අධික වර්ෂාව හේතුවෙන් කොළඹ මාර්ග රැසක් ජලයෙන් යට වෙයි

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,780
    11,267
    113
    Nugegoda, Sri Lanka
    දිවයින පුරා අද (06) පස්වරුවේ දැඩි වර්ෂාපතනයක් පතිත වූ බව කාලගුණ දත්ත වාර්තා පවසයි.

    ඉන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යට වූ අතර ගමනාගමනයට බාධා එල්ලවිය.

    ඒ අනුව කොල්ලුපිටිය සිට ගාලු පාර ප්‍රදේශ මෙන්ම බොරැල්ල, මරදාන සහ ආමර් වීදිය ඇතුළු කොළඹ නගරයේ ප්‍රධාන මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

    අධික වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම හේතුවෙන් වාහන ධාවනයට බාධා පැමිණ ඇති බව වාර්තා වෙයි.

    එමෙන්ම නාවලපිටිය නගරය ද ජලයෙන් යට වී ඇති අතර එහිදී නාවලපිටිය බස්නැවතුම්පොළ, ඇතුළු නාවලපිටිය - නුවර ප්‍රධාන මාර්ගය, නාවලපිටිය නගරසේ සිට කිලෝමීටරයක පමණ ප්‍රදේශයක් ජලයෙන් යටවී ඇති බවද සඳහන් වේ.

    තවද අධිවේගී මාර්ග පිවිසුම් අසල ද දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙන බවට තොරතුරු වාර්තා වෙයි.

    පවතින තත්ත්වය හේතුවෙන් හැකි සෑම විටම ප්‍රවේශම් වන ලෙසත් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

    මේ අතර අධික වැසි හමුවේ කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර සංඥා පද්ධතියේද හදිසි බිඳ වැටීමක් සිදුව ඇත.


    https://sinhala.adaderana.lk/news/254264

    image
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,505
    2,628
    113
    United States
    කොල්ලුපිටියේ ඉඳන් ගාලු පාරේ එහෙම වතුරට යට වෙලා නම් අද රෑ යන්න එපා, විකල්ප පාරක් බලලා පරිස්සමින් යන්න. නාවලපිටිය පැත්තෙත් කිලෝමීටරයක් විතර යට වෙලා කියන්නේ හරිම බරපතළයි.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,982
    79,062
    113
    දිවයින පුරා අද (06) පස්වරුවේ දැඩි වර්ෂාපතනයක් පතිත වූ බව කාලගුණ දත්ත වාර්තා පවසයි.

    ඉන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යට වූ අතර ගමනාගමනයට බාධා එල්ලවිය.

    ඒ අනුව කොල්ලුපිටිය සිට ගාලු පාර ප්‍රදේශ මෙන්ම බොරැල්ල, මරදාන සහ ආමර් වීදිය ඇතුළු කොළඹ නගරයේ ප්‍රධාන මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

    අධික වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම හේතුවෙන් වාහන ධාවනයට බාධා පැමිණ ඇති බව වාර්තා වෙයි.

    එමෙන්ම නාවලපිටිය නගරය ද ජලයෙන් යට වී ඇති අතර එහිදී නාවලපිටිය බස්නැවතුම්පොළ, ඇතුළු නාවලපිටිය - නුවර ප්‍රධාන මාර්ගය, නාවලපිටිය නගරසේ සිට කිලෝමීටරයක පමණ ප්‍රදේශයක් ජලයෙන් යටවී ඇති බවද සඳහන් වේ.

    තවද අධිවේගී මාර්ග පිවිසුම් අසල ද දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙන බවට තොරතුරු වාර්තා වෙයි.

    පවතින තත්ත්වය හේතුවෙන් හැකි සෑම විටම ප්‍රවේශම් වන ලෙසත් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

    මේ අතර අධික වැසි හමුවේ කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර සංඥා පද්ධතියේද හදිසි බිඳ වැටීමක් සිදුව ඇත.


    https://sinhala.adaderana.lk/news/254264

    image
    රනිල් කානු ටික වහලා ගිහිල්ලලුද බන්? 🤭 🤭
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,915
    6,013
    113
    වැව්ම කියක්ද බලපන්. හාරසිය පනහක් හදනවා කිව්වාම හිනා උනේ. දැන් අපිට බම්බල පිටිය වැව ආමර් වැව ජාවත්ත වැව රොස්මිඩ් වැව කෙසෙල්වත්ත වැව් වගේ බර ගානක් තියනවා
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,824
    5,916
    113
    රනිල් කානු ටික වහලා ගිහිල්ලලුද බන්? 🤭 🤭
    මේකෙ එවුන් වැස්සට එක එක කියල නමුත් නිසි කලට කොළඹට වැසි ලැබුනෙ අපේ අනුර අය්යගෙ වාසනාව නිසයි💦

    අපේ බැල්තසාර් මැඩම් වහින එක වතුර බින්දුවක් වත් කොළඹින් පිට ගලායන්න නොදී ටවුමෙ රදව ගත්ත එක කොච්චර ඓතිහාසික ජයක්ද පරාක්‍රමබාහු රජ්ජුරුවන්ට පස්සෙ මේ උනාමලු🛁🛀
     
    Last edited:

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,715
    4,226
    113
    colombo
    එක අතකට කොළඹ ඉන්න මෝඩ HTTPL ට යසයි.. ඔය තියෙන්නේ චේන්ජ් එක සුපිරියටම.. ආයේ හැඳිගෑවිලාම යනව..
    ඊට පස්සේ හම් බ නාගැදිපති කෙනෙක් එන්නේ වූ ඊට වඩා හපන්.


    කොළඹ මාලිමා ව දිනපු එක නම් හොදයි. වැඩ පෙන්නුවේ නැති වුණත් අරුන් ඊට වඩා අජූතයි
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,982
    79,062
    113

    91 ඉඳන් වැඩ කරපු එකෙක් කියනවා මුල් පාරටලු මෙහෙම උනේ කියලා.

    දැන් සිරස උන් 2000 ඉඳන් කොළඹ යටවෙච්ච ඒවල විඩියෝ හොයනවා ඇති මේක හෝදන්න 🤭
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,824
    5,916
    113
    Everything seems fucked up!





    සිරසෙ ශෙවාන් ඩැනියල්ට ආතල් ගන්න වියදම් කරපු මේ රටේ ජනතාවගෙ දුප්පත් ධනය මිලියන 104 මේවට වියදම් කරනම් මේ දුප්පතුන් බේත් ටිකගන්න කොළඹ මහ රෝහල යටවෙන්නෙ නෑ💦😥😪😣😦