ සුනාමි නිසා මැරුණ අය වලදාපු මිනිවලක්වත්ද මන්ද ගොඩ දාලා තියෙන්නේ.


    _----_-------+-----_–

    රාජ් සෝමදේව මහතා චෙම්මනි සමූහ මිනීවල ගැන ඉදිරිපත් කළ තුන් වැනි අතුරු වාර්තාවේ 17 පිටුව.

    "18. නිරීක්ෂණාත්මක සාරාංශය

    මෙම වාර්තාවේ ලේඛනගත කර ඇති ද්‍රව්‍යමය සාක්ෂි සමූහය, වෙනත් සාක්ෂිවලින් ස්වාධීනව සලකා බැලීමේදී, විමර්ශනයට ලක් කරන ලද භූමදානවල ස්වභාවය සහ ලක්ෂණ පිළිබඳ නිශ්චිත නිගමනයකට එළඹීම සඳහා ප්‍රමාණවත් නොවේ. කෙසේ වෙතත්, සොයාගත් පුරාවස්තු සහ ඒවාට අදාළ සන්දර්භීය සාක්ෂි අනුව, ලෝකයේ වෙනත් ප්‍රදේශවලින් වාර්තා වී ඇති රහසිගත භූමදාන ස්ථානවලට වඩා, විධිමත් භූමදාන චාරිත්‍ර හා පිළිවෙත් අනුගමනය කළ ස්ථානවලට මෙම ස්ථානය වැඩි සමානකමක් දක්වන බව පෙනී යයි.

    එක් එක් පුද්ගලයන්ගේ භූමදාන සාපේක්ෂව ඉහළ ඝනත්වයකින් පැවතීම, මියගිය පුද්ගලයන් භූමදාන කරනු ලැබූ තත්ත්වයන් හෝ ඒ සඳහා බලපෑ හේතු තහවුරු කිරීමට ප්‍රමාණවත් නොවේ.

    මෙලෙස භූමදාන විශාල සංඛ්‍යාවක් එක් ස්ථානයක සංකේන්ද්‍රණය වී තිබීම වසංගතයක් හෝ වෙනත් ආකාරයක ස්වාභාවික ව්‍යසනයක් හේතුවෙන් සිදුවූවක් නම්, ඒවා සමඟ සම්බන්ධ ද්‍රව්‍යමය සංස්කෘතික සාක්ෂි සීමිත ප්‍රමාණයකින් හමුවීම අසාමාන්‍ය තත්ත්වයක් ලෙස අනිවාර්යයෙන් සැලකිය යුතු නොවේ.

    එවැනි තත්ත්වයන් යටතේ, සැලකිය යුතු ප්‍රමාණයක පූජා භාණ්ඩ හෝ මියගිය පුද්ගලයන්ගේ පෞද්ගලික භාණ්ඩ භූමදාන ස්ථානවල තැන්පත් කිරීමට වඩා, මියගිය පුද්ගලයන්ගේ දේහයන් කඩිනමින් බැහැර කිරීම ප්‍රමුඛ අවශ්‍යතාව වී තිබිය හැකිය.

    ඒ අනුව, සොයාගත් පුරාවස්තු ප්‍රමාණයෙන් අඩු වීම හෝ ඒවායේ විවිධත්වය සීමිත වීම, කිසියම් භූමදාන සන්දර්භයක ස්වභාවය තීරණය කිරීම සඳහා නිශ්චිත හෝ තීරණාත්මක සාක්ෂියක් ලෙස නොසැලකිය යුතුය.

    මෙම නිරීක්ෂණ තවමත් තාවකාලික ස්වභාවයේ පවතී. වඩාත් පුළුල් හා සවිස්තරාත්මක අර්ථකථනයකට එළඹීම සඳහා පුරාවිද්‍යාත්මක සන්දර්භය, පස් ස්තර අතර පවතින සම්බන්ධතා, භූමදාන සංවිධානය වී ඇති ආකාරය, අස්ථිමය සාක්ෂි සහ ඒවා සමඟ හමුවූ පුරාවස්තු මඟින් ලබාදෙන කාලනිර්ණය පිළිබඳ තොරතුරු ඒකාබද්ධව විශ්ලේෂණය කිරීම අවශ්‍ය වේ.

