වලියක් යකෝ වලියක් ! වම්මා සලි !!

dilann

Well-known member
  • Jul 6, 2018
    69,834
    170,964
    113
    එකමත් එක රටක
    එහෙම දෙයක් වෙනවා කියලා තියෙන්නේ කාගේවත් නීතියක් සම්මුතියක් නෙවෙයි.

    "සෑම ක්‍රියාවකට විශාලත්වයෙන් සමාන එහෙත් දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් පවතී"

    කිව්වම කරන්න තියෙන දෙයක් එක්ක පරීක්ෂණ කරලා ඔප්පු කරන්නේ නැතුව. එහෙම කොහොමද නිව්ටන් හදපු සම්මුති වලට බලය හැසිරෙන්නේ වගේ තර්ක කර කර ඉන්නවා වගේ දෙයක් නෙ මේ.

    කොහොම නමුත් මේකත් අලුත් කතාවක් නන් නෙවෙයි. ඕකම ඔය විදියට සුද්ධෝදන රජතුමා රහත් වෙච්ච කතාව එක්කම මීට කලින් නූලක් කතා උනා උබ එක්ක.
    නිවටං හදපු සම්මුති කතාව අදාළ නෑ නේ මෙතනට .
    නිව්ටන් තියන දෙයක් පැහැදිලි කරපු එක කරේ .

    මහන වෙන්න ඕන කරන අවසර ගැනීම කාලයත් එක්ක වෙනස් වෙච්ච විනය නීති , හදාගත්ත ආයතනික සම්මුති දෙයක් .. මුල් කාලේ මහන උපසම්පදාව දීල තියෙන්නත් ඔහොම නෙවෙයි . ඔය විනය නීති පස්සේ ඕන වෙලා තියෙන්නේ කාලයක් යද්දී ආපු ප්‍රශ්න නිසා .

    මම ඇහුවේ ඒ වගේ කාලයක් යද්දී හදාගත්ත දේවල් මත හිත දියණු කරගත්තා කෙනෙක්ගේ ජිවිත වෙන්වාඩ් නැද්ද කියන දේ තීරණය වෙන්න විදියක් නෑ කියලා .
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,345
    5,134
    113
    Sri Lanka
    මැරෙන එක නෙවයි බන් නීතිය . මැරෙන එක ගිහිගෙයි හිටියොත් මැරෙන එක /පිරිනිවන් පාන එක ධර්මතාවය ලු .
    ------ Post added on Nov 12, 2026 at 6:28 PM
    ඉතින් බන් රහත් උනා කියලා ඒ මනුස්සය එක පාර වාශ්ප වෙන්නෙ නෑ. ඉන්න ජිවිතෙ ඉදලා මැරුනාට පස්සෙ ඉපදෙන්නෙ නෑ කියලානෙ තියෙන්නෙ. අනික මන් අහලා තියෙන විදිහට බුදු හාමුදුරුවෝ නීති දාලා නෑ රහත් උනා කියලා මහන වෙන්නම ඕනි කියලා.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,263
    10,728
    113
    මාර්ග පල ලබන්න , රහත් වෙන්න කාගෙන්වත් අවසර ඕන ද ?
    ඕනි නෑ. ඒත් බුද්ධ ශාසනයේ හාමුදුරු කෙනෙක් කෙනෙක් වෙන්න නන් උපාධ්‍යායන් වහන්සේ කෙනෙක් ඕනි. එහෙම නැතුව තමන් තනියම මහණ වෙලා වැඩ කරගෙන යනකොට හාමුදුරු කෙනෙක් කියල බොරු කියන්න බෑ.
    :love:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,834
    170,964
    113
    එකමත් එක රටක
    ඉතින් බන් රහත් උනා කියලා ඒ මනුස්සය එක පාර වාශ්ප වෙන්නෙ නෑ. ඉන්න ජිවිතෙ ඉදලා මැරුනාට පස්සෙ ඉපදෙන්නෙ නෑ කියලානෙ තියෙන්නෙ. අනික මන් අහලා තියෙන විදිහට බුදු හාමුදුරුවෝ නීති දාලා නෑ රහත් උනා කියලා මහන වෙන්නම ඕනි කියලා.
    ඕක තියෙන්නේ හැබැයි පස්සේ කාලේ ලියපු තැනක . අර මිලින්ද ප්‍රශ්නේ ඕක තියනව
    එතකොට උත්තරක් විදියට දෙන්නේ ගිහි විදියට ඉන්න බෑ , එක්කෝ මහන වෙන්ව නැත්නම් එදාම මැරෙනවා කියල කිසි පදනමක් නැති ලොජික් එකක් නැති උත්තරක් දීල තියනව .
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,102
    104,012
    113
    නිවටං හදපු සම්මුති කතාව අදාළ නෑ නේ මෙතනට .
    නිව්ටන් තියන දෙයක් පැහැදිලි කරපු එක කරේ .
    ඉතින් මෙතනත් එහෙම තමා. මහන නොවී ඉන්න බෑ. එක්කෝ තනියම අවබෝධ කරගෙන පසේ බුදු කෙනෙක් වෙන්න ඕනි නැත්තන් බුදු වෙන්න ඕනි.

