දු‍ටුගැමුණු රජුගේ අභිරහස් මරණය

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,927
    3,277
    113
    දු‍ටුගැමුණු රජුගේ අභිරහස් මරණය ගැන අප්‍රකට කතාවක්

    ලංකාව පාලනය කළ රජුන් අතරිනුත්, ලංකාව එක්සේසත් කළ රජුන් අතරිනුත් දු‍ටුගැමුණු රජතුමා ශ්‍රේෂ්ඨ වෙනවා. ඔහුගේ පාලන සමය සහ මරණය ගැන මහාවංශ-ථූපවංශාදී පොත්පත් වල සඳහන් වුණත්, මරණයට හේතු වුණු රෝගය පිළිබඳව නම් මේවායේ සඳහනක් නෑ. දු‍ටුගැමුණු රජතුමාගේ මරණය පිළිබඳව අප වුණත් අසා තිබෙන්නේ, රුවන්වැලි සෑයේ ගොඩනැගීම නිමවන්නට ප්‍රථමව ඔහු යම් රෝගයකින් මරණාසන්න වූ බවත්, සද්ධාතිස්ස කුමාරයා විසින් සෑයේ වැඩ නිම නොවූ පෙදෙස සුදු රෙද්දෙන් වසා ඔහුට පෙන්වූ බවත් පමණයි.

    ඔහුගේ මරණයට හේතුව වගේම, රජතුමාගේ බිසෝවරුන් ගැනත් ඉතිහාසයේ සඳහනක් නැහැ. රජු ඇතැම්විට ක්ෂත්‍රිය කුල කාන්තාවක් සරණ පාවා නොගත් නිසා එය නොලියවෙන්නට ඇතියි කියලා අනුමාන කරන්න පුළුවන්. රජුගේ විවාහය වගේම මරණයත් මහාවංශාදී පොතපතෙහි සඳහන් නොවන්නේ එයත් සටහන් කර තැබීමට නොහැකි ආකාරයේ කරුණක් නිසාදැයි අපි දන්නේ නැහැ. කෙසේ නමුත්, රජුගේ මරණය සිදුවීමට හේතුව මෙන්ම, එයට හේතු වූ රජුගේ බිසවක් ගැනත් අප්‍රසිද්ධ ජනකතාවක කියැවෙනවා.

    දුටුගැමුණු රජු පැහැරගත් ධාතූන් සහ නාග කන්‍යාව

    දු‍ටුගැමුණු රජතුමා සිය අවසන් කාලයේ දී රුවන්වැලි සෑය සෑදීමේ කතාව අපි කවුරුත් දන්නවා. එක්තරා මහරහතන්වහන්සේ නමක් මේ චෛත්‍යයේ නිධන් කිරීමට සර්වඥධාතූන් ද්‍රෝණයක් පමණ නාග ලෝකයෙන් ගෙන ආ බව ඇතැම් පොත්වල සඳහන් වෙනවා. ඉතින් සෑයේ ධාතු නිධන් කළාට පසුව ඒවා වන්දනා කරන්න දිනපතාම වාගේ නාලොවින් නාගයින් පැමිණීම පුරුද්දක් වී තිබුණාලු. ඔය අතරේ නා රජුගේ දියණියන් ද සිටි බවයි කියැවෙන්නේ.

    දිනක්, චෛත්‍යයට කඩුපුල් මල් පූජා කර තිබෙන බව රාජපුරුෂයෙකු දැක තිබෙනවා. මේ, නාලොව තිබෙනවාය කියන කඩුපුල් මල් වෙන්නට ඇතිය කියන අනුමානයෙන්, පසු දා රාත්‍රියේ ඔහු චෛත්‍ය අසල සැඟවී බලා සිටිනවා.