    එබැවින්, මෙම භූමදාන සිදුකළ තත්ත්වයන්, ඒවායේ අරමුණ හෝ ඓතිහාසික පසුබිම පිළිබඳ නිගමනවලට එළඹීමට පෙර, දැනට පවතින සාක්ෂි ඉතා ප්‍රවේශමෙන් ඇගයීමට ලක් කළ යුතුය."

    "18. Observational Summary

    The assemblage of material evidence documented in this report is insufficient, in isolation, to support a definitive conclusion regarding the nature and character of the burials investigated. Nevertheless, the artefacts and associated contextual evidence suggest that the site exhibits greater similarities to contexts characterized by formal burial practices than to clandestine burial sites documented in other parts of the world. The relatively high density of individual burials does not establish the circumstances under which the deceased were interred. If the concentration of burials resulted from an epidemic or another form of natural catastrophe, a limited assemblage of associated material culture would not necessarily be unexpected. Under such circumstances, the primary concern may have been the rapid disposal of the deceased rather than the deposition of substantial material offerings or personal belongings. Accordingly, the relative scarcity or limited diversity of artefacts should not be regarded as conclusive evidence for any burial context.

    These observations remain provisional. A more comprehensive interpretation requires the integration of archaeological context, stratigraphic relationships, burial organization, skeletal evidence and the chronological information provided by the associated artefacts. The available evidence should therefore be evaluated cautiously before drawing conclusions about the circumstances, purpose or historical context of the burials."

     
    • Like
    Reactions: dillsdilla

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,591
    2,696
    113
    United States
    17 පිටුවෙම තියෙනවනේ මේක තාම තාවකාලික නිරීක්ෂණයක්, නිශ්චිත නිගමනයකට සාක්ෂි මදි කියලා. සෝමදේව මහත්තයගෙ සම්පූර්ණ වාර්තාව එනකන් කලබල වෙලා කතා හදන එක නම් හරි නෑ වගේ
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    913
    2,431
    93
    33
    ඔතන අවුල ලාන්ස් කෝප්‍රල් සෝමරත්න රාජපක්ෂ 1998 දී ඔය සමූහ මිනීවලක් තියෙනවා කියල දීපු පාපොච්චාරණය. මිනිහගේ කතාව නිසා තමා දෙමලු උස්සන් යන්නේ හමුදාවෙන් මරපු අය කියල. දැන්වත් එක විසදුනොත් හොඳයි
     
    • Like
    Reactions: Chimpanzee Putha

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,151
    104,139
    113
    ඔතන අවුල ලාන්ස් කෝප්‍රල් සෝමරත්න රාජපක්ෂ 1998 දී ඔය සමූහ මිනීවලක් තියෙනවා කියල දීපු පාපොච්චාරණය. මිනිහගේ කතාව නිසා තමා දෙමලු උස්සන් යන්නේ හමුදාවෙන් මරපු අය කියල. දැන්වත් එක විසදුනොත් හොඳයි
    ඒ මනුස්සය තාම ඉන්නවා නන් ආයේ investigation කරන්න පුළුවන් නෙ. හැබැයි ඊට පස්සේ සුනාමි අය වලදාල නන් දැන් කොහොමත් අවුල් ගොඩක් වෙලා ඇති ඔතන.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    9,118
    1
    15,662
    113
    තරිඳු ජයවර්ධන, හරියට පරීක්ෂණ ඉවර වෙන්නත් කලින් ඌ තනියම "ගවේශනය" කරල පොතකුත් ලිව්ව නේද. ඒක හින්ද වෙන්නැති මේ Cherry pick කර කර ඉන්නෙ.

    ඕක ඝාතන සම්බන්ධ එකක්නම් මූනිස්සම්, අස්ති බිඳීම් තියෙන්න ඕන. ඒව තාම Interim forensic report එකේ සාක්ෂි විදියට දීල නෑ. ඒව තිබ්බනම් ඒකෙ තියෙන්න ඕන මොකද ඒව හොයාගන්න ලේසි ඒව. එහෙම ඝාතන නම් චාරිත්‍රානුකූලව වල දාන්නෙත් නෑ.

    ඕක 90-95 LTTE කාලෙ කනත්තක් වෙන්නත් පුළුවන්.

    Genetic report, Xray CT, Genetic test කරලත් නෑ. ඒත් නිදහස් මාධ්‍යවේදියා පොතකුත් ලියල. පාදිලියො පෙලපාලිත් ගියා.

    ඕකත් මන්නාරම මිනී වල වගේ ඉවර වෙයි.

