ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    10,091
    1
    19,909
    113
    35
    Spain
    රජය විසින් යෝජනා කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත' (PSTB) සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත මඟින්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට (PTA) අදාළව මීට පෙර වාර්තා වී ඇති මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නැවත ඇතිවීමේ අවදානමක් පවතින බව 'හියුමන් රයිට්ස් වොච්' සංවිධානය අනතුරු අඟවා තිබේ.

    ඒ හරහා අත්තනෝමතික රැඳවුම් භාරයන්, වධහිංසා පැමිණවීම්, නිරීක්ෂණ කටයුතු සහ පුරවැසි නිදහස සීමා වීම සිදුවන බවට එම සංවිධානය සිය දැඩි කනස්සල්ල පළ කර ඇත.

    පසුගිය ඔක්තෝබර් 06 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත' (PSTB) සහ ඔක්තෝබර් 20 වැනිදා ඉදිරිපත් කරන ලද 'සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත' මඟින් ප්‍රමාණවත් අධිකරණ අධීක්ෂණයකින් තොරව බලධාරීන්ට අතිවිශාල බලතල පැවරෙන විධිවිධාන අඩංගු වන බව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය පෙන්වා දී තිබේ.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ජාතික ජන බලවේගය 2024 මැතිවරණ ප්‍රකාශනය මඟින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ඇතුළු මර්දනකාරී නීති අහෝසි කර රට පුරා සිටින ජනතාවගේ සිවිල් අයිතිවාසිකම් සුරක්ෂිත කරන බවට දුන් පොරොන්දුවලට පටහැනිව මෙම පනත් කෙටුම්පත් දෙක ඉදිරිපත් වී ඇති බව 'හියුමන් රයිට්ස් වොච්' සංවිධානය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

    සාමාන්‍ය අපරාධ නීතිය මඟින් සපයා ඇති ආරක්ෂාවෙන් පරිබාහිරව අසාමාන්‍ය බලතල ක්‍රියාත්මක කිරීමට බලධාරීන්ට ඉඩ සලසමින්, වෙනම නීතිමය රාමු හරහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ (PTA) පවතින ගැටලුකාරී ලක්ෂණ කිහිපයක්ම මෙම යෝජිත නීති මඟින් යළි ප්‍රතිනිර්මාණය වීමේ අවදානමක් පවතින බව 'හියුමන් රයිට්ස් වොච්' සංවිධානය පවසයි.

    පොලීසිය විසින් ලබාගන්නා පාපොච්ඡාරණ මත පදනම්ව දඬුවම් නියම කිරිමට ඉඩදීම තුළින් වඳහිංසා පැමිණවීම් දිරිමත් කිරීමට ද හේතු විය හැකි බව හියුමන් රයිට් වොච් සංවිධානයේ ආසියානු කලාපීය අධ්‍යක්ෂ එලෙන් පියර්සන් ප්‍රකාශ කර තිබේ.

    මෙම පනත දැනට පවතින ආකාරයෙන් සම්මත වුවහොත් මීට පෙර ක්‍රියාත්මක වූ ඒ හා සමාන දැඩි නීති මගින් සිදුවූ ආකාරයටම බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරිම් රැල්ලක් ඇති විමේ අවදානමක් පවතින බව ඔහු වැඩිදුරටත් පෙන්වාදෙයි.

    'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත' (PSTB) මඟින් ත්‍රස්තවාදය සඳහා පුළුල් අර්ථ දැක්වීම් සපයා ඇති අතර, වරෙන්තුවක් නොමැති අවස්ථා ඇතුළුව සාධාරණ සැකයක් මත පදනම්ව පුද්ගලයන් නැවැත්වීමට, සෝදිසි කිරීමට, ප්‍රශ්න කිරීමට සහ රඳවා ගැනීමට පොලිසියට සහ ත්‍රිවිධ හමුදාවට පුළුල් බලතල ලබා දී ඇත.

    යෝජිත නීතිය යටතේ මාස දෙකක කාලයක් සඳහා රැඳවුම් නියෝග නිකුත් කළ හැකි අතර, ඒවා වසරක් දක්වා දීර්ඝ කළ හැකිය. එවැනි නියෝග අවලංගු කිරීමට මහෙස්ත්‍රාත්වරයෙකුට බලයක් නොමැති අතර, මෙම පනත් කෙටුම්පතේ විධිවිධාන යටතේ කිසියම් පුද්ගලයෙකු චෝදනා නැඟීමකින් තොරව උපරිම වශයෙන් වසර දෙකක කාලයක් රඳවා තබා ගැනීමට ඉඩ ඇති බව හියුමන් රයිට්ස් වොච් පෙන්වා දෙයි.

    සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතින් ද සීමිත අධිකරණ අධීක්ෂණයක් යටතේ වසරක් දක්වා කාලයක් සඳහා වරකට මාස දෙක බැඟින් රැඳවුම් නියෝග ලබා දීමට ඉඩ සලසන අතර ඇප ලබා දීම සීමා කර ඇති බවත්, බරපතළ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූ සැකකරුවන්ට නිදහස් වීම සඳහා හිමිකම් ඇත්තේ සුවිශේෂී අවස්ථාවලදී පමණක් බව ද හියුමන් රයිට්ස් වොච් පෙන්වා දෙයි.

    පොලිසිය විසින් ලබා ගන්නා පාපොච්චාරණ අධිකරණයේදී සාක්ෂි ලෙස භාවිත කිරීමට ඉඩ සලසන සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ විධිවිධාන පිළිබඳව ද හියුමන් රයිට්ස් වොච් කනස්සල්ල පළ කළ අතර, මෙය භාවිතයෙන් බලපෑම් කිරීම්, අයුක්තිසහගත සැලකීම් සහ වධහිංසා පැමිණවීම් දිරිමත් කළ හැකි බවට එම සංවිධානය අනතුරු ඇඟවීමි සිදුකරයි.

    මීට පෙර ඉදිරිපත් වූ ත්‍රස්තවාදී මර්දන ප්‍රතිසංස්කරණ යෝජනා මඟින් මෙම ගැටලුවට විසඳුම් සෙවීම සඳහා පාපොච්චාරණය මහෙස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ සිදු කළ යුතු බවට කොන්දේසි පනවා තිබූ බව එම සංවිධානය පෙන්වා දෙයි.

    මෙම පනත් කෙටුම්පත් දෙකම මඟින් අදහස් ප්‍රකාශ කිරීමේ, සාමකාමීව රැස්වීමේ සහ සංගම් පිහිටුවීමේ නිදහසට ඇති විය හැකි බලපෑම සම්බන්ධයෙන් එම සංවිධානය සිය කනස්සල්ල මතු කර තිබේ.

    'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ හි ත්‍රස්තවාදය පිළිබඳ අර්ථ දැක්වීමට රජයකට හෝ ජාත්‍යන්තර සංවිධානයකට යම් ක්‍රියාවක් කිරීමට හෝ එයින් වැළකී සිටීමට බලපෑම් කිරීමේ අරමුණින් කරන ක්‍රියා ඇතුළත් වන බව සඳහන් වේ.

    මෙම කෙටුම්පතට ඇතැම් නිදහස් කිරීම් ඇතුළත් කර තිබුණද, එවැනි පුළුල් වචන භාවිතය හරහා නීත්‍යානුකූල විරෝධතා, මහජන අදහස් විමසීම් සහ විරුද්ධ මත ප්‍රකාශ කිරීම් ඉලක්ක කර ගැනීමට ඉඩ ඇති බවට හියුමන් රයිට්ස් වොච් අනතුරු ඇඟවීය.

    මේ අතර, යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත මඟින් බරපතළ අපරාධ පුළුල් ලෙස අර්ථ දක්වන අතර, සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකත්වය තක්සේරු කිරීමේදී දන්නා කණ්ඩායම් සාමාජිකයන් සමඟ පවත්වන හමුවීම්, ඇඳුම් පැළඳුම්, පච්ච කොටා ගැනීම් (ටැටූ), අත් සංඥා සහ ඇතැම් ස්ථානවලට කරන සංචාර වැනි සාධක සැළකිල්ලට ගැනීමට අධිකරණවලට ඉඩ සලස්වන බව ඔවුන් පවසයි.

    මෙම විධිවිධාන හේතුවෙන් අපරාධමය හැසිරීම් පිළිබඳ සාක්ෂි මත නොව, පුද්ගලයන්ගේ ඇසුර පදනම් කරගනිමින් ඔවුන් ඉලක්ක කර ගැනීමට ලක්විය හැකි බවට HRW අනතුරු ඇඟවීය.

