සීනි දියකර හරින චිප් එකක්

chanaka

Well-known member
  • May 4, 2006
    3,249
    854
    113
    සීනි විදුලියෙන් දියකර හරින පුංචි චිප් එකක්!

    886191074_1640595747765101_3673409950468153310_n.jpg

    ​
    දෙවන වර්ගයේ දියවැඩියාවට (Type 2 Diabetes) කිසිම ඖෂධයක් හෝ ඉන්සියුලින් එන්නත් භාවිත නොකර, සම්පූර්ණයෙන්ම ඉලෙක්ට්‍රොනික සහ රසායනික ක්‍රමයකින් විසඳුමක් දෙන්න ස්විට්සර්ලන්තයේ සුප්‍රකට ETH Zurich සරසවියේ පර්යේෂකයන් පිරිසක් සමත් වෙලා තියෙනවා. ලොව ප්‍රමුඛතම Science විද්‍යා සඟරාවේ පළවූ මේ අපූරු පර්යේෂණය මෙහෙයවන්නේ සුප්‍රකට විද්‍යාඥ මාටින් ෆුසෙනෙගර් (Martin Fussenegger) ඇතුළු කණ්ඩායමයි.

    මෙය ක්‍රියාත්මක වෙන්නේ සිරුර තුළ තැන්පත් කරන කුඩා වයර්ලස් ඉලෙක්ට්‍රොනික චිපයක් (Wireless Implant) මඟින්:
    අතේ පළඳින ග්ලූකෝස් සෙන්සරයක් මඟින් ආහාර ගැනීමෙන් පසු රුධිරයේ සීනි මට්ටම නිරන්තරයෙන් නිරීක්ෂණය කරනවා.
    සංඥාව: සීනි මට්ටම ඉහළ ගිය වහාම ස්මාර්ට් ජංගම දුරකථනය හරහා සිරුර ඇතුළේ තියෙන කුඩා චිපයට වයර් රහිත සංඥාවක් (Wireless Signal) ලැබෙනවා.

    චිපය තුළ රත්තරන් සහ ප්ලැටිනම් නැනෝ අංශු අඩංගු විශේෂ මිනිරන් තන්තු උත්ප්‍රේරකයක් (Graphite felt catalyst) තිබෙනවා. විද්‍යුත් ධාරාව සක්‍රිය වූ සැණින්, එමඟින් රුධිරයේ ඇති අමතර සීනි "ග්ලූකොනේට්" (Gluconate) නම් හානිකර නොවන සංයෝගයක් බවට පත් කරනවා.හැදෙන ග්ලූකොනේට් මුත්‍රා සමඟ සිරුරෙන් ස්වභාවිකවම පිටව යන අතර, සීනි මට්ටම සාමාන්‍ය අගයට ආ විගස පද්ධතිය ඉබේම ක්‍රියාවිරහිත (Switch off) වෙනවා.

    පර්යේෂණාගාර ප්‍රතිඵල

    දියවැඩියාව සහිත සතුන් යොදාගෙන සති 6ක් පුරා සිදුකළ පර්යේෂණවලදී රුධිරයේ සීනි මට්ටම ඉතාම නිවැරදිව පාලනය වී අමතර සීනි සිරුරේ මේදය ලෙස තැන්පත් වීම නැවතුණු නිසා, ශරීර බර 10%කින් පමණ අඩු කරගන්නත් හැකි වී තිබුණා පටකවලට හෝ සිරුරට කිසිදු හානියක් වී නැ​
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,313
    2,538
    113
    United States
    අතේ සෙන්සර් එකෙන් ෆෝන් එකට, ෆෝන් එකෙන් ඇඟ ඇතුලෙ චිපයට සිග්නල් යන වැඩේ නම් නියමයි. ඒත් ෆෝන් එක නැතුව ගිය දවසට සීනි වැඩි වුණොත් මොකද වෙන්නෙ කියල හිතෙනවා
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,129
    10,289
    113
    සීනි විදුලියෙන් දියකර හරින පුංචි චිප් එකක්!
    සුපිරි research එකක් බං, ඒත් පොඩ්ඩක් ඉවසපල්ලා. මේක තාම test කරලා තියෙන්නෙ මීයො එක්ක විතරයි, මිනිස්සුන්ට test කරලා නෑ. electrode එකෙන් glucose එක gluconate කරලා මීයන්ගෙ සීනි සති 6ක් විතර control කරලා තියෙනවා.
    ඉතින් අද හෙට ෆාමසියට එන එකක් නෙවෙයි, ඩොක්ටර් දීපු බෙහෙත් නවත්තන්න එපා මචං 💪

    මෙන්න බං 👍 ETH Zurich එකේ Martin Fussenegger ගේ team එකේ research එකක්. Science journal එකේ publish වෙලා තියෙන්නේ:
    Wireless electrocatalytic closed-loop system for drug-free management of diabesity
    https://doi.org/10.1126/science.ady8560

    ලේසියෙන් කියවන්න summary එකක් ඕන නම්:
    https://www.sciencedaily.com/releases/2026/10/261031221151.htm

    තාම diabetic මීයො එක්ක සති 6ක test එකක් විතරයි, මිනිස්සුන්ට clinical trials තාම පටන් අරන් නෑ.
    ------ Post added on Nov 5, 2026 at 5:12 PM
     
    mama_hitler

    Junior member
  • Oct 30, 2026
    47
    71
    18

    thanks brother
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,132
    4,703
    113
    දියවැඩියාව සහිත සතුන් යොදාගෙන සති 6ක් පුරා සිදුකළ පර්යේෂණවලදී රුධිරයේ සීනි මට්ටම ඉතාම නිවැරදිව පාලනය වී අමතර සීනි සිරුරේ මේදය ලෙස තැන්පත් වීම නැවතුණු නිසා, ශරීර බර 10%කින් පමණ අඩු කරගන්නත් හැකි වී තිබුණා පටකවලට හෝ සිරුරට කිසිදු හානියක් වී නැ​
    :rofl: bees. humming birds?