    මහන වෙන්න ඕන කරන අවසර ගැනීම කාලයත් එක්ක වෙනස් වෙච්ච විනය නීති , හදාගත්ත ආයතනික සම්මුති දෙයක් .. මුල් කාලේ මහන උපසම්පදාව දීල තියෙන්නත් ඔහොම නෙවෙයි . ඔය විනය නීති පස්සේ ඕන වෙලා තියෙන්නේ කාලයක් යද්දී ආපු ප්‍රශ්න නිසා .
    මේ කතාව විනය නීතියක් නෙවෙයි. ඕක මිලින්ද ප්‍රශ්නෙදි තමා අහලා තියෙන්නේ.
    මම ඇහුවේ ඒ වගේ කාලයක් යද්දී හදාගත්ත දේවල් මත හිත දියණු කරගත්තා කෙනෙක්ගේ ජිවිත වෙන්වාඩ් නැද්ද කියන දේ තීරණය වෙන්න විදියක් නෑ කියලා .
    ඕක ධර්මතාවයක් නන් වෙන දෙයක් නං එහෙම වෙයි නැත්තං නැති වෙයි. දැනට පරීක්ෂණ කරපු අය එහෙම කියලා තියෙනවා. අපි දෙන්නම දැන් තර්ක කරාට ඕක test කරන්න බෑ කියලා තියෙන path එකේ ගිහින් තමා බලන්න වෙන්නේ.

    මෙන්න මේකේ ඔය කතාව ඔහොම්ම අහගෙන ගිහිං තියෙනවා.

    https://elakiri.com/threads/කොහොමඳ-නුවණ-ලබන්නේ.2262480/
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,345
    5,134
    113
    Sri Lanka
    ඕක තියෙන්නේ හැබැයි පස්සේ කාලේ ලියපු තැනක . අර මිලින්ද ප්‍රශ්නේ ඕක තියනව
    එතකොට උත්තරක් විදියට දෙන්නේ ගිහි විදියට ඉන්න බෑ , එක්කෝ මහන වෙන්ව නැත්නම් එදාම මැරෙනවා කියල කිසි පදනමක් නැති ලොජික් එකක් නැති උත්තරක් දීල තියනව .
    ඔව්. ඒක බුද්ධ වචනෙ නෙවෙයිනෙ.

    බුදු දහමේ ගොඩාක් හොද දේවල් තියෙනවා. ගොඩාක් දේවල් තමන්ගේ ජීවිතෙට ගන්න පුලුවන් දේවල්. කාටවත් කරදර කරන්න කියලා ඒකෙ කියලා නෑ. ඒත් දැන් කාලේ මේ වගේ චීවරධාරීන් සහ අන්ධබක්තිකයන් නිසා ඒ හොඳ දේවල් ගැන මිනිස්සු කතා කරන්නෙ නෑ.

    ප.ලි: මම හොඳ බෞද්දයෙක් නෙවෙයි. කාලා බීලා ඉන්න ඩයල් එකක්. හැබැයි පුලුවන් විදිහට බුදු දහම පිලිපදිනවා.
     

    udesh.roach

    Well-known member
  • Oct 10, 2010
    933
    1,343
    93
    supiri ganayo kelaganiddi :lol::lol:

    Instagram Fighting GIF
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,471
    12,755
    113
    Piliyandala
    එහෙන් අය වැය හීනීයට යද්දී මෙහෙන් කසුන් ලා ගේමක් කෝල් කරගෙන ඩෙනා නටනව,

    වැඩේ යටින් යන බව නම් පෙනේ, සියල්ල දිහා බලලා තම තමන්ගේ වැඩ කරගනිල්ලා ඔව්වවට ඇටෙන්ශන් ඔනේ නෑ
     