    මෙම පනත් කෙටුම්පත මඟින් අධිකරණ නියෝග හරහා සන්නිවේදන මැදිහත්වීම් සහ ඉලෙක්ට්‍රොනික උපාංගවලින් දත්ත උකහා ගැනීම ඇතුළු පුළුල් නිරීක්ෂණ බලතල ද පොලිසියට ලබා දී ඇත.

    ඇතැම් අවස්ථාවලදී බලධාරීන්ට සේවා සපයන්නන්ගෙන් ග්‍රාහක අනන්‍යතා, ඇමතුම් තොරතුරු සහ උපාංගයේ පිහිටීම් දත්ත (location data) අධිකරණ නියෝගයකින් තොරව ලබා ගත හැකිබව 'හියුමන් රයිට්ස් වොච්' සංවිධානය පවසයි.

    අපරාධවලට ලක්වූවන් හඳුනාගත හැකි තොරතුරු ප්‍රකාශයට පත් කිරීම සීමා කිරීම සහ අධිකරණ කටයුතු වාර්තා කිරීම සීමා කිරීම මඟින් මාධ්‍ය නිදහස තවදුරටත් සීමා විය හැකි බව එම සංවිධානය සඳහන් කරයි.

    ජාත්‍යන්තර සම්මුතීන්ට අනුකූල වීම සහ අනෙකුත් කොන්දේසිවලට යටත්ව, යුරෝපා සංගම් වෙළඳපොළට විශේෂ වෙළඳ වරප්‍රසාද (ගාස්තු රහිත ප්‍රවේශයක්) ලබා දෙන යුරෝපා සංගමයේ (GSP+) වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ලබා දී ඇති මානව හිමිකම් සහතික සහ කැපවීම් සම්බන්ධයෙන් ද මෙම යෝජිත නීති මඟින් ගැටලු මතු වන බව 'හියුමන් රයිට්ස් වොච්' සංවිධානය පෙන්වා දී තිබේ.

    GSP+ තත්ත්වය යළි ලබා ගැනීමේ ක්‍රියාවලියේ කොටසක් ලෙස 2017 වසරේදී ත්‍රස්තවාදය වැළැක්වීම පනත අහෝසි කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බව ද පෙන්වා දී ඇත.

    එම නීතිය අහෝසි කරන බවට පොරොන්දු වුවද, වත්මන් රජය දිගින් දිගටම PTA පනත භාවිත කර ඇති බව එම සංවිධානය පෙන්වා දෙයි.

    ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලබා දී ඇති තොරතුරු වලට අනුව, 2025 වසර තුළ PTA පනතට අදාළ රැඳවුම් භාරයට ගැනීමේ සිදුවීම් 46 ක් වාර්තා වී ඇති අතර, 2026 වසරේ පළමු මාස තුන තුළ තවත් සිදුවීම් 12 ක් වාර්තා වී ඇති බව සඳහන් වේ.

    අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම්, වධහිංසා පැමිණවීම් සහ මූලික නිදහස සීමා කිරීම්වලට ඉඩ සලසන මෙම බලතල නව පනත් කෙටුම්පත් මඟින් අඛණ්ඩව පවත්වාගෙන ගියහොත්, එයින් ශ්‍රී ලංකාව සිය ජාත්‍යන්තර මානව හිමිකම් වගකීම් කඩවීමකට ලක්විය හැකි බව හියුමන් රයිට්ස් වොච් (HRW) සංවිධානය පෙන්වා දී තිබේ.

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කරන අතරතුර එය භාවිත කිරීම වහාම අත්හිටුවන ලෙස HRW රජයෙන් ඉල්ලා තිබේ.

    සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නා ලෙසත්, සංශෝධිත නීති හඳුන්වා දීමට පෙර අවංක, විවෘත සහ අවශ්‍ය සියලු අදහස් ඇතුළත් සාකච්ඡා පවත්වන ලෙසත් එමඟින් බලධාරීන්ට දන්වා ඇත.

    ඕනෑම නව නීතියකට අපරාධ වැරදි පිළිබඳ නිශ්චිත අර්ථ දැක්වීම්,ඵලදායී අධිකරණ අධීක්ෂණයක්, නීතිමය උපදෙස් ලබා ගැනීමට ඇති අවස්ථාව මෙන්ම වධහිංසා සහ අත්තනෝමතික රැඳවුම් භාරයන්ට එරෙහි ශක්තිමත් ආරක්ෂක විධිවිධාන ඇතුළත් විය යුතු බව එම සංවිධානය ප්‍රකාශ කර ඇත.

