හාමුදුරුවෝ කරපු කැත වැඩේ 👩‍🦲 🦲 🟠

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,873
    9,277
    113




    චීවරධාරියෙකු කළ වැඩේ CCTV කැමරාවේ

    නිකවැරටිය ප්‍රදේශයේ විහාරස්ථානයක ස්වාමීන් වහන්සේ නමක්යැයි පවසමින්, කොස්ගම ප්‍රදේශයේ නිවාස වෙත ගොස් භාණ්ඩ සහ මුදල් එක්රැස් කරන ලද චීවරධාරියකු අත්අඩංගුවට ගැනීම සඳහා කොස්ගම පොලීසිය මහජන සහාය අපේක්ෂා කරයි.

    පොලීසිය වෙත ලැබී ඇති පැමිණිලිවලට අනුව, මෙම පුද්ගලයා මෙලෙස මහජනතාවගෙන් පරිත්‍යාග ලෙස එකතු කරනු ලබන භාණ්ඩ සහ ද්‍රව්‍ය සවස් කාලයේදී විවිධ ස්ථානවල අලෙවි කර මුදල් උපයාගෙන ඇති බව අනාවරණය වී තිබේ.

    සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ පවත්වන කොස්ගම පොලීසිය, මෙම චීවරධාරියාගේ ක්‍රියාකාරකම් පිළිබඳව හෝ ඔහු සැරිසරන ස්ථාන පිළිබඳව යම් තොරතුරක් වෙතොත් වහාම පොලීසිය දැනුවත් කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    කොස්ගම පැත්තේ ගෙවල්වලට ගිහින් පරිත්‍යාග එකතු කරලා, හවසට ඒවා විකුණලා සල්ලි හොයනවා කියන එක තමයි ඇත්තටම නරක. CCTV එකේ ත්‍රීවීල් එකත් පැහැදිලිව පේනවා, එහෙම කෙනෙක් දැක්කොත් වහාම පොලීසියට කියන එක තමයි හොඳම වැඩේ.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    නිකවැරටිය ප්‍රදේශයේ විහාරස්ථානයක ස්වාමීන් වහන්සේ නමක්යැයි පවසමින්, කොස්ගම ප්‍රදේශයේ නිවාස වෙත ගොස් භාණ්ඩ සහ මුදල් එක්රැස් කරන ලද චීවරධාරියකු අත්අඩංගුවට ගැනීම සඳහා කොස්ගම පොලීසිය මහජන සහාය අපේක්ෂා කරයි.
    සිවුරක් දාගත්තම ඕන ගේමක් ගැහුවැකි මේකෙ