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,550
    1,768
    113
    Morally Bankrupt Sri lanka
    meketh ekek hitiya beli kapanna one kiyala ke gahan ekek me sinhala budhha un ge hetida koheda unta mala pennama limit paninawa, oya wedi bana kiyana ungen puwesam weyalla unge aege inna satha aliyata pennama karanna one amu jara wedak unath karayi
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,605
    2,101
    113
    colombo
    මාලිගා තුනක් හදාගෙන පාටි දදා , බඩු ගහ ගහ ඉදල බන්
    මාලිගාවක් නම් නෙමෙයි... හැබයි අර ලී කෑලි දෙක හරහට තියලා ගවමඩුවකදි බස්සලනෙ හම්බබුනේ.. මූ ඉඳල තියෙන්නෙ ගවරැලක් බලාගෙන. උඹ ඒ කාලෙ ඒකෙ ගවයෙක්... අර බස්සපු එක මතක් වෙන්න ලී කෑලි දෙක උස්සන් යන්න දෙන්නෙ අන්තිමට...
    ලංකාවෙත් සුදු එව්වගෙන් කන්න දෙකට නැමුණ එවුන්ට පස්සෙ කරනකොට පිළිම පෙනිලනෙ.. උඹලගෙ පරම්පරාව බිහි උනේ... ඒක මතක් වෙන්න හන්දියක් ගානෙ එකක් හදනව..
     

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,550
    1,768
    113
    Morally Bankrupt Sri lanka
    නිවුස් ෆීඩ් එක!
    🐈‍⬛
    💥

    නිකමට හිතන්නකෝ ඔයයි යාළුවෝ සෙට් එකයි එකතු වෙලා කෑම මේසෙක වාඩිවෙලා හරිම බරපතල ප්‍රශ්නයක් ගැන කතා කර කර ඉන්නවා කියලා. උදාහරණෙකට, මේ මාසේ ගෙදර වියදම කොහොමද කවර් කරගන්නේ, ණය ගෙවන්නේ කොහොමද, ඊළඟ අවුරුද්දේ බජට් එක බැලන්ස් කරගන්නේ කොහොමද වගේ ඔළුව රත්වෙන සීරියස් ටොපික් එකක්.
    ඔන්න ඔය වෙලාවේ කතාව යන පැත්ත ගැන මේසේ ඉන්න එකෙක්ට එච්චර සතුටක් නෑ. මිනිහට ඕනේ මේ කතාව වහාම නවත්තලා හැමෝගෙම අවධානය වෙන පැත්තකට හරවන්න. ඉතින් මිනිහා මොකද කරන්නේ?
    කොහෙන්දෝ උස්සන් ආපු මැරුණු පූසෙක්ව ගෙනත් "දඩාස්" ගාලා අර කෑම මේසේ මැද්දට අතාරිනවා!
    🙀

    දැන් මොකද වෙන්නේ? අර මෙච්චර වෙලා කතා කර කර හිටපු බජට්, වියදම්, ණය ඔක්කොම කැලේ! මේසේ වටේ ඉන්න හැමෝම කතා වෙන්නේ එකම එක දෙයක් ගැන විතරයි:
    "ඊයා ඕයි! මොකද්ද මේ මේසේ උඩ ඉන්න මැරුණු පූසා? කවුද මූව මෙතනට දැම්මේ? මාර ගඳයිනේ!"
    දේශපාලනයේදී සහ මීඩියා වලදී මේකට තමයි කියන්නේ "Dead Cat Theory" (මැරුණු පූසාගේ තියරිය) කියලා. මේක හොයාගත්තේ අපි නෙවෙයි, බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති බොරිස් ජොන්සන්ගේ දේශපාලන උපදේශකයෙක් වුණු ලින්ටන් ක්‍රොස්බි (Lynton Crosby) තමයි මේ තියරිය ලෝකෙටම ප්‍රසිද්ධ කළේ.
    තියරිය හරිම සරලයි:
    රටේ මිනිස්සුන්ට බලපාන ලොකු, සංකීර්ණ, එහෙමත් නැත්නම් ආණ්ඩුවලට උත්තර දෙන්න ටිකක් අමාරු මාතෘකාවක් කරළියට එනකොටම, ඊට වඩා හෙනම ඩ්‍රාමාටික්, ඇඟ කිළිපොලා යන, කුණු රසය හරි කම්පනය හරි උපරිමයෙන්ම තියෙන වෙන සිද්ධියක් මේසේ උඩට වැටෙනවා. එතකොට මුළු රටම අර ප්‍රධාන ප්‍රශ්නේ පැත්තකින් තියලා මැරුණු පූසා වටේ රොක් වෙනවා.
    දැන් පොඩ්ඩක් අද අපේ ෆේස්බුක් ෆීඩ් එකයි නිවුස් චැනල් ටිකයි දිහා බලමුකෝ...
    👀