    එමෙන්ම, සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත එහි වත්මන් ස්වරූපයෙන් පවතින තාක් කල්, GSP+ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කැපවීම් සපුරාලීමට අපොහොසත් විය හැකි බව යුරෝපා සංගමය විසින් පැහැදිලි කළ යුතු බවටද හියුමන් රයිට්ස් වොච්' සංවිධානය ඉල්ලා සිටී.

    -
    https://www.facebook.com/siyathanews
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,563
    2,065
    113
    United States
    මාස දෙකේ රැඳවුම වසරක් දක්වා දික් කරන්න පුළුවන් එක තමයි මේකේ බයම තැන, ඒ වගේ බලතලවලින් සාමාන්‍ය මිනිස්සුන්ට තමයි වැඩිපුරම බලපාන්නේ.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,091
    1
    19,909
    113
    35
    Spain
    බයියන් ගෙන් රට ආරක්ෂා කරන්න පනතක් ගේන්න වෙලා තියෙන්නේ 😁
    ඒ බන්, තරහකාරයෙක් කේලමක් කිව්වත් අවුරුදු දෙකකට හිරේ යන්න වෙන විදියක් තමයි මේ.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,642
    27,224
    113
    Kandy
    පොන්න පොලිශ් ට ඕවා දුන්නම හොදට තියෙයි


    ------ Post added on Oct 30, 2026 at 1:26 AM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,312
    87,957
    113
    ආශ්චර්යමත් රටක
    ඒ බන්, තරහකාරයෙක් කේලමක් කිව්වත් අවුරුදු දෙකකට හිරේ යන්න වෙන විදියක් තමයි මේ.

    පච කෙළලා රාජ්‍ය වට්ටන්න ප්ලෑන් ගහන්නෙ නැතුව හිටියම හරි. 👍👍

    තැරි බයි හොර පඛයලට, බංකොළොත් වේසාවන්ට මේ ආණ්ඩුව වට්ටන්න දෙන්න බෑ.
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,613
    3,251
    113
    මේවට දැන් කෑගහලා වැඩක් නෑ...
    2/3 ✅
    CJ ✅
    විධයකය ✅

    2024 සැප් රටේ දෛවය seal තියලා ඉවරයි... මේ ටික කොහොමත් වෙනවා කියලා දැනගත්තේ 2024 සැප් 23.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,091
    1
    19,909
    113
    35
    Spain
    පච කෙළලා රාජ්‍ය වට්ටන්න ප්ලෑන් ගහන්නෙ නැතුව හිටියම හරි. 👍👍

    තැරි බයි හොර පඛයලට, බංකොළොත් වේසාවන්ට මේ ආණ්ඩුව වට්ටන්න දෙන්න බෑ.
    හරි බන්, තරහ වෙන්න එපා, අපි නේ මේ රටේ ඉන්නේ. ගිය අයවැය දේශනාවේදී කොටා ප්‍රධාන යෝජනා 18ක් ගෙනාව. එකෙන් එකයි ලු කරලා තියෙන්නේ. මේ මුළු අවුරුද්දටම 1/18. කවුරු විරුද්ධ වුනු නිසාද බන් ඒවා කරේ නැත්තේ? එහෙම නැති නම් සල්ලි මදිද? එහෙම නැතිනම් ආණ්ඩුවට තියෙන බලය මදිද?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,312
    87,957
    113
    ආශ්චර්යමත් රටක
    හරි බන්, තරහ වෙන්න එපා, අපි නේ මේ රටේ ඉන්නේ. ගිය අයවැය දේශනාවේදී කොටා ප්‍රධාන යෝජනා 18ක් ගෙනාව. එකෙන් එකයි ලු කරලා තියෙන්නේ. මේ මුළු අවුරුද්දටම 1/18. කවුරු විරුද්ධ වුනු නිසාද බන් ඒවා කරේ නැත්තේ? එහෙම නැති නම් සල්ලි මදිද? එහෙම නැතිනම් ආණ්ඩුවට තියෙන බලය මදිද?

