රුවන්වැලි මහා සෑ මළුව තුළ ඈතින් පේන්නෙ භාතිකාභය රජ ප්‍රතිමාව

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    51,149
    104,132
    113
    මේ රුවන්වැලි මහා සෑ මළුව තුළ ඈතින් පේන්නෙ භාතිකාභය රජ ප්‍රතිමාව මුලින්ම තිබුණු විදිහයි. අද රුවන්වැලි මහා සෑය වන්දනා කරන්න යන කෙනෙකුට සලපතල මළුවේ තිබෙන බුදු මැදුර පසුකොට ඉදිරියට යන විට මහා සෑයට වන්දනා කරගෙන සිටින ඒ ප්‍රතිමාව දකින්න ලැබෙනවා. දැන් මේ පිළිමෙ තිබෙන්නේ වීදුරු ගහපු කුටියක් ඇතුළේ. ක්‍රි. පූ. 20 ඉඳන් ක්‍රි.ව. 7 දක්වා අවුරුදු 28ක් අනුරාධපුරේ රාජ්ජය කරපු භාතිකාභය රජ්ජුරුවො කූටකණ්ණතිස්ස රජුගේ පුතෙක් . පියාගේ අභාවයෙන් පසු ඔහු සිහසුනට පත් වුණා.
    රජ්ජුරුවො මහා දාගැබ දිහා බලාගෙන ඉන්නේ දෑත් එක්කොට වඳිමින් හෙවත් අංජලී මුද්‍රාවෙන්. අඩි 8ක් පමණ උස ප්‍රතිමාවේ උඩුකය නිරුවත්. ඇඳුම් සරලයි. ලංකාවේ පැරණිම රජ පිළිමයක් ලෙසත් මෙය සැලකෙනවා. මේ පිළිමෙ පාදමේ ‘බතික තිස‘ කියන නම කොටා තිබෙනවා. ඒ නිසා හඳුනාගන්න පහසු වුණා. පිළිමෙ බොහෝ කලක් පොළොවට යටවි පැවති නිසා එහි සියුම් ලක්ෂණ ගෙවීගොස් තිබෙනවා.
    අද අපේ බොදුනුවන් රුවන්වැලි සෑයට නිතර ගිහින් වඳිනවා පුදනවා නේද? කිරි ආහාර පුජා, මල් පූජා, කප්රුක් පූජා තියනවානේ. සමහරුන්ට ඉතින් මහ සෑයට කොච්චර පූජා කළත් මදිනේ. ඒ වාගේම භාතිකාභය රජ්ජුරුවොත් ඒ කාලෙ අපට පුදුම හිතෙන විදිහේ පුජා පවත්වා තිබෙන බව මහාවංශයේ ලියා තිබෙනවා. රජතුමා හැම දවසක්ම උදෑසන ආහාර අනුභව කළේ රුවන්වැලි මහා සෑයට වන්දනා කිරීමෙන් පසුවයි .හවසටත් රුවන්වැලි මහා සෑයට වන්දනාමාන කිරීමෙන් පසුව ආහාරගත්බව මහාවංශයෙන් පැහැදිලි වෙනවා දවසට තුන් වතාවක් බුද්ධෝපස්ථානය පිණිස මහ සෑයට යාමට රජ්ජුරුවො පුරුදු වී සිටියා . දවසට දෙ වරක් බෙර වැයුම් සහිතව මල් පූජාව නොකඩවා පවත්වා තිබෙනවා.