    සෝමරත්න එක වරදකට Guilty උනාම ඌව බොරු පාපොච්චාරණ කරන්න පොලඹවගන්න පුළුවන්, ඒක එහෙම හිතෙන්න හොදම දේ International court යන්න පුළුවන් කියල සෝමරත්නගෙ Wife ලියුමක් භාරදීපූ එක 2025. එච්චර උගත් නැති ගෑනු කෙනෙක් එහෙම කරන්නෙ කොහොමද කාගෙහරි පෙලබවීමක් නැතුව. කොටි හිටපු කොටි දන්නව පරණ කනත්තවල් තියන තැන්, ලස්සනට Frame කරන්න පුළුවන්.

    ඕක එක Possibility එකක්. 👆

    මේක ඈත්තටම ආමි එකෙන් කලා කියල සාක්ෂි තියනවනම් මෙලහටත් මේ අවුරුදු දෙක ඇති ප්‍රශ්නෙ විසදන්න. ඒත් මේක දිගටම ඇදෙන්නෙ, දෙමල චන්ද ගන්න හොද කැරට් අලයක් නිසා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,151
    104,139
    113
    තරිඳු ජයවර්ධන, හරියට පරීක්ෂණ ඉවර වෙන්නත් කලින් ඌ තනියම "ගවේශනය" කරල පොතකුත් ලිව්ව නේද. ඒක හින්ද වෙන්නැති මේ Cherry pick කර කර ඉන්නෙ.

    ඕක ඝාතන සම්බන්ධ එකක්නම් මූනිස්සම්, අස්ති බිඳීම් තියෙන්න ඕන. ඒව තාම Interim forensic report එකේ සාක්ෂි විදියට දීල නෑ. ඒව තිබ්බනම් ඒකෙ තියෙන්න ඕන මොකද ඒව හොයාගන්න ලේසි ඒව. එහෙම ඝාතන නම් චාරිත්‍රානුකූලව වල දාන්නෙත් නෑ.

    ඕක 90-95 LTTE කාලෙ කනත්තක් වෙන්නත් පුළුවන්.

    Genetic report, Xray CT, Genetic test කරලත් නෑ. ඒත් නිදහස් මාධ්‍යවේදියා පොතකුත් ලියල. පාදිලියො පෙලපාලිත් ගියා.

    ඕකත් මන්නාරම මිනී වල වගේ ඉවර වෙයි.

    සෝමරත්න එක වරදකට Guilty උනාම ඌව බොරු පාපොච්චාරණ කරන්න පොලඹවගන්න පුළුවන්, ඒක එහෙම හිතෙන්න හොදම දේ International court යන්න පුළුවන් කියල සෝමරත්නගෙ Wife ලියුමක් භාරදීපූ එක 2025. එච්චර උගත් නැති ගෑනු කෙනෙක් එහෙම කරන්නෙ කොහොමද කාගෙහරි පෙලබවීමක් නැතුව. කොටි හිටපු කොටි දන්නව පරණ කනත්තවල් තියන තැන්, ලස්සනට Frame කරන්න පුළුවන්.

    ඕක එක Possibility එකක්. 👆

    මේක ඈත්තටම ආමි එකෙන් කලා කියල සාක්ෂි තියනවනම් මෙලහටත් මේ අවුරුදු දෙක ඇති ප්‍රශ්නෙ විසදන්න. ඒත් මේක දිගටම ඇදෙන්නෙ, දෙමල චන්ද ගන්න හොද කැරට් අලයක් නිසා.
    මුගේ පොතේ pdf වගේ අරගෙන බලන්න ඕනි කොහොමද මූ ඕක සම්බන්ධ කරලා තියෙන්නේ කියලා බලන්න.
     
    • Like
    Reactions: RealityOfX

    topkollek

    Well-known member
  • May 22, 2014
    45,035
    1
    59,534
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සුනාමි නිසා මැරුණ අය වලදාපු මිනිවලක්වත්ද
    image.png
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,493
    9,932
    113
    podi lamayek and school bag ekak ehema tibba neda..

    btw, distrikkayak vdyta samuuha mini walawal wadima Gampaha (lu) 88,89 kale anduwen marala walawapuwa.
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,455
    2,500
    113
    3% උං කොටින්ට කඩේ යන ගමන්. ඩයස්පෝරාවේ යුතුකම් ඉටුකරනවා. අර බිමලා තමයි උඩින්ම ඉන්නෙ. ගෝනිබිල්ලා