පසුගිය මාසේ මුල සංචාරයෙන් පසු වෙන කොහෙවත් යන්නත් බැරි උනා.. ඉතින් මේ මාසේ මුල්ම සතියේ , මගේ ට්‍රිප් ලිස්ට් එකේ තිබ්බ "එඩේරගල වන සෙනසුන" බලන්න යන්න හිතා ගත්තා. උදේ 5 ට ගෙදරින් පිටත් වෙලා, බස් එකකින් උදේ 5.30 වෙද්දි කිරිබත්ගොඩට ආවා. දඹුල්ල පැත්තට යන්න බස් එකක් එනකන් බස් හෝල්ට් එකේ බලන් හිටියා. උදේ 5.45 ට ආව ශ්‍රීපුර සීටීබී බස් එකට නැගලා වාඩි උනා. රු.610 ක ටිකට් එකක් ගත්තා දඹුල්ලට. ගලේවෙල හරියෙදි බස් එක තේ බොන්නත් නැවැත්වුවා. එතනින් උදේට කෑවා. උදේ 9.25 ට දඹුල්ල ඔරලෝසු කනුව ලග හෝල්ට් එකේ බැස්සා. *[එහෙම බහින්නෙ නැතුව ත්‍රිකුනාමලය/හබරන පැත්තට යන පාරේ බස් එකක ආවනම් පන්සල ලගින්ම බස්ස ගන්නත් පුලුවන් වේවි (Not Sure) ] හෝල්ට් එකේ ඉද්දි 9.55 ට විතර ආව, සීගිරිය බස් එකේ නැගලා වාඩි උනා. රු.50 ක ටිකට් එකක් ගත්තා. උදේ 10 ට පන්සලට ලග හෝල්ට් එකේන් බැහැලා, ඉස්සරහට පයින් ගිහින් පාර පැන්නා. "එඩේරගල වන සෙනසුන" ලෙස ගහපු බෝඩ් හා මකර තොරණක් තිබ්බා. එතනින් ඇතුල් උනා. වාහන නවත්වන රථගාලකුත් තියනවා. ඒකත් පහු කරන්. පන්සල ඇතුලට ඇතුල් උනා. බෝධීන් වහන්සේ, බුදු මැදුරක්, විශාල ගල් තලා, ස්වාමීන්වහන්සේලා වැඩසිටින කුටි තිබුනා. ඒවාත් පහු කරලා ගල් පඩි පෙල් දිගේ උඩටම නගින්න තියනවා. අවසන් කොටසේ තමයි මේ සේනාසනයේ ඇති ලස්සන කොටස බලා ගන්න පුලුවන් වෙන්නේ... විශාල ගල් තලාවක් මැදින් සාදා ඇති පඩිපෙලක ඉහලටම ගියාම අවසානයේ චෛත්‍යයක් තියෙනවා... එතන තමයි View Point එක. දඹුල්ල අවට ඉතාමත් ලස්සනට බලා ගන්න පුලුවන්... ටිකක් ඈතින් සීගිරිය හා පිදුරන්ගල පැහැදිලිව පේන්න තියනවා...*පහල කෙටි වීඩියෝව බලන්න.. විශාල වනාන්තර ප්‍රදේශයක්, තවත් අවට ඇති සිද්ධස්ථානත් බලා ගන්න පුලුවන්.. අංශක 360 වීව් එකක්... හවසක ඉර බසින වෙලාවක ආවනම් හොද වීව් ඒකක් බලා ගන්න පුලුවන් වේවි..
එඬේරගල වන සෙනසුන ශ්‍රී ලංකාවේ ඓතිහාසික හා ආගමික වැදගත්කමක් ඇති ආරණ්‍ය සේනාසනයක්. ක්‍රිස්තු පූර්ව 2 වන සියවස දක්වා දිගු ඉතිහාසයක් තියනවා.. පුරාණ ලෙන් විහාර සහ පැරණි ශිලා ලේඛන (බ්රාහ්මී ශිලා ලිපි) බලා ගන්න පුලුවන්. අක්කර 48 කට වඩා විහිදුනුවන රක්ෂිතයක තමයි මෙම සෙනසුන ඉදිවෙලා තියෙන්නෙ.. 1963 දී පමණ වර්තමාන ආරණ්‍ය සේනාසන ස්වරූපයට ගොඩ නැගීම ආරම්භ වෙලා තියෙන්නෙ.
.
* විනාඩි 5 ක කෙටි වීඩියෝව බලන්න:
.
* කිරිබත්ගොඩ - දඹුල්ල (බස්) : රු.610/- | පැය 03 විනාඩි 30
* දඹුල්ල - එඩේරගල වන සෙනසුන (බස්) : රු.50 /- | විනාඩි 05-10
.
.
* මම තනියම ගිය මේ වගේ ට්‍රිප් 100 ගනනක් බලන්න...
පසුගිය සියලුම සංචාරයන් Index >>>>
(C) Solo Travel King | Heiyanthuduwa | Sri Lanka.

Last edited: