ජ්යෝතිෂයේ ගුරු කියන්නේ බුද්ධියේ කාරකයා. හැබැයි මෙතන බුද්ධිය කියන්නේ බුධගෙන් ලැබෙන තර්කය, ගණනය, කපටි ඥානය නෙමෙයි. බුධ දෙන්නේ විශ්ලේෂණය කරන්න පුළුවන්කම — ගුරු දෙන්නේ විවේකය, එහෙමත් නැත්නම් හරි දේ හරි විදිහට දකින්න පුළුවන් ප්රඥාව. දේවගුරු බ්රහස්පති කියන්නෙත් ඒකයි — දෙවියන්ටත් උපදෙස් දෙන ගුරුවරයා.
ගුරු බලවත් නම් (ස්වක්ෂේත්රයේ — ධනු, මීන; උච්චයේ — කටක) මිනිසා ලොකු හිතකින්, පුළුල් දැක්මකින් තීරණ ගන්නවා. ගුරුවරුන්ට, දැනුමට ගෞරවයක් තියෙනවා. ගුරු දුර්වල වුණාම හරි වැරැද්ද පෙනෙන්නේ නෑ — වැරදි විශ්වාස අල්ලාගෙන ඉන්නවා, තමන් දන්නවා කියන අහංකාරය විතරක් වැඩි වෙනවා.
දෙවැනි කාරණය — ඉරිසියාව. අභිධර්මයේ ඉරිසියාවට කියන්නේ ඉස්සා කියලා. ඒක දෝස කාණ්ඩයේ චෛතසිකයක්; හැදෙන්නේ දෝසමූල චිත්තවල විතරයි, ඒකත් දොම්නස සහගතව. හැදෙන පිළිවෙළ මෙහෙමයි: අනුන්ගේ දියුණුවක් දකිනවා → "මම" සහ "ඔහු" සංසන්දනය වෙනවා (මානය) → හිතට වේදනාවක් එනවා (දොම්නස) → ඒ වේදනාව උඩ දෝසයත් එක්ක ඉස්සාව හැදෙනවා. සරලව කිව්වොත්, අනුන්ට ලැබුණු දේ දරාගන්න බැරි වීම තමයි ඉරිසියාව.
ඉරිසියාවට බෙහෙත මුදිතාව — අනුන්ගේ දියුණුව දැකලා තමන්ගේ දියුණුව වගේ සතුටු වීම. ඒක බ්රහ්මවිහාර හතරෙන් එකක්.
අවසානයට මෙහෙම කියන්න පුළුවන්: ගුරු කියන්නේ පිටත ග්රහයෙක් විතරක් නෙමෙයි — අපේ ඇතුළේ තියෙන ප්රඥාවේ හඬ. ඒ හඬ ශක්තිමත් වෙන තරමට සංසන්දනය නැති වෙනවා; සංසන්දනය නැති තැන ඉරිසියාවට හැදෙන්න බිමක් නෑ.

රටේ කේන්දරේ කුම්බ. මේවෙනකොට ශනි රෙවතියේ.ශනි රෙවතිය හැමෝටම අදාලයි. රටට ගත්තහම කටකයේ ඉන්න ගුරු දැන් සැහෙන කාලයක් ශනි කන්ට්රෝල් කරන හිටියේ. දැන් 11 මාසේ මුල ගුරු සින්හෙට ආවහම ශනිට දෘෂ්ටිය නැති වෙනවා.හොඳම හරිය 11/2 ඉඳන් 12 වෙනකන් කුජත් නීචවෙලා ඉන්නේ කටකේ තනියම.හොඳම එකෙන් රටට හරියනවා.කනගාටුයි.
මේකේ ඉන්න නාකිම පොර බෝද?