හෝමාගම තරුණයාගේ මරණය ගැන නීතිඥ සංගමයේ නිවේදනය පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රතික්ෂේප කරයි

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,550
    2,659
    113
    United States
    හෝමාගම තරුණයාගේ මරණය ගැන නීතිඥ සංගමයේ නිවේදනය පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රතික්ෂේප කරයි
    https://hirunews.lk/496676/police-s...ons-statement-regarding-homagama-youths-death · හිරු සිංහල

    1793127218_5440686_hirunews.jpg


    හෝමාගම පොලිස් අත්අඩංගුවේ සිටියදී ඉෂාර හර්ෂ කුමාර නමැති තරුණයා මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් ප්‍රකාශයක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් විසින් තරයේ ප්‍රතික්ෂේප කරනවා.

    නීතිඥ සංගමය එම නිවේදනයේ සඳහන් කර ඇති පරිදි තමන් කිසිදු අවස්ථාවක එවැනි ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කරන්නේ.

    ඒ අනුව ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් සිදුකර ඇති අදාළ ප්‍රකාශය පිළිබඳව තමන් කනගාටුවට පත්වන බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

    එම මරණය සම්බන්ධයෙන් මීට පෙර නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය දැඩි කනස්සල්ල පළ කර තිබුණා.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    25,107
    49,335
    113
    ඕකාගේ නම් වැඩ තහනම් කරන්නම ඕන..අමුම අමු සතෙක්..:yes:😡

    පහළ වීඩියෝවේ ඉන්න තරුණයගේ ඔලුව බලන්න. ඒ ඔලුව කුඩු කළෙත් හෝමාගම ගුරුසිංහමයි.! - කතාව අහන්න.

    ඉෂාරව මරපු ගුරුසිංහ කියන්නේ පොලීසියේ DIG ගුරුසිංගේ පුතා.! වත්මන් පොලිස්පතිගේ සීනියර් හිතවතා.!

    යුක්තිය දශමයක්වත් නිකන් බලාපොරොත්තු වෙන්න එපා.! යුක්තිය ඉල්ලා සිටින්න වෙනවා.

    මේ සිද්ධියට කලින් මේ පොලිස් පුතාම කලුතර උතුර පොලිසියේ වැඩ කරන ගමන් 2022 මාර්තු දහම්‍ රත්න කියන තරුණයගේ ඔලුකට්ට කුඩු කළා ගහලා, මියුෂිකල් එකකදී. ඒ සිද්ධියට පොඩි ට්‍රාන්සර් එකක් ගහලා ආය වැඩ. වීඩියෝව අවසන් වෙනකල් බලන්න.!

    -පොලිස් DIG අප්පෙක්ගේ පුතා වීම ඕන එකෙක්ගේ ඔලු පලන්නත්, මරන්නත් බලයක්ද?
    -වාර්ථා වලින් මැරෙන්න ගහලා කියලා ඇවිත් තියෙනකල් වැඩ තහනම් පමණක් කරළා මේ අයව උර්තල්ද?
    -බොරු නඩු දාන - අතින් බඩු දාන-පොලිස් භාරයේ ඉන්න මිනිස්සු මර්ණ රාජ්‍යයකටද අලුත් පණත් ගෙනත් දෙන්න හදන්නේ?

    මේක ඔබටත් ඕනම වෙලාවක වෙන්න පුළුවන් දෙයක්.!
    විරුද්ධ වෙන්න.!


    පොඩි මිනිහට විතරයි නීතිය.. ඊයා..

     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,285
    17,377
    113
    කෝ අර පොම්ඩි මිනිහගේ කුක්කෝ ටික..මේ මරලා තියෙන්නේ ලොකු මිනිහෙක්ද?
     
    • Like
    • Love
    Reactions: KDH and Anyhacker

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,469
    1
    13,482
    113
    Gotham City
    ඕකාගේ නම් වැඩ තහනම් කරන්නම ඕන..අමුම අමු සතෙක්..:yes:😡

    පහළ වීඩියෝවේ ඉන්න තරුණයගේ ඔලුව බලන්න. ඒ ඔලුව කුඩු කළෙත් හෝමාගම ගුරුසිංහමයි.! - කතාව අහන්න.

    ඉෂාරව මරපු ගුරුසිංහ කියන්නේ පොලීසියේ DIG ගුරුසිංගේ පුතා.! වත්මන් පොලිස්පතිගේ සීනියර් හිතවතා.!

    යුක්තිය දශමයක්වත් නිකන් බලාපොරොත්තු වෙන්න එපා.! යුක්තිය ඉල්ලා සිටින්න වෙනවා.

    මේ සිද්ධියට කලින් මේ පොලිස් පුතාම කලුතර උතුර පොලිසියේ වැඩ කරන ගමන් 2022 මාර්තු දහම්‍ රත්න කියන තරුණයගේ ඔලුකට්ට කුඩු කළා ගහලා, මියුෂිකල් එකකදී. ඒ සිද්ධියට පොඩි ට්‍රාන්සර් එකක් ගහලා ආය වැඩ. වීඩියෝව අවසන් වෙනකල් බලන්න.!

    -පොලිස් DIG අප්පෙක්ගේ පුතා වීම ඕන එකෙක්ගේ ඔලු පලන්නත්, මරන්නත් බලයක්ද?
    -වාර්ථා වලින් මැරෙන්න ගහලා කියලා ඇවිත් තියෙනකල් වැඩ තහනම් පමණක් කරළා මේ අයව උර්තල්ද?
    -බොරු නඩු දාන - අතින් බඩු දාන-පොලිස් භාරයේ ඉන්න මිනිස්සු මර්ණ රාජ්‍යයකටද අලුත් පණත් ගෙනත් දෙන්න හදන්නේ?

    මේක ඔබටත් ඕනම වෙලාවක වෙන්න පුළුවන් දෙයක්.!
    විරුද්ධ වෙන්න.!


    පොඩි මිනිහට විතරයි නීතිය.. ඊයා..


    කාලෙකට කලින්
    හොමාගම පාතාලෙ ඩෑල් එකක් හිටියා. .
    දැන් ඉන්න ඕ අයි සී ද දන්නෙ නැහැ ඒ කාලෙත් හිටියෙ.
    කොහොම හරි අර පාතාලෙ පොර මොකක් හරි කේස් එකක් වෙලා ඌව අල්ලන්න ගිය වෙලාවෙ ඌ මූණ පුරොලා දුන්නා ඕ අයි සී ගේ මූණට.

    ඌ අදටත් නිදැල්ලෙ.
     
    • Love
    Reactions: Anyhacker

    Similar threads