    මහාවංශයේ මේ කොටස කියවා බලන්නකෝ: ‘‘ දෑඟුලක් ඝනකමට මනෝශිලා නම් සුවඳ මැටි කබලින් සෑය ආලේප කරවා, පෙර සේම මල් ගැසීම කරවීය. ඉක්බිති පාදමේ සිට ඡත්‍රය තෙක්ම මල් රාශියක් විසුරුවා ඒ මල් රැසින් සෑය වැසීය. අභය වැවෙන් යන්ත්‍ර මගින් ජලය ඉහළට නංවාගෙන, ඒ ජලයෙන් ශ්‍රද්ධාවන්ත ඒ රජු සෑය තෙමමින් ජල පූජාව කරවීය. ආලේප කටයුතු හුණු සියක් ගැලක් ගෙන්වා, මුතු ඇට සහ තලතෙල් දමා මනා කොට අඹරා හුණු පිරියම් කරවීය. පබළු දැලක් කරවා ඒ සෑයෙහි බහා, රියසක පමණ රන් පියුම් තනවා සන්ධියක් පාසා ඒවා අවුළුවා, එතැනින් බිම තෙක් මුතු වැල් එල්වා පියුම් ද එහි එල්වා මහ සෑය පිදීය.

    වර්ෂයක් පාසා මහ සෑයේ සුනු ආලේප කිරීමේ මංගල්‍යය කරවූ රජු ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේටත් බෝධි ස්නාන පූජා නමින් පැන්පහසු කරවීමේ පූජාවක් කර තිබෙනවා. මිහින්තලේ දහසක් භික්ෂු සංඝයාට හැම කල්හිම සලාකබත් දානය පූජා කරන්නත් රජ්ජුරුවො නියෝග කර තිබෙනවා. මේ රජුගේ කාලයට අයත්වන කලාඔය නිම්නයේ ඇති සෙල්ලිපියක අනුලපවත නම් විහාරයට කරන ලද ඉඩම් පූජා ගැන විස්තර සඳහන් වී තිබෙනවා.

    ඊට අමතරව ලෝවාමහාපායේ ප්‍රතිසංස්කරණ කටයුතුවලටත් දායක වෙලා. රෝමයට දූතයන් යවා පබළු ගෙන්වා ඒවායින් දැල් කරවා, රුවන්වැලි මහ සෑය සුනු පිරියම් කර පබළු දැලකින් සරසවා පූජාවක් කළ බවත් මහාවංශය කියනවා. මේවා අපට අදහන්න අමාරු දේවල් නේද? තම රාජ්‍ය සමය තුළ දී, මස් මාංශ විකිණීමත් සතුන් මැරීමත් සහමුලින් ම නවතා, රට ම ධාර්මික කරගැනීමට රජු උත්සාහ දරා තිබෙනවා.

    රජ්ජුරුවො අවුරුදු 28ක් රජකම් කිරීමෙන් පේන්නේ රටවැසියා ඔහුගේ දැහැමි පාලන පිළීවෙතට කැමති වුණු බව නේද? ඒකනෙ කවුරු හරි මුල්වී රජ්ජුරුවන්ගේ පිළිමයක් අදත් අපට දකින්න හැදුවෙ නේද?

    කුසුම්සිරි විජයවර්ධන


     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,223
    113
    මේ රුවන්වැලි මහා සෑ මළුව තුළ ඈතින් පේන්නෙ භාතිකාභය රජ ප්‍රතිමාව මුලින්ම තිබුණු විදිහයි.
    පරණ පොහොට්ටු ත්‍රෙඩ් එක මාට්ටු වෙච්ච ගමන් ලැජ්ජාව වහගන්න ඉතිහාස ත්‍රෙඩ් එකක් උස්සගෙන ඇවිත්
     
    • Like
    Reactions: SomiBoyz

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,149
    104,132
    113
    පරණ පොහොට්ටු ත්‍රෙඩ් එක මාට්ටු වෙච්ච ගමන් ලැජ්ජාව වහගන්න ඉතිහාස ත්‍රෙඩ් එකක් උස්සගෙන ඇවිත්
    bota ගිහිං මගේ පරණ නුල් ටික හොයාගෙන ඇවිත් පහලින් අලවන්න සහ ඒ ඒ නුල් වල summary එකක් ලියන්න අනික් අයටත් දැනගන්න.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,223
    113
    bota ගිහිං මගේ පරණ නුල් ටික හොයාගෙන ඇවිත් පහලින් අලවන්න සහ ඒ ඒ නුල් වල summary එකක් ලියන්න අනික් අයටත් දැනගන්න.
    ගෝඨා කතා කරනකොට තම්බි බලු වුණා කියලා කූරගල ත්‍රෙඩ් එකේ හෑලි ලියපු එකයි සුවප්නා බලපු එකයි හොඳටම ඇති බං
     