    මධ්‍යම යාමය ලබත්ම ශෝභමාන නාග කන්‍යාවක් පැමිණ, කඩුපුල් මල් පූජා කර සෑය වැඳ අතුරුදන් වනවා රාජ පුරුෂයා දු‍ටුවා. දුටු දෙයින් පුදුමයට පත්වන ඔහු එම තොරතුරු රජුට වාර්තා කළා. රාජපුරුෂයා කළ විස්තරය ඇසූ රජතුමාට “එතරම් රූමත් නාග කන්‍යාව තමා හිමිකර ගත යුතුයි” කියන චේතනාව පහළ වුණා ලු. ඉතින් ඊළඟ දිනයේ දී රාජ අණට අනුව සෑය ළඟ ‍රැක සිටින රාජ පුරුෂයින්, බුදුන් වැඳ අවසන් වන්නටත් පළමුවම ඈව අල්ලාගත්තා. මිනිස් ස්පර්ෂයෙන් පසු අමනුෂ්‍යවර්ගයාට ඇති අතුරුදන් වීමේ හැකියාව නැතිවෙන බව කියනවනෙ. නාග කන්‍යාවටත් එසේම වුණා.

    රාජ පුරුෂයින් නාග කන්‍යාව රජුට වෙතට ගෙනයෑමෙන් අනතුරුව ඇගේ ශෝභමාන පෙනුමට වශී වූ රජතුමා, ඈව බලෙන්ම විවාහ කර අගබිසෝ තනතුරේ තබාගත්තා.

    පළිගන්නා නා රජෙක්

    රුවන්වැලි සෑය වඳින්නට ගිය දියණිය ආපසු නොපැමිණීම නිසා ඈ සොයාගෙන එන්නට නා රජු නාගයින් කීපදෙනෙක්ව අනුරාධපුරයට එවනවා. එහි වැසියන් සමඟ කතාබහෙන් පසු, දු‍ටුගැමුණු රජතුමා එම නාග කන්‍යාව බලෙන්ම බිසෝ තනතුරේ තබාගෙන සිටින බව දැනගන්නා ඔවුන් ආපිට ගොස් එම පුවත නා රජුට වාර්තා කරනවා. ප්‍රථමව තමා සන්තකව නාලොව තිබූ ධාතූන් ගෙනයෑමත්, දෙවනුව ඒවා වැඳීමට ගිය සිය දියණිය පැහැරගැනීමත් නිසා දු‍ටුගැමුණු රජු පිළිබඳව නා රජුට ඇතිවන්නේ බලවත් කේන්තියක්. දු‍ටුගැමුණු රජුගෙන් පළිගැනීමට අදහස් කරන නා රජු නාග මානවකයෙකු කැඳවා, “දු‍ටුගැමුණු මරා මිස නැවත නොපැමිණෙවැ”යි කියා ඔහුව මනුෂ්‍ය ලෝකයට පිටත් කරවනවා.

    අණ පරිදි අනුරධපුර පිහිටි රජුගේ මාළිගයට පැමිණෙන නාගයා, රජුගේ සයනය යට සැඟවී සිට රජුට දෂ්ට කරනවා. එවිටම වාගේ නින්දෙන් පිබිදෙන රජු නාගයෙකු සයනය යටට ඇදෙනු දැක කෑගසා, ඒ අසා පැමිණි ගබඩා භාර නිලමේට නයෙක් තමාට දෂ්ට කළ බව කියා සිහිමූර්ජා වෙනවා. ඇඳ යට නයෙකු නොසිටියත්, කපුරුනාද නම් රාජ විෂ වෛද්‍යවරයා කැඳවන ලදුව, ඔහු විසින් රජුව විෂහරණ ඔරුවක බහා, නිල අල්ලා, ඖෂධ ගල්වා කරන ලද ප්‍රතිකාර වලින් පසු රජු සුවපත් වෙනවා. රජු මියෙනතෙක් මනුලොව නැවතී සිටි නාග මානවකයා මෙයින් පත්වන්නේ අධික කෝපයකට.

    ආපසු නාලොවට නොයන ඔහු, ඊළඟ සතියේත් රජුට දෂ්ට කළත්, කපුරුනාද වෙදතුමා රජුව නැවතත් සුව කරනවා. මෙයාකාරයෙන් විවිධ තැන්වල, විවිධ වේලාවන්හි ‍රැක සිට සත්වරක් රජුට දෂ්ට කළත්, ඒ සියලු වතාවන් වලදී කපුරුනාද වෙදතුමා රජු සුවපත් කිරීමට සමත් වෙනවා. රජු මරාදමා මිසා ආපසු යන්නේ නැතැයි අධිෂ්ඨාන කරන නාගයා රජතුමා මරන්නට උපායක් කල්පනා කරනවා.

