කොහේ හෝ නුඹ නතරවී කාට හෝ ජීවිතය දී....

Martian Professor

Well-known member
  • Dec 4, 2024
    2,856
    3,810
    113
    කොහේ හෝ නුඹ නතර වී
    කාට හෝ ජීවිතය දී
    තුටින් නම් මට ඒ ඇතී
    මගේ නොවුණට කම් නැතී
    නුඹ මගේ නොවුණට කම් නැතී...

    උන්න දා අපි අපේ වී
    නුඹ දුන්න සෙනෙහස අරුමැතී
    ලෝභ නෑ හිත අහිමි දා
    අද මමත් දැන් මට හිමි නැතී...

    නුඹ ළඟත් මතකය ඇතී
    නමුදු අපි වෙන් වී ඇතී
    එපා රිදවුම් ගන්න දිවියට
    අපට හිමි ජීවිත ඇතී..



    • Singer (Artist): Karunarathna Divulgane (කරුණාරත්න දිවුල්ගනේ)
    • Lyricist: Shamila Hussain (ශමීලා හුසේන්)
    • Music Director: Darshana Wickramatunga (දර්ශන වික්‍රමතුංග)
     
    Last edited:

    nidarsha91

    Well-known member
  • උබ පහුගිය මාස ටිකේ මැරිලා ඉපදිලා අතීත කිසි දෙයක් මතක නෑ වගෙනෙ හැසිරෙන්නේ
    ලිහිනිව හීනෙනුත් පේනව මචන්. හිත හදාගන්න මේ දේවල් ඔක්කොම මම කියන්නෙ. ෆාමසි එකේ දරුව මන් ගැන බලාපොරොත්තු හදාගනී කියල දැන් ඒකට යන්නෙ නෑ. ඩොක්ට මමම කොල්ලෙක් හොයල දෙන්න මහන්සි වෙනව. වැඩ කරගෙන යනව. සින්දුවක් අහනව. ඒත් අතීතෙවත් ඒ හිනාවවත් අමතක කරල නෑ. මොනව කරන්නද මචන්....
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    18,044
    26,946
    113
    Fantasy
    ලිහිනිව හීනෙනුත් පේනව මචන්. හිත හදාගන්න මේ දේවල් ඔක්කොම මම කියන්නෙ. ෆාමසි එකේ දරුව මන් ගැන බලාපොරොත්තු හදාගනී කියල දැන් ඒකට යන්නෙ නෑ. ඩොක්ට මමම කොල්ලෙක් හොයල දෙන්න මහන්සි වෙනව. වැඩ කරගෙන යනව. සින්දුවක් අහනව. ඒත් අතීතෙවත් ඒ හිනාවවත් අමතක කරල නෑ. මොනව කරන්නද මචන්....
    උබ කිව්වෙ බැන්දා කියලනෙ ලගඳි 🤔
     
    • Like
    Reactions: NRTG

    nidarsha91

    Well-known member
  • උබ කිව්වෙ බැන්දා කියලනෙ ලගඳි 🤔
    අපි පිරිමිනෙ මචන්. තේරුම් ගත්තම කිසිම හේතුවක් නැතුවම මේ කෙනා තමයි ඔතාගෙන පතාගෙන ආව කෙනා කියල ඒක හිතේ නතරම වෙනවනෙ කාලෙකදි. ඒත් මචන් ඒ කෙනා නෑ කියල අඬ අඬ හරි පසුතැවි තැවි හරි ඉන්න බෑනෙ බන් හැමදාම. ජීවිතේ ජීවත් කරවන්න ඕන. ඉස්සරහට ඇදගෙන යන්න ඕන. පවුලෙ මිනිස්සුන්ට මොනවහරි සතුටක් දෙන්න ඕන. ඉතින්, හිත හදාගන්න ක්‍රමයක් හොයාගෙන ඉස්සරහට යන්න වෙනවා. ඉතින් මමත් අනිත් උන් වගේ කියල ලෝකෙට පෙන්නනවා. එතකොට අවුලක් නෑ නෙහ්. ප්‍රතිරෝධය අඩුයි. කියවන්න එන්නෙ නෑ
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,411
    2,993
    113
    මාතර
    අන්තිම පේළි ටික නියමයි බන්... 'එපා රිදවුම් ගන්න දිවියට' කියන තැන හිතට වැදුනා. තව ලියපන්
    බොරු නොකිය හිටපං, බොටා 🤖🤖🤖
     
    • Like
    Reactions: NRTG

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,744
    5,852
    113
    KALUTHARA
    අම්මා කෙනෙක් බිරිඳක් වෙලා
    ලොව කාට හෝ නුඹ උරුමැතී
    සතුටින්ද ඔබ පෙරටත් වඩා
    මගේ ඉපැරණි පෙම්වතී