    • Like
    Reactions: SomiBoyz

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,149
    104,132
    113
    ගෝඨා කතා කරනකොට තම්බි බලු වුණා කියලා කූරගල ත්‍රෙඩ් එකේ හෑලි ලියපු එකයි සුවප්නා බලපු එකයි හොඳටම ඇති බං
    වැඩියි වැඩියි හොඳටම වැඩියි යන වෙලාව. තව එකක් ඉක්මනට හොයාගෙන එන්න
     
    • Like
    Reactions: SomiBoyz

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    වැඩියි වැඩියි හොඳටම වැඩියි යන වෙලාව. තව එකක් ඉක්මනට හොයාගෙන එන්න
    පිච්චුන පවර් සප්ලයි හදලා හාඩ් එක පුච්චගත්ත හෙළයා
     
    • Like
    Reactions: SomiBoyz

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,591
    2,695
    113
    United States
    අඩි 8ක් උස ප්‍රතිමාව අංජලී මුද්‍රාවෙන් සෑය දිහා බලන් ඉන්න එක මට නම් හරිම ලස්සන විස්තරයක්.
     
    • Like
    Reactions: NRTG

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,324
    3,900
    113
    රුවන්වැලි මහා සෑය කියන්නෙ ශ්‍රී ලාංකික බෞද්ධයන්ට ජීවමාන බුදුන් වැඩ සිටින තැනක්. තේරවාදය විසින් අරන් ආපු වංශකතා වලට අනුව බුදුන් සමාධි සුවයෙන් වැඩ සිටි තැනක්. ලෝකය පුරාම ඉන්න තේරවාදී බෞද්ධයන්ගෙ ඥාන මූලාශ්‍රය. මිහිඳු හාමුදුරුවො දායාද කරපු ඒ තේරවාද ධර්ම-විනය රැකගෙන පෝශණය කරගෙන ආපු භූමිය.

    එහෙම තැනක දේශපාලනික වැදගත්කමට වඩා ආගමික, අද්‍යාත්මික වැදගත්කම තේරුම් ගත්ත, ඒ සුවය විඳපු රජවරු අල්පයි.

    නියම ත්‍රෙඩ් එකක් :) කලින් ලයික් එකක් හලලා ගියාට අද තමා ලිපිය කියෙව්වෙ. තුති🙏
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,581
    1
    20,864
    113
    35
    Spain
    කොයි කාලෙ හදපු එකක්ද?
    ක්‍රිස්තු පූර්ව 20 ඉඳල ක්‍රිස්තු වර්ෂ 7 අතර කාලේ තමයි ඒ රජතුමා ලංකාවේ රජකම් කරලා තියෙන්නේ. ඉතින් ඔය අවුරුදු 27 ඇතුලේ හදන්න ඇත්තේ
     
    • Like
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,433
    24,374
    113
    ක්‍රිස්තු පූර්ව 20 ඉඳල ක්‍රිස්තු වර්ෂ 7 අතර කාලේ තමයි ඒ රජතුමා ලංකාවේ රජකම් කරලා තියෙන්නේ. ඉතින් ඔය අවුරුදු 27 ඇතුලේ හදන්න ඇත්තේ
    ඔව් ඒත් කියන්න බෑ නේද. දැන් අපි දුටුගැමුණුගෙ පිළිම හදනවනෙ.
    ඉස්සර නන් වැඩිය එහෙම වෙන්නෙ නෑ.
    ඒ කාලෙම හදපු එකක් preserve වෙලා නන් පට්ට.