    නැකැත් බලා දෂ්ට කිරීමේ ශාස්ත්‍රය

    සුව කළ හැකි සර්ප දෂ්ටනයන් මෙන්ම, සුව නොකළ හැකි සර්ප දෂ්ටනයන් ද තිබෙන බව දේශීය විෂ විද්‍යාවේ සඳහන්. “මර යෝග” යනුවෙන් ද හැඳින්වෙන්නේ මේවායි. යමෙකු මැරීමේ ශාස්ත්‍රය දන්නේ ඔහු සුවපත් කිරීමට දන්නා තැනැත්තාමයි. එනිසා රජුට දෂ්ට කිරීම සඳහා මෙවැනි “මර යෝගයක්” කපුරුනාද වෙදතුමාගෙන්ම අසා දැනගත යුතු බව නාගයා කල්පනා කළා.

    මෙවර මසක් පමණ කාලයක් රජතුමාට දෂ්ට නොකර සිටි නාගයා, නාග ආපදාව අවසන් බව කල්පනා කළ වෙදතුමා මාළිගයෙන් නික්මී ඈත දනව්වක පිහිටි සිය ගම් බලා යන තෙක් ඉවසීමෙන් සිට, මනුෂ්‍ය වේශයක් ගෙන මග ‍රැක සිටියා. මග පිහිටි අම්බලමක දී අහම්බෙන් මුණගැසුණු බවක් අඟවා වෙදතුමා හා ආගිය තොරතුරු සාකච්ඡා කළ ඔහු, “මේ ළඟකදී ඔබතුමා කීපවිටක් රජු බේරාගත්තා නොවේද, ඔබතුමාට සුව නොකළ හැකි දෂ්ටනයන් තිබේයැයි මම නම් සිතන්නේ නැතැ”යි කිව්වාලු. විෂ වෙදකම සොයාගත් සෘෂීන්ට පවා සුවකළ නොහැකි අන්දමේ දෂ්ටනයන් තිබෙන බව මෙයට ප්‍රතිචාර ලෙස කපුරුනාදතුමා ප්‍රකාශ කර තිබෙනවා.

    තමාටත් ඒවා කියාදෙන ලෙස නාගයා කළ ඉල්ලීම නිසා, රජතුමා මරාදැමීමට මෙසේ අසනා බවක් නොදත් වෙදතුමා, දෂ්ට කළ ගමන්ම මැරෙන නැකැත්, පැය කීපයකින්, දින කීපයකින් මැරෙන නැකැත් ආදිය ගැන විස්තරයක් නාගයාට පැවසුවා. සාකච්ඡාවෙන් මද වේලාවකට පසුව වෙදතුමාගෙන් සමුගත් නාගයා ආපසු හැරී මාළිගයට ගොස්, අසාගත් නැකතක් පැමිණෙන තුරු ‍රැක හිඳ, දින සතකින් මැරෙන නැකතක් උදා වූ විට රජතුමාට දෂ්ට කළා.

    දු‍ටුගැමුණු රජුගේ මරණය

    රජතුමාට නැවතත් නයෙකු දෂ්ට කර තිබෙන බව දැනගත් වහාම කපුරුනාද වෙදතුමා වෙත දූතයෙකු පිටත්කර යැවුණා. දූත ලක්ෂණ අනුව වෙදතුමා දැනගත්තාලු මෙවර නම් රජතුමා ගලවාගැනීමට නොහැකි බව. නමුත් දෂ්ට කර ඇති නැකතට අනුව රජුගේ ජීවිතය දින සතක් ‍රැකෙන බව දැනගත් ඔහු වහා රජු දැකීමට පිටත්ව ගියා. සිහිමූර්ජාව සිටි රජතුමාට ප්‍රතිකාර කර සිහිගැන්වූ වෛද්‍යවරයා රජුට සැලකරන්නේ මෙවර නම් එතුමා බේරාගැනීම තමාට තබා විෂ විද්‍යාව සොයාගත් සෘෂිවරයාටත් නොහැකි බවත්, සත් දිනකින් මරණය ස්ථිර බවත්. වේදනාවෙන් පීඩා විඳිමින් එය අසන රජතුමා තමන්ට මෙය සිදුකරන්නට ඇත්තේ තමන් බලහත්කාරයෙන් බිසෝ තනතුරේ තබාගත් නාග කන්‍යාවගේ ඥාතියෙකු විය හැකි බව අනුමාන කළා ලු. ඉන් අනතුරුව අමාත්‍යාදීන් ‍රැස්කර, සද්ධාතිස්ස කුමරුන් ද ගෙන්වා රාජ්‍ය පාලනයත්, මහා සෑයේ වැඩකටයුතු අවසන් කිරීමත් ඔවුන්ට පැවරූ දුටුගැමුණු රජතුමා, දෂ්ටනයෙන් සත් දිනක් ගෙවුණු තැන මරණයට පත්වුණු බවයි ජනකතාවේ කියවෙන්නේ.

    මේ ජනකතාව තහවුරු කිරීමට තරම් සාක්ෂියක් ඉතිහාසයෙන් හමුවන්නේ නැතත්, කපුරුනාද නම් විෂ වෛද්‍යවරයෙකු උතුරුමැද පළාත ආශ්‍රිතව විසූ බවට ලිඛිත සාධක හමුවෙනවා. කෙසේ නමුත් ඒ ගැනත් ඊට වඩා සාක්ෂියක් සොයාගන්නට නැහැ.



    උපුටා ගැනිමකි
    මුල් හිමිකරුට ස්තුතිය 🌹
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,043
    4,487
    113
    අමතර යමක්.නිවරද්‍යතාවය හා මූලාශ්‍ර නොදනී.(පොතක හරි මොකක හරි කියවපු එකක් )

    නාග කන්‍යාව පසුකාලීනව රජතුමාට ආදරය කල බව ඇතැම් තැන්වල සඳහන් වෙනවා. එක් වරක් නාගයා දෂ්ඨ කරන්නට ආවම තමා ගර්භණී හින්දා එපා කිව්වලු. තවත් සැරයක් ආවම පුතා පොඩියි කියල ආපසු යැව්වලු.(මේ පුතා කවුද කියල දන්නෙ නෑ.සාලිය කුමාරය නොවෙන්නත් පුලුවන්.) අනිත් පාර ආවම පුතා තරුණ කාලෙට ආවම අදාල කාර්යය කරන්න කියල යැව්වලු. අනිත් සැරේ ආවම කරන්න දෙයක් නැති හින්ද සද්ද නැතුව හිටිය කියනව. අන්තිමට නයා දෂ්ඨ කලාට පස්සෙ තමාට කරන්න කිසිම දෙයක් නෑ කියල 3 සැරයක් රජතුමා වටේ පැදකුණු කරල සමාව ඉල්ලලා වැඳලා ආපහු නාග ලෝකෙටම ගියාලු.සිහි මූර්ජා වුන රජතුමාට රාජකීය වෙදැදුරු තුමා සිහිය අරන් ඉතුරු දවස් 7 ගිය විදිය මේකෙ තියෙනව.
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    නාග ලෝකයෙන් ගෙන ආ බව ඇතැම් පොත්වල සඳහන් වෙනවා.

    wishala-shabdayak-kelaniya.gif
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,190
    1
    58,564
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නා රජු නාගයින් කීපදෙනෙක්ව අනුරාධපුරයට එවනවා.
    නාගයෝ කියන්නෙ ජනවර්ගයක්. නාගලන්තය කියල පලාතක් ඉන්දියාවේත් තියෙනවා.

    කැලණියේ හිටපු නාගයෝ ඉන්දියාවේ නාගයෝමද කියල කවුරුත් හොයල නෑ
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,259
    1
    2,932
    113
    නාගයෝ කියන්නෙ ජනවර්ගයක්. නාගලන්තය කියල පලාතක් ඉන්දියාවේත් තියෙනවා.