    එක නෙවෙයි බාගයක් කරත් එච්චරයි රට කරන්න පුලුවන් කෙනෙකුට ඉන්නෙ. ඉස්සෙල්ලා රට බංකොළොත් නොකර රටකජු, බුලත්විට තට්ටුවක් කරගන්න පුලුවන් එකෙකුට කඩේ පලයන්කො ලොරි ටෝක් දෙන්න කලින්. අන්න එතකොට උබල කියන දේවල් වල වටිනාකමක් තියෙනවා. 🤣🤣
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,583
    17,994
    113
    jidHCHA.png
     

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    944
    1,220
    93
    ඒ බන්, තරහකාරයෙක් කේලමක් කිව්වත් අවුරුදු දෙකකට හිරේ යන්න වෙන විදියක් තමයි මේ.
    Skeleton Socrates GIF

    තරහා කාරයෝ ඉන්න හොද මිනිස්සුන්ට නෙමේ හූ හූ
     
    • Like
    Reactions: Inigo Montoya

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,430
    10,589
    113
    එක තැනක නෑ
    එක නෙවෙයි බාගයක් කරත් එච්චරයි රට කරන්න පුලුවන් කෙනෙකුට ඉන්නෙ. ඉස්සෙල්ලා රට බංකොළොත් නොකර රටකජු, බුලත්විට තට්ටුවක් කරගන්න පුලුවන් එකෙකුට කඩේ පලයන්කො ලොරි ටෝක් දෙන්න කලින්. අන්න එතකොට උබල කියන දේවල් වල වටිනාකමක් තියෙනවා. 🤣🤣
    කරන්න පොරොන්දු උන වැඩ වලින් “බාගයක් කරත් එච්චරයි රට කරන්න පුලුවන් එකෙක්ට ඉන්නෙ."

    ඩෝබි ලොජික් අම්මො යකෝ :lol:

    පුලුවන් නම් කියපු පච වලින් බාගයක් හරි කරන්න කියපන් :sorry:
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,091
    1
    19,909
    113
    35
    Spain
    Skeleton Socrates GIF

    තරහා කාරයෝ ඉන්න හොද මිනිස්සුන්ට නෙමේ හූ හූ
    බුදුහාමුදුරුවන්ටත් අනන්තවත් තරහකාරයෝ හිටියා බන්. ජෙසුස් වහන්සේට, මොහමඩ්තුමාට හිටියා. ඉතින් අපි මොන කබ්බොඩ?

    එක නෙවෙයි බාගයක් කරත් එච්චරයි රට කරන්න පුලුවන් කෙනෙකුට ඉන්නෙ. ඉස්සෙල්ලා රට බංකොළොත් නොකර රටකජු, බුලත්විට තට්ටුවක් කරගන්න පුලුවන් එකෙකුට කඩේ පලයන්කො ලොරි ටෝක් දෙන්න කලින්. අන්න එතකොට උබල කියන දේවල් වල වටිනාකමක් තියෙනවා. 🤣🤣
    අනිද්දා ඉඳල නොවැම්බර් මාසය. උඹලගේ ආණ්ඩුවට අවුරුදු දෙකක් පිරෙනවා. තව අවුරුදු 3යි ඉතුරු. ඉතින් කියපු දේ වලින් මොනවා හරි කරලා පෙන්වපන්. විධායක ජනාධිපති ක්‍රමේ අහෝසි කිරීම එහෙම හොඳ යෝජනාවක්.
    ------ Post added on Oct 30, 2026 at 9:23 AM
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    59,312
    87,957
    113
    ආශ්චර්යමත් රටක
    කරන්න පොරොන්දු උන වැඩ වලින් “බාගයක් කරත් එච්චරයි රට කරන්න පුලුවන් එකෙක්ට ඉන්නෙ."

    ඩෝබි ලොජික් අම්මො යකෝ :lol:

    පුලුවන් නම් කියපු පච වලින් බාගයක් හරි කරන්න කියපන් :sorry:

    බාගයක් නෙවෙයි කාලක් කරත් එච්චරයි ඉන්නෙ ඩෝබියෝ.