    එක පැත්තකින් අද මුළු රටේම ඉදිරි අනාගතය, අපේ සාක්කුවට වැටෙන ගාණ, බදු ප්‍රතිපත්ති සහ රුපියල් ට්‍රිලියන ගණන් එහා මෙහා වෙන අයවැය (Budget) පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන දවස. හරිනම් අද හවස් වෙද්දී අපි හැමෝම කතා වෙන්න ඕනේ ඒ ඉලක්කම් ගැන, රට යන ආර්ථික පාර ගැනනේ.
    හැබැයි අද දවසේ ට්‍රෙන්ඩින් නම්බර් වන් මොකද්ද?
    අනුරාධපුරේ උපවාස භූමියක් මැද්දේ ගියපු පොලු හරඹයකුයි, කුංෆු පාරවල් ටිකකුයි, ඔළු පලාගෙන ලේ හලාගන්න WWE මැච් එකකුයි!
    🥊
    💥
    බලන බලන හැම තැනම බ්‍රේකින් නිවුස්, ලයිව් වීඩියෝ, ස්ලෝ-මෝෂන් රිප්ලේ! අයවැය කතාව පැත්තකට දාලා දැන් මුළු රටම කමෙන්ට් සෙක්ෂන් වල බෙදිලා රණ්ඩු වෙනවා කවුද හරි, කවුද වැරදි, කාගේ පොලු පාරද සැර කියලා.
    මම මේ කියන්නේ මේ ගහගැනිල්ල කවුරුහරි ප්ලෑන් කරලාම අද දවසේම කළා කියලා නෙවෙයි. සමහරවිට මේක තනිකරම අහම්බයක් වෙන්න පුළුවන්. හැබැයි ඉතිහාසය පුරාවටම ලෝකේ ඕනෑම රටක දේශපාලනය දිහා බැලුවම, මේ වගේ තීරණාත්මක දවස්වලටම හරිම පුදුම විදිහට කොහෙන් හරි "මැරුණු පූසෙක්" නිවුස් ෆීඩ් එක මැද්දට පාත් වෙන එක නම් මාරම කලාවක්!
    😂

    සමහර වෙලාවට පූසාව කවුරුත් විසි කරන්න ඕනෙත් නෑ; අපේ මීඩියා වලටයි, ඩ්‍රාමා බලන්න ආස අපිටයි කොහේ හරි ගහගන්න සද්දයක් ඇහුණු ගමන් අපිම ගිහින් පූසාව උස්සන් ඇවිත් අපේ කෑම මේසේ උඩ තියාගන්නවා. ඊට පස්සේ අපේ පොකට් එකට කෙලින්ම බලපාන දේවල් අමතක කරලා, අර පූසාගේ මයිල් ගණන් කර කර සතියක් විතර යනකන් ෆේස්බුක් එකේ මරාගන්නවා.
    ඉතින් යාළුවනේ, ෆෝන් එක ස්ක්‍රෝල් කරද්දී ලේ# පෙරාගත්තු බ්‍රේකින් නිවුස්, මෙගා ඩ්‍රාමා දැක්කට කමක් නෑ... හැබැයි පොඩ්ඩක් ඔළුව උස්සලා බලන්න මේසේ යටින් ඇත්තටම මොනවද පාස් වෙන්නේ කියලත්! මොකද පූසා දිහා බලන් ඉද්දී පිඟානේ තියෙන බත් ටිකට මොකද වෙන්නේ කියලා හොයාගන්න බැරි වෙන්න පුළුවන්!
    😉
    👇

    අපි හැමදාම රැවටෙන්නේ මේසේ උඩට වැටෙන පූසන්ටද, නැත්නම් අපිමද මේ ඩ්‍රාමා ඉල්ලන්නේ?
    🤔



    meki puso marana ekiyakda, mekitath pissu da koheda 😂