සුපර් මාකට් එකෙන් අරන් ඕන විදියට හදන කනවා. ...... මොකද ඒවා පරිසරේ සමතුලිතතාවයට හානියක්.
උබට අමතක උන හෝ ඔලුවට එන්නේ නැති එක දෙයක් තියෙනව. ඒ තමයි, අපිත් ආහාර දාමයේම කොටස්, අපිත් පරිසර සමතුලිත කිරීමට උපන් අය.
ඒක නිසා මරාගෙන කන එක තමයි අපි පරිසරයට කරන හොදම දේ.
උබ ඔය කියන සුපර්මාකට් එක දාන්න කොච්චර පරිසර විනාශ කරන්න ඇද්ද,
ඊට කලින් සප්ලයි චේන් එක නිසා කොච්චර පරිසර හානි වෙන්න ඇද්ද,
පාරවල් වගේ යටිතල පහසුකම් සලසන්න කොච්චර පරිසර විනාශ වෙන්න ඇද්ද.
ස්වභාවික පරිසර වල උන්ගේ natural habitat කොච්චර විනාශ වෙන්න ඇද්ද.
ෆාම් වල සත්තු හදන්න, උන්ට ලෙඩ උනාම බෙහෙත් හදන්න, ෆාම් එකක් දාන්න ඉඩම් වෙන් කරගන්නම කොච්චර පරිසර හානියක් වෙන්න ඇද්ද.
උබ ඔය ඔක්කොම පරිසර හානි ටොන් ගනන් කරල. කාබන් ටොන් ගනන් පරිසරයට මුදාහැරපු සුපර්මාකට් එකෙන් ගිහිල්ලා මරපු මස් ගන්නලු.
අනේ නිකන් පලයන් බං යන්න

පරිසර විනාශය අඩුම සහ සමතුලිත තාවය වැඩිම තමන්ම දඩයම් කරන එකම විතරයි.