ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත රිමාන්ඩ්

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත රිමාන්ඩ්
    https://sinhala.adaderana.lk/news/254132 · අද දෙරණ

    MediaFile_20261103_150925_677.jpg

    මෝටර් රථයක් මිලදී ගැනීමට සහ එහි කල්බලු ගෙවීමට මුදල් ලැබුණු ආකාරය තහවුරු කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මිය ලබන සිකුරාදා (06) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ ඇය අද (03) පස්වරුවේ මාතර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.

    කොටවිල පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිනිය ලෙස කටයුතු කළ ඇය සතුව තිබූ නවීන මෝටර් රථයක් ද පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබුණි.

    මාතර සමුපකාර සමිතියෙන් රුපියල් බිලියනයකට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයකු විසින් අදාළ මෝටර් රථයේ ලීසිං වාරික ගෙවා ඇති බවට අනාවරණය වීමෙන් පසු මෙම පියවර ගෙන ඇති බව සඳහන් වේ.
     
    • Like
    Reactions: DragonT

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,857
    6,329

    Bump
     
    • Love
    Reactions: Anyhacker