අනතුරට ලක්වූ මන්ත්‍රී රන්වලගේ වාහනයේ තිරිංග දෝෂයක්..🛑⚠️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,483
    47,583
    113
    රිය අනතුරකට ලක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ වෛද්‍ය වාර්තාව මෙතෙක් පොලීසිය වෙත ලැබී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ වුට්ලර් මහතා පවසයි.

    එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, අනතුරට සම්බන්ධ අශෝක රන්වල මන්ත්‍රීවරයාගේ වාහනයේ පරීක්ෂණ වාර්තාව පමණක් පොලීසිය වෙත ලැබී ඇති බව ද ඒ මහතා කියා සිටියේය.

    ඒ අනුව අශෝක රන්වල මන්ත්‍රීවරයා පැදවූ වාහනයේ තිරිංග නිසි නඩත්තුවක් සිදුකර නොමැති බවට සහ තිරිංග පද්ධතියේ ගැටලුවක් ඇති බවට එම වාහන පරීක්ෂණ වාර්තාවේ සඳහන් කර ඇති බව ද පොලීසිය වැඩිදුරටත් පැවසීය.

    කෙසේවෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ වුට්ලර් මහතා පවසන්නේ, වෛද්‍ය වාර්තාව ලැබීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි නීතිමය පියවර තීරණය කරන බවය.

    පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රීයේ අශෝක රන්වල මන්ත්‍රීවරයා ධාවනය කළ ජිප් රථය තවත් මෝටර් රථයක සහ යතුරුපැදියක ගැටී අනතුරක් සිදුවු අතර එම අනතුරින් මන්ත්‍රීවරයා සහ අනෙක් මෝටර් රථයේ ගමන් කළ කුඩා දරුවෙකු ඇතුළු තිදෙනෙකු තුවාල ලැබීය.

    අනතුර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා අත්අඩංගුවට ගත් අතර මහෙස්ත්‍රාත්වරයා විසින් ඔහු ඇප මත මුදාහැරීමට නියෝග කළේය.

    කෙසේවෙතත් මෙම අනතුරට සම්බන්ධ අශෝක රන්වල මන්ත්‍රීවරයාගේ වෛද්‍ය වාර්තාව සම්බන්ධයෙන් 'අද දෙරණ' කොළඹ ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයාගෙන් විමසීමක් කළ ද ඔහු ඊට ප්‍රතිචාර දැක්වූයේ නැත.

    අනතුරුව මේ සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලීසියේ ස්ථානාධිපතිගෙන් විමසීමක් කළ අතර එහිදී ඔහු සඳහන් කළේ, අශෝක රන්වල මන්ත්‍රීවරයාගේ වෛද්‍ය වාර්තාව මෙතෙක් පොලීසිය වෙත ලැබී නොමැති බවය.

    මේ වන විට අශෝක රන්වල මන්ත්‍රීවරයාගේ රුධිර සාම්පල, පරීක්ෂා කිරීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර ඇති බව ද පොලීසිය වැඩිදුරටත් පැවසීය.

     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,925
    15,317
    113
    35
    Spain
    Chevy Chase Community GIF
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,080
    4,741
    113
    Sri Lanka
    Chevrolet එකක් නේද ජීප් එක? මේ පාර USA යන්න වෙයි වාහනේ වැරදි ටික හොයන්න. ජපන් එකක් උනා නම් වාහන කොම්පැනියට නඩුත් දාලා උපාදියත් අරන් එන්න තිබ්බා.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,969
    15,418
    113
    vaahana hadana companies neh anthimata weradi :rofl:

    ජෙප්පෝ ඉන්දියාව එක්ක හොරෙන් අත්සන් කරපු හොර ගිවිසුම් වල ප්‍රතිපල එනවා

    DUGZd7D.png
    This should be a new thread :(
    ------ Post added on Dec 15, 2025 at 3:58 PM
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,987
    13,119
    113
    මේක නම් සන්ලයිට් නෙමෙයි සොන්නලයිට් දාලා හරි හෝදන එක හෝදනවා

    අර තුවාල වෙච්ච පොඩි එකා හම්බ උනේ තාත්තාට පසුගිය රජයන් නිසා කොණ්ඩම් එකක් හොයාගන්න බැරි උන එක කියලා කිව්වත් දැන් නම් ලොකු සීන් එකක් නෑ.

    කොහොමත් හැපිච්ච එකා වැරදියි.
     

    TheShadow

    Well-known member
  • May 19, 2019
    194
    361
    63
    Malabe
    අන්න දැක්ක ද ඕකනෙ අලුත් වාහන ඉල්ලන්නෙ එතුමල
    අලුත් කැබ් ටික ගෙනල්ලා තිබ්බනම් මේක වෙන් නෑ. කැබ් ගේනවට බාල්දි ඇදපු උන් තමා මේ අනතුරට වගකියන්න ඕන.
     

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,674
    971
    113
    Mawanella Town
    දැන් කරන්න දෙයක් නෑ අලුත් වාහනයක් ගන්න තිබ්බානේ රක්ෂණය වරප්‍රසාද තියෙනවා මෙයා :lol:
     
    • Haha
    Reactions: Inigo Montoya