    කැලණියේ හිටපු නාගයෝ ඉන්දියාවේ නාගයෝමද කියල කවුරුත් හොයල නෑ
    Naga loke wenama tiyenawa eyala අමනුෂ්‍ය කොට්ටාශයක් bro oya trust kale nathi unata
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    නාගයෝ කියන්නෙ ජනවර්ගයක්. නාගලන්තය කියල පලාතක් ඉන්දියාවේත් තියෙනවා.

    කැලණියේ හිටපු නාගයෝ ඉන්දියාවේ නාගයෝමද කියල කවුරුත් හොයල නෑ
    Correct... Somewhere in Assam
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113


    ඒ කාලෙත් දැන් වගේම අඩු කුලේ බයියෝ තමා ඉඳල තියෙන්නේ

    sirawata. mewa okkoma thanikara boru. godak ape ithihasaye thiyana stories and budu dahame thiyana stories athishayokthiyen pennapu dewal. eken ettatama budu dahamata loku haniyak wela thiyenne

    budu dahame nam oya stories okkoma ethi wela thiyenne e kale india wala thanikarama dewa wadi agam thama thibbe. ekata match wena widiyata thama mun buddagamath modify kale. anda bakthiya ethi karana chethanawen.

    anthimata wela thiyenne kawruth Buddhism wala core eka gena talk karanne ne, me wage ascharyawath katha thama kiyala saaadu kiyanne

    dutu gemunu mathree budu hamuduruwange agasaw wenawa kiyala eka thenaka kiyala. ehema wena kenek me widiyatada merune kiyala issue ekak katawath wenne ne. e tharam andai bakthiya.
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,494
    6,344
    113
    රුවන්වැලි මහා සෑය සදා නිම කරවා තිබ්බේ නැත්නම් නාග ලෝකයෙන් රුවන්වැලි මහා සෑය වන්දනා කරන්න ආවේ කොහොමද. එතන පොඩ්ඩක් පැහැදිලි මදි

    දැන් මිනිස්සුන්ට විහිලුවක් උනාට අහල තියෙන විදිහට නාග ලෝකයට යන එක දොරක් තියෙන්නේ කැලණි රජ මහා විහාරය කිට්ටුව
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    රුවන්වැලි මහා සෑය සදා නිම කරවා තිබ්බේ නැත්නම් නාග ලෝකයෙන් රුවන්වැලි මහා සෑය වන්දනා කරන්න ආවේ කොහොමද. එතන පොඩ්ඩක් පැහැදිලි මදි

    දැන් මිනිස්සුන්ට විහිලුවක් උනාට අහල තියෙන විදිහට නාග ලෝකයට යන එක දොරක් තියෙන්නේ කැලණි රජ මහා විහාරය කිට්ටුව
    Yes.. That's where that Nagaya came out with a loud noise....:ROFLMAO:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    sirawata. mewa okkoma thanikara boru. godak ape ithihasaye thiyana stories and budu dahame thiyana stories athishayokthiyen pennapu dewal. eken ettatama budu dahamata loku haniyak wela thiyenne

    budu dahame nam oya stories okkoma ethi wela thiyenne e kale india wala thanikarama dewa wadi agam thama thibbe. ekata match wena widiyata thama mun buddagamath modify kale. anda bakthiya ethi karana chethanawen.

    anthimata wela thiyenne kawruth Buddhism wala core eka gena talk karanne ne, me wage ascharyawath katha thama kiyala saaadu kiyanne

    dutu gemunu mathree budu hamuduruwange agasaw wenawa kiyala eka thenaka kiyala. ehema wena kenek me widiyatada merune kiyala issue ekak katawath wenne ne. e tharam andai bakthiya.
    මාත් ගොඩක් පියෝ බුඩිසම් හොයාගෙන කියෝනවා විශේශෙන්ම බුඩිස්ට් කොස්මොලොජි.
     
    • Like
    Reactions: NRTG