අපි හැමෝ එක්කම සමාජයේ ඉන්නවා නිතරම මේ වගේ තරහා යන කෙනෙක් 🤣

4815162342

Active member
  • Aug 6, 2026
    152
    192
    43
    මම මේ යන ඌබර් එකේ ඩ්‍රයිවර්,
    හොඳ මනුස්සයා හැබැයි,
    ඒසී මදි කිව්වාම ෆුල් දාලා,
    ඉස්සරහා සීට් එකත් පාත් කලා මට ඒසී එක හොඳට එන්න,
    ඊට පස්සේ ඒසී මදි වෙන්න සාධාරණ හේතු 3ක් සුහදව කියලා,
    ඒ එක හේතුවකට තව හේතු 2ක් කිව්වා,
    1. අව්ව හින්දා ඒසී එන්නේ නෑ
    2. ඒසී ඕෆ් කරන් ඉඳලා හයර් එකට කෙනා නැග්ගට පස්සේ තමයි ඒසී දාන්නේ,
    අ. ෆිනෑන්ස් වියදම වැඩී
    ආ.තෙල් වියදම වැඩී
    3. පිටිපස්සේ සීට් එකේ හින්දා ඒසී වැඩී,
    සහ තව ඕන්නම් එන්න ඉස්සරහට
    හැබැයි පොරට තරහා යනවා,
    නිතරම අනික් වාහන වලට රව රවා,,
    "ශිට්..."
    "සික්..."
    කිය කියා ඩ්‍රයිව් කරන්නේ,
    පාරේ ට්‍රැෆික් එකේදී හොඳටම තරහා යනවා,
    ඉස්සරහා බයික් එක්කෙනෙක් ගියා ස්ලෝ එකේ,
    ඌට හෝන් ගැහුවා ගැහුවා කන් බීරි වෙන්න,
    හෝන් දකුණු කකුල හෝන් එකේ තියලත් ගැහුවද කොහෙද,
    ඊට පස්සේ ඌව පහු කරන් යද්දී පොර දිහා රවාගෙන බලාගෙන පහු කලා,
    තව පොඩ්ඩෙන් වදිනවා ඉස්සරහින් ගිය සීටීබී එකක දෝං ගාලා,
    මම සීට් එක අල්ලාගත්තා හයියෙන්.
    (දැනුත් ගැහුව බ්‍රේක් එකට පවර් බෑන්කෙක වැටුණා 4 වෙනි පාරට)
    ආයේ ට්‍රැෆික් එක,
    ඔන්න වාහන එහෙම් මෙහෙන් දානවා,
    එක පාරට දකුනෙන් ඉඩක් ආවා,
    රවාගෙන හැරෙව්වා බෲස් ගාලා,
    පිටිපස්සේ ආපු ත්‍රීවීල් එකේ තව නුලෙන් වදිනවා,
    ත්‍රීවීල් එකේ සෙට් එකම කෑගැහුවා හයියෙන්,
    ඊට පස්සේ මෙන්න යනවා ඇරලා,
    ත්‍රීවීල් කාරයෝ පන්නනවා,
    මම සීටෙක අල්ලාගෙන ඩෙත් රේස් බලනවා,
    අංකා පාගනවා ලෑල්ලට මේ මැද කොළඹ,
    ඉස්සරහා ට්‍රැෆික් ලයිට් එකේ 3...2...1...කොලපාට ඉවර වෙන්න යනවා,
    ලෑල්ල ගලෝලා අතට අරන් පෑගුවා අංකා,
    හුස් ගාලා පහු කලා හංදිය,
    අනේ ෆෝස්ටොක් ත්‍රීවිල් එකේ ආපු සෙට් එකට හුකාස් ගහලා බ්‍රේක් ගහලා බලා ඉන්න වුණා නිකම් ටර්මිනෙටර් එකේ හතුරා ආර්නෝල්ඩ් පස්සේ පන්නාගෙන ඇවිල්ලා ආනෝර්ල්ඩ් කෝච්චි පාර පැන්න හැටියෙම අරුන්ට යන්න බැරිවෙන්න කෝච්චිය ගියා වගේ....
    තාමත් හෝන් ගගහා බැන බැන යනවා,
    හෝන් එකත් වදින්නේ නිකම් කුකුළෙක් උදේම හඬලද්දී බෙල්ල මිරිකුවා වගේ සද්දයක්...
    ජීවිතං අනියතං මරණං නියතං,
    මේකෙන් බහින්නේ කොයිවෙලේද කියලා ඉන්නේ,
    ඒත් මට මෑන් එක්ක තරහක් නෑ,
    ඉම්පාලා සහ චීටාගේ කේස් එකේ චීටාගේ පැත්ත ගත්තා වගේ,
    අනික මේ හැමදේම මං වෙනුවෙන්නේ
    🥲

    අපි හැමෝ එක්කම සමාජයේ ඉන්නවා නිතරම මේ වගේ තරහා යන කෙනෙක්
    🤣

    ප.ලි. දැන් ආර්ඩී එකට බැන්නා පාරේ වලවල් කියලා

    867729459_1057925073989479_2041055117687208501_n.jpg
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,766
    113
    United States
    බ්රේක් ගහද්දි පවර් බෑන්ක් එක 4 පාරක් වැටුණා කිව්ව තැනදි මට හිතුණා උඹ තාම ඒ කාර් එකේමද කියලා
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,229
    113
    ඒසී ඕෆ් කරන් ඉඳලා හයර් එකට කෙනා නැග්ගට පස්සේ තමයි ඒසී දාන්නේ
    හයර් එකට නගින්න කලිනුත් ඒසී දාන් ඉන්නද කියන්නෙ
     
    • Like
    Reactions: SomiBoyz

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    හයර් එකට නගින්න කලිනුත් ඒසී දාන් ඉන්නද කියන්නෙ
    තෙල් පිච්චෙනවට බයේ ඒසී ඕෆ් කරන් හයර් දුවන උන් එක්ක ගියාම ඔහොම තමා 😂