    ලොරි ටෝක් දිදී රට බංකොළොත් කරන එකෙකුට මොනවද බන් කරන්න පුලුවන්? 😹😹

    කයිය දෙන්න ඉස්සෙල්ලා රට කරන්න අවම සුදුසුකම් තියෙන එකෙක්ව හොයාගෙන ඉඳපන්. එහෙම නැතුව බලු කෙඳිරි දැම්මම අපිට පුකෙන් හිනායන්නෙ. 🤣




    අනිද්දා ඉඳල නොවැම්බර් මාසය. උඹලගේ ආණ්ඩුවට අවුරුදු දෙකක් පිරෙනවා. තව අවුරුදු 3යි ඉතුරු. ඉතින් කියපු දේ වලින් මොනවා හරි කරලා පෙන්වපන්.
    ------ Post added on Oct 30, 2026 at 9:23 AM

    කියපු දේවල් වලින් අවුරුදු දෙකට කරපු ගාන මට නං හොඳටම ඇති. ✌️😎

    තව ගොඩක් කල් තියෙනව උබලට බලු කෙඳිරි ගහන්න. 😹😹

    විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න? එහෙමද ආස? 😹 ඒක කරන්න ඕන වෙලාවට කරයි. බලු කෙඳිරි ඇහෙන වෙලාවට කරන්නං කියලා තියෙනවද? 🤌🏼
    ------ Post added on Oct 30, 2026 at 9:41 AM
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,091
    1
    19,909
    113
    35
    Spain
    බාගයක් නෙවෙයි කාලක් කරත් එච්චරයි ඉන්නෙ.

    ලොරි ටෝක් දිදී රට බංකොළොත් කරන එකෙකුට මොනවද බන් කරන්න පුලුවන්? 😹😹

    කයිය දෙන්න ඉස්සෙල්ලා රට කරන්න අවම සුදුසුකම් තියෙන එකෙක්ව හොයාගෙන ඉඳපන්. එහෙම නැතුව බලු කෙඳිරි දැම්මම අපිට පුකෙන් හිනායන්නෙ. 🤣



    කියපු දේවල් වලින් අවුරුදු දෙකට කරපු ගාන මට නං හොඳටම ඇති. ✌️😎

    තව ගොඩක් කල් තියෙනව උබලට බලු කෙඳිරි ගහන්න. 😹😹
    ------ Post added on Oct 30, 2026 at 9:41 AM
    මොනවද කරපු දේවල්? ඡන්ද පොරොන්දු අමතක කරමු, එත් ගිය අවුරුද්දේ බජට් එකෙන් කරපු යෝජනා 18කින් එකයි කලේ. බජට් එකෙන් සල්ලිත් වෙන් කරලා අවශ්‍ය තරම් බලය තියෙද්දිත් එහෙම වුනේ මොකද කියල තමයි මන් කලිනුත් ඇහුවේ. උඹලට එකක් කරපුව ඇති වුනාට අපිට මදි. මොකොද අපි මේ රටේ නේ ඉන්නේ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,312
    87,957
    113
    ආශ්චර්යමත් රටක
    මොනවද කරපු දේවල්? ඡන්ද පොරොන්දු අමතක කරමු, එත් ගිය අවුරුද්දේ බජට් එකෙන් කරපු යෝජනා 18කින් එකයි කලේ. බජට් එකෙන් සල්ලිත් වෙන් කරලා අවශ්‍ය තරම් බලය තියෙද්දිත් එහෙම වුනේ මොකද කියල තමයි මන් කලිනුත් ඇහුවේ. උඹලට එකක් කරපුව ඇති වුනාට අපිට මදි. මොකොද අපි මේ රටේ නේ ඉන්නේ.

    හැමදාම කොරපු දේවල් httk අහනවා. මට ඕවා ටයිප් කර කර ඉන්න පිස්සුවක් නෑ. ඕක ඇහුවම හැමදාම මට කියන්න තියෙන්නෙ මේක. 👇🏻

    ජනාධිපතිගෙ, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්දගෙ social media profiles වල ගිහින් බලපන්. මෙන්න මේවා කරා කියලා දාලා තියෙනවා. ඒ දාලා තියෙන ඒවයින් කරපු නැති දෙයක් තියෙනවා නං මෙතන දාපන් ඒක කරල නෑ බොරු කියලා.

    එහෙම කරන්න බැරි නිසා රටවල් බංකොළොත් කරන, සතේක මහපොළොවට වැඩක් නැති ෆේල් පොන්නයෙක්ගෙ වලිගෙ එල්ලිලා බලු කෙඳිරි ගහ ගහ ඉඳපන්. 😹