ලංකාවට එන ඊශ්රායලයිට් ලගෙ නරක හැසිරීම් තමා තියෙන්නෙ. හේතුව බන් ඔය එන්නෙ එක කාණ්ඩෙක උන්. බොහෝ අය තරුණයො, IDF එන්ලිස්ට් උන හෝ හැරයන හෝර්මෝනල් සෙට් එක. මුන් ජීවත් වෙන වැඩකරන වාර්ගිකව ස්වෝත්තමවාදී උද්දච්ච පරිසරේ ප්‍රතිඵලයක් ඔය හැසිරීම. වෘත්තිමය ගැටලුවක්.
මේවට අනිවාර්යෙන් කතාකරන්න ඕනෙ. හැබැයි පරිස්සමින් පරිණතව. අශීලාචාර ඊශ්‍රායලීය ටුවරිස්ට් ලට විරෝධයක් මිසක් යුදෙව් විරෝදයක් ලයින් එකකට හයිජැක් කරන්න දෙන්නැතුව. ඒව අදාල නෑනෙ අපිට. කොහොමත් යුදෙව් ප්‍රජාව ඊශ්‍රායලයට වඩා විශාලයි සංඛ්‍යාවෙන් නෙමේ හැම